දෙව්රම් වෙහෙරේ දී අද අළුයම මියගිය අලියා දැඩි වදහිංසාවට ලක්ව සිටි බවත් අලියා නිතරම ප්‍රකෝපකාරි හැසිරීමක් පෙන්වූ බවත් පරිසරවේදීහු පවසති. ඔවුන් වැඩිදුරටත් කියා සිටින්නේ මේ අලියාගේ පසුපස පාද කැඩී දණ හිසෙන් නැවිය නොහැකි තත්ත්වයකට පත්ව තිබූ බවයි. එසේ තිබිය දී අලියාගේ ගමන් විලාසය දැක්වෙන වීඩියෝවක් මෙහි දැක්වේ. පරිසරවේදීන්ගේ අදහස වී ඇත්තේ අලියාගේ කකුල් මෙසේ විකෘත්ති වී ඇත්තේ හදිසි අනතුරකින් හෝ ස්වභාවික හේතුවකින් නොවන බවයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ සතාගේ කකුල් හොඳට තිබිලා දම්වැල් නොදා සිටියදී ගිහින් මිනිස්සු පොළොවෙ ගහලා මැරුණා නම් අහිංසකයි කියලා කියන අය එහෙම කියයිද? (නි)
සමහර වෙලාවට සංඟයා වහන්සේගේ භූමිකාව මොකද්ද කියල අපිට හිතා ගන්න බැහැ. පසු ගිය දිනෙක රූපවාහිනියෙන් හාමුදුරු නමක් විවාහයකට සාක්කි ලෙස අත්සන් කරන හැටි පෙන්නුවා. (නදී)
සමහර පන්සල් දැන් පන්සල් නෙවෙයි. මංගල උත්සව ශාලා සහ ඡායාරූප සඳහා පසුතල පහසුකම් සපයන තැන් බවට පත් වෙලා. බලන්න දැන් ඔය වගේ වෙලාවක එතන වන්දනා මාන කරන්නන්ගේ අවධානය කොහෙටද යොමු වෙන්නේ කියලා. එක්තරා ටෙලි විෂන් වැඩ සටහනක ස්වාමින් වහන්සේ නමක් කසාදයට සාක්කි අත්සන් කරනවාත් මා දැක්කා. මේවා මෙහෙම නම් අලියන්ගේ ඉරණම ගැන කවර කතාද ? (නදී)
බන්දුල පෙරේරා අයුක්තියක් අසාධාරනයක් වෙනුවෙන් විරෝදය දක්වනවා වෙනුවෙට නිහඩව සිටින්නේ මේවාට ප්‍රතිචාර දක්වල නිකම් පෙට්රෝල් පුච්චන්නේ මොකටද කියල හිතලවෙන්න ඇති මගේ හිතේ ....ජවිපෙ,ජෙනේරල් ,විශ්වා විද්‍යාල දරුවන්, උද්ගෝෂන .... කියල සිරස්තලය වෙනස් වුනානම් රටේම තිබෙන නම් වලින් ගැහැණු නම් වලින්,පිටරට නම් වලින් අදහස් ගලාගෙන එනවා. (අ)
ධනුක.සමහර පන්සල් වල හාමුදුරුවරු පන්සලේ සැලූන් පවා පවත්වාගෙන යනවා.එයාල ගේ චිවරය පමණක් ලක්ස ගානක් වෙනවා.අන්තර්ජාලයේ ෆොටෝ සහිතවම පෙන්වල දෙනවා. (අ)
සුද්දට ලංකාව යටත් වෙලා තිබුන කාලේදී එක සුද්දෙක් විනෝදයට කරන්නේ අලින්ට වෙඩි තියල ගස් ගල් වගේ පර්වත බිමට ඇද දාන එකලු.දැනටත් ඒ මැරිච්ච සුද්දගේ සොහොනට අවුරුද්දකට සැරයක් "හෙන" ගහනවලු.අවුරුදු ගානක් ජීවත් වෙන අලියෙක් මරනවා කියන්නේ ඒ තරමට පාප කර්මයක්.බලන්න කවද හෝ දවසක අපේ අයටත් එහෙමම සිද්ද වෙනවා. (අ)
අද බෞද්ධයාට යන්න පන්සලක් නැහැ. බොහෝ පන්සල් පිරිහිලා. (නදී)
ඔය පන්සලේම අය මෛත්‍රී භාවනාව අනෙත් අයටත් කියලා දෙනවා නේද? (නදී)
අනේ අර සතා හැමෝගෙම බරත් එක්ක සියලු දුක්වින්ඳා (නි)
මේ අලියාට සිදුවූ අසාධාරණයට විරුද්ධව නඩු මඟට ගොස් වන්දියක් අයකර එම වන්දිය අලින්ගේ සුබසාධනයට යොදන අරමුදලක් හදන්න බැරිද? (නි)
මේ ඇතින්නමද පසුගිය දවස්වල මද කිපිලා හාමුදුරුන්ව මරන්න ගියා කියලා කිව්වේ. (නි)
මේ කරන පෙරහැර කාර්යය නවත්වන්න පුලුවන් නම් හොඳයි නේද? (නි)
බොදුබල සේනා හිමිවරු මේ වගේ දෙයකට ඉදිරිපත් නොවන්නේ ඇයි (නදී)
මේවාට වගකිවයුත්තේ කවුරුන්ද? (නි)
මේ අසරණ සතා ට දරුණු පහරක් දීලා තියෙනවා. මෙලොවදී ම ඒ තිරිසන් මනුස්සයා ටත් එහෙම වේවි. එහෙම නුනොත් විශ්වය බොරුවක් (නදී)
තිලක්-ඩුබායි , බන්දුල මේකට ප්‍රතිචාර දාන්නේ නැහැ. ඒ මොකද දැන් ලංකාවේ හැම තැනම කතාව යන්නේ අලියාට ඉන්ජෙක්ෂන් එක ගැහුවේ මිනිහා කියල. (නදී )
මෙය සත්‍යයක් නම්, මෙසේ කල අයට හොඳක්නම් නොවනු ඇත. (අ)
දැන් දැන් පