නාවල පිහිටි පීකොක් මන්දිරිය හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාගේ පදිංචියට නොදෙන බවත්, තමා එම තීරණයට එළඹියේ ව්‍යාපාරික පැත්තෙන් බවත්, ව්‍යාපාරික ඒ එස් පී ලියනගේ මහතා කියයි.
‘රට බේරා ගත් නායකයා විදියට හිටපු ජනාධිපතිට මගේ ඒ ගේ පදිංචියට දෙන්න හිතුවා. නමුත් ව්‍යාපාරික පැත්තෙන් බැලුවොත් එය මගේ ව්‍යාපාරයන්ට බාධාවත්. මට හිටපු ජනාධිපතිත් ඕනෑ. මේ රජයත් ඕනෑ. ඒ නිසා මා ඔහුට ගේ දෙන්නේ නැහැ.‘
රහස් පොලිසිය පීකොක් මන්දිරය ගැන තමාගෙන් ප්‍රශ්න කළ බව ද, ඊට අදාළ සවිස්තර තොරතුරු ලබා දුන් බව ද ඔහු පවසයි.
පීකොක් මන්දිරය තමා වෙනත් පාර්ශ්වයකට විකුණා ඇත්දැයි සොයා බලන ලෙස තවත් ලිපියක් රහස් පොලිසියට බාර දුන් බව ද ඔහු පවසයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මොකද දන්නෙ නැහැ වෙන්න ඇත්තේ? (නි)
මේවා යට තිබෙන මගඩි කවුද අප්පේ දන්නේ? (නි)
ඒඑස්පී මහත්තයා මේකෙන් මුළු රටේම ප්‍රසිද්ධ වුණා (නි)
දෝරේ ගලායන යහපාලනය මෙයද? (නි)
මේක තමයි යහපාලනය. (නි)
යහපාලනය නිසා බේරිලා ඉන්න පුළුවන්. ඔබතුමාගේ නායකයාගේ කාලේ මේ දෙය වුණා නම්... දැන් තේරෙනවද යහපාලනයේ වෙනස (නි)
ඔය වගේම දෙන්නම් කියලා පස්සේ නොදෙන එකක් තවත් කෙනෙකුටත් කළා නේද? (නි)
තේරුන එක ලොකු දෙයක් (නි)
නිරාන්, යහපාලනය හොඳ හින්දද " රට බේරාගත් නායකයා විදියට හිටපු ජනාධිපතිට මගේ ඒ ගේ පදිංචියට දෙන්න හිතුවා. නමුත් ව්‍යාපාරික පැත්තෙන් බැලුවොත් එය මගේ ව්‍යාපාරයන්ට බාධාවත්. මට හිටපු ජනාධිපතිත් ඕනෑ. මේ රජයත් ඕනෑ. ඒ නිසා මා ඔහුට ගේ දෙන්නේ නැහැ" කියලා ලියලා තියෙන්නේ? (නි)
මහින්ද රාජපක්ෂ මහතාට ගෙය නොදෙන ලෙසට යහපාලන මාෆියාව දැඩි තර්ජන බලපෑම් කර ඇති නිසා ඒ. එස්. පී. ලියනගේ මහතා අසරණ බව පැහැදිලිය.යහපාලන මාෆියාවට අවනත නොවන ඕනෑම කෙනෙකු දුෂණ මර්ධන ලේබලය අලවා දන්ගෙඩියට යවන්නට යාන්ත්‍රණය සකසා ඇතිබව නොදන්නේ නුපන් දරුවන් පමණි. (ස)
මොකක්ද අප්පේ මේ සිද්ධවෙන්නේ? (නි)
මට නම් හිතාගන්නත් බැහැ මේ වෙන්නේ මොකක්ද කියලා (නි)
හදපු මන්දිර වෙන තැන්වල තියෙනවා කියන්නේ. ගිහින් පදිංචි වෙන්නකෝ (නි)
නීතියේ පාලනයට අදාල කරුණු වලට බාහිරින් අත පෙවීම් අනුමත කල නොහැකියි.දේශපාලනයේ වියරුව එළිපිට . අඳබාලයන් මෙන් කටයුතු කිරීම අප්‍රසන්නයි.(අ)
