
මියන්මාරය යළිත් වරක් ප්‍රබල භූමිකම්පාවකින් කැලැඹිණි. මෙම භූමිකම්පාවේ ප්‍රබලත්වය සටහන් වූයේ රික්ටර් පරිමාණයේ ඒකක 5.6 ක් ලෙසටය.
මෙම භූමි කම්පාවෙන් සිදුවුණු ජීවිත හෝ දේපළ හානි ගැන මෙතෙක් කිසිවක් වාර්තා වන්නේ නැත. භූමිකම්පාවේ අපිකේන්ද්‍රය මැන්ඩලේ නුවර සිට කිලෝ මීටර් 14.5 ක් වයඹ දෙසින් පිහිටි බව ද පැවැසෙයි.
මියන්මාරය අති බිහිසුණු භූමි කම්පාවකින් බැට කෑවේ පසුගිය මාර්තු 28 වැනිදාය. එයින් මියගිය ගණන 3,649 කි. තුවාල ලැබූ ගණන 5,018 කි. තවත් 200 කට ආසන්න පිරිසක් තවමත් අතුරුදන් බව පැවැසෙයි.
(බීබීසී)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මියන්මාරය කියන්නෙත් ලංකාව වගේ සුන්දර රටක් උනාට, ලංකාව වගේම, දුෂ්ඨ මිනිස්සු රජකම් කරන රටක්... මේ රටවල් මෙහෙමවත් බේරිලා තියෙන්නේ මේ දෙක රටවල් ඇතුලේ හොඳ මිනිස්සු ටික දෙනෙක් හෝ ජීවත් වෙලා සිටින නිසයි..