අපෝ ඕක නැතිවුණාට වෙන හොඳ මන්දිර තියෙනවානේ! (නි)
නිරාන්ට නම් යහපාලනයෙන් ගොඩක් දේවල් ලැබිලා වගෙයි. (නි)
කළකම් පටිසන් දෙන කාලයක් ලබලා තියෙන්නේ. (නි)
ලිලා............. එයාට මේ විදිහට බය නැතුව කතා කරන්න ශක්තිය ලැබුනෙ යහ පාලනේ නිසා තමයි. නැත්නම් සුදු වෑන් ගච්චාමි තමයි. (ස)
කළකම් පලදේ, මිනිසුන් ඉදිරියේ පල්වෙන හැටි, ඔහු කල සියලු ජඩකම් පසු පසින් හඹා එන හැටි එයයි බුදුදහම, කොටි සටන පැරදුවේ කොටින්ගේ දේපල ගන්නයි. නැතුව රටට ආදරේට නෙවෙයි. (ස)
නිරාන්, ඔහොම කතාකරන්න එපා (නි)
මහින්ද මහත්තයාට ඔය මන්දිර අවශ්‍ය නැහැ.එතුමාට හැමදාටමත් මෙරටේ කළගුණදත් ජනතාවගේ හදවත් මන්දිරය තිබෙනවා.ඒ වගේම මොන කෙනෙහිළිකම කළත් මහින්ද මහත්තයා එන ගමන් මඟ වළකන්න මේ කාටවත් බැහැ.මඩ ගහන්න ගහන්න,කෙනෙහිළිකම් කරන්න කරන්න එතුමාට එකතුවෙන ජනතාව වැඩිවෙනවා. (නි)
කලින් කිව්වේ ව්‍යාපාරික ප්‍රශ්නයක් ගැන නෙමෙයි. ගෙයි පදිංචිවීමේ ගිවිසුමට අත්සන් කිරීම පිළිබද ප්‍රශ්නයක් නේද? බොරු බයිලා වලින් වැඩක් නැහැ. දැන් අපිට වැටහෙනවා (නි)
කාටද මේවා තේරෙන්නේ? (නි)
අවන්ති , යහපාලනයට පින්සිද්ධවෙන්න අද සුදු වෑන් එන්නේ. පුවත්පත් කලාකරුවන් ඇතුලු සියළුම මාධ්‍යවේදීන් නිදහසේ තමන්ගේ රාජකාරිය කරනවා කාටවත් බයනොවී. කාගේවත් දුරකථන ටැප් කරන්නේ නැහැ. කෝටි ගණන් වංචා නැහැ. බදු මිල අඩුවෙලා. පෙට්‍රල් ඩීසල් මිල අඩුවෙලා.ගර්භණී මවුවරුන්ට පෝෂණ මල්ලක්. මේ ටිකයි. මේවා ඔයාට නොපෙනෙනවා නම් එක්කෝ ඇස් කන් වැඩ කරන්නේ නැහැ. නැත්නම් හිතේ තියෙන කුහකකම වෙන්න ඕනෑ (නි)
දිව දෙකේ මිනිස්සු. මහින්ද මහත්මයාට අනුන්ගේ පිලේ ඉන්න ඕනෑ නැහැ. එතුමා මේක ඉල්ලුවෙත් නැහැ. මේක දේශපාලනයට අහුවුණ ගැටයක්! (නි)
තමන්ගේ ගෙදර තමන්ට ඕනෑ කෙනාට දෙන්නත් බැහැ. ඡන්දෙන් බැරිවෙලාවත් දිනුවොත් හොඳ හොඳ සෙල්ලම් පෙනේවි. මේ කවුරුත් අද සෙල්ලම් දමන්නේ රට කොටියාගෙන් බේරාගත් නිසයි. (නි)
ඔබතුමා මොකද මේ හැටි පාච්චල් වෙන්නේ? ගන්නකෝ කොළඹින් හොඳ ගෙයක්. (නි)
ආරංචියේ හැටියට මන්දිරය හුණු පෝරණුවක් වගේ රස්නෙලු. ඒක ඇත්තද කියලා බලන්න යන්න අපිට ඉඩදෙන්නේ නැහැනේ. (නි)
අනේ අබියෝ, ෆොන්සේකා යුද්දෙදි කරපු එළකිරි වැඩට ආණ්ඩුව පට් පට් ගාල එළකිරි විදියට සැලකුව. එයා සුදු කොඩි කිය කිය රටට විරුද්ධව රෙදි උස්සාගෙන ගොම හලාගෙන දැඟලුවට ජම්පර ඇඳන් හිරේ ලගින්න උනා. ඔයා කොහොමද ද්‍රෝහී ෆොන්සේකව රටට ද්‍රෝහී නොවෙච්චි හිටපු ජනාධිපති එක්ක සසඳන්නේ? ඔයා අබින් කෑවට අබියෝ අපි හරි සිහියෙන් අරිද? (බ)
අපේ රටේ ඉන්නේ බහුතරය කළගුණ නොදන්නා අය. (නි)
අනේ දෙවියනේ, රජෙකුට වෙච්ච දේ! මට ඇත්තටම ඔබ ගැන දුකයි (නි)
අනේ මේ යුද්ධ කරපු අපිව මේ රටේ මිනිස්සුන්ට නොපෙනෙන හැටි. එදා හමුදාවේ කොල්ලෝ නෙවෙයි යුද්ධ කලේ මහින්දයි සන්ධානෙයි කියලනේ හැමෝම අද කියන්නේ. එ්ක අමතක මිනිස්සුන්ට යහපාලනයක් තිබුනට වැඩක් නෑ. (ස)
ටියුඩර් මහත්තයෝ, අරගත් ගෙටවත් පදිංචියට යන්න බැරි, මේ එක එක්කෙනාගේ ඇස්වහයි කටවහයි හින්දනේ. ඕකවත් තේරෙන්නේ නැද්ද? (නි)
සිහින මන්දිර කඩාවැටෙන හැටි .... (නි)
මේ මන්දිරය තිබෙන්නේ පාසලක් අසළ ජනාකීර්ණ පෙදෙසක. දැන් ඉතින් ආරක්ෂාවට කියලා ඔය පැත්තම ආරක්ෂක කලාපයක් කළා නම් කොහොමද මිනිස්සු රාජගිරිය වගේ පෙදෙසක එදිනෙදා ජීවත්වෙන්නේ. (නි)
නාන තටාකයේ වැලි ටික විකිණුවත් ලාබයිනේ. (නි)
මට නම් මේක තනිකරම 'වන් මෑන් ෂෝ' එකක් වාගේයි. (නි)
ඔබතුමා මොකද මේ හැටි පාච්චල් වෙන්නේ?පැත්තකට වෙලා ඉන්නකෝ.දෙපාරක් කළානේ.තව මදිද? (නි)
ජොනතන් වගේ හිතන මිනිස්සුත් මේ රටේ ඉන්නවා නේ? ඉදිරියට මේ රටට වෙන වින්නැහිය ගැන හිතා ගන්න පුලුවන්. (ස)
පුදුමය කියන්නේ පහුගිය කාලේ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරුත් තමන්ටම කියලා මහා මන්දිර හදාගෙන තියනවා. ඒත් මේ හිටපු ජනාධිපතිතුමාට ඉන්න ගෙයක්වත් තවම හදාගෙන නැහැ. (නි)
එයාගේ කතාවෙන් මට නම් හොඳටම පැහැදිලි වෙන්නේ ව්‍යාපාර කරගෙන යන්න බැරිවෙනවා වගෙයි මේ ගෙය දුන්නොත්. (නි)
රහස් පොලිසියට මොකක්ද ප්‍රශ්න කරන්න තිබෙන අවශ්‍යතාවය පුද්ගලික ගෙයක් කාටවත් පදිංචියට දෙන එක ගැන හෝ විකුණන එක ගැන? (නි)
නියම සේරිවාණිජ කෙනෙක්නේ! (නි)
මේක හරියට පළමු ශ්‍රේණියේ දරුවන්ගේ සෙල්ලමක් වගෙයිනේ (නි)
එතකොට අර ස්විමින් පුල් එකට වැලි පිරෙව්වේ අහවල් එහෙකටද? හදිසියේම දොරවල් වෙනස් කළේ කාගේ උවමනාවටද? (බ)
බයවෙලා වගෙයි ඉන්නේ. මහින්දට ජය වේවා! (නි)
ඔය කියලා තියෙන්නේ ගේ දුන්නොත් එයාට ප්‍රශ්න ඇතිවෙනවා කියලනේ.මේ වැඩෙන් මහින්ද තවත් ජනහිත දිනාගන්නවා (නි)
හැමෝම තමන් ගැන හිතන්න ඕනේ. මේ වගේ අයගෙන් පරිස්සම් වෙන්න ජනාදිපති තුමනි. (ස)
මයුරා මැදුරට ඇවිල්ලා මයුරාසනයේ විරාජමාන වෙන්න හිටියත් ඒකත් හබක්... (නි)
අැයි ෆොන්සේකාට දුන්නේ එළකිරි මන්දිරයක් ජම්පරයකුත් සමග. (ස)
යහපාලනයක් ඇති කරනවා කිව් රජයකින් අපි බලාපොරොත්තු වුනාද මේ වගේ ගොන් විහිළු. සිංහලය කවදත් මෝඩයෝ ඡන්දයකදී බලන්නේ දේසපාලනයේ මතු පිට විතරයි. අපි අපිම ඇරගන්න අතර අන්න කොටි බුද්දීමත්ව මේ අවස්ථාවන් ප්‍රයෝජනයට අරන් උන්ගේ ඉලක්කය සපුරා ගන්නවා. වර්ගරාජා පෙරුමාල් යාපනයට ඇවිත්. ඩයස්පෝරාව ඥානවන්තව එයාලගේ කොටස කරනවා. අපේ චන්ද්‍රිකා රනිල් මංගල ගහපු ගැට වල සිංහලය හිර වුනා. මෝඩයෝ කව්ද කියල තේරේවි ටික දවසකින්. (අ)
නරි බෑනා නාටකයට අනුව බැලුවොත් දෙන්නම ඕනේ .නරියෙක් ද දිව දෙකේ සතෙක් ද කියා හිටගන්න බැරුව ඉන්නේ ..(අ)
මගේ පුද්ගලික අත්දැකීම් අනුව අපේ දකුණු පළාතේ මහගෙදර තාත්තාගේ ඉඩම් ආදියට කුලියට දීලා සහ , නෑදෑයන්ට අනුකම්පාවට පරිහරණය කරන්න ඉන්න දීලා අන්තිමේ අපිට නවතින්න වුනේ පොලිසි උසාවි වලින්. තරහ වෙන්න එපා. අනුන්ගේ දේපල ගැන තණ්හාව තිබෙන මිනිස්සු වැඩියෙන්ම ඉන්නේ දකුණු පළාතේ!. නෑදෑයන් මැරෙනකන් බලන් ඉන්නවා දරු පවුල් බය කරලා ඉඩ කඩම් උදුරා ගන්න. මේ පළාතේ බහුතරයක් මිනිස්සුන් ට ජානමය ප්‍රශ්නයක් මේක .ඉඳහිට ඒ පැත්තේ අඳුරන ගෙදරකට ගොඩ වැදුනොත් ඒ ගෙදර ඉඩම් නඩු හබ ගැනමයි කියවිල්ල. ඒ එස් පි මහත්තයා පහුවෙලා ඔය දේවල් කල්පනා කරන්න ඇති. (අ)
දෙනවා කියලා දැන් මොකද පස්ස ගහන්නේ? (නි)
මේවා නම් කැත වැඩ මහත්තයෝ. දෙනවා කිවුවා නම් දෙන්නකෝ (නි)
හිමාලි, එතුමා හදාගත් නිවස තමයි තංගල්ලේ කාල්ටන් නිවස. හැබැයි එතුමාට හිටපු ජනාධිපතිවරයෙක් හැටියට කොළඹින් නිල නිවසක් ලැබිය යුතුවුවත් එම වගකීම හිතාමතා පැහැරහරිමින් සිටිනු පමණක් නොව එතුමන්ට අගෞරව කරනු පිණිස නාඩගම් නිර්මාණය කිරීමක්ද මේ දිනවල අපට පෙනීයයි (නි)
පුදුම කතානේ මේවා! (නි)
එතුමාට බැරිද කොළඹින් හොඳ ගෙයක් සල්ලි වලට ගන්න? (නි)
උණු හින්ද බොන්නත් බැහැ.කිරි නිසා විසි කරන්නත් බැහැ (අ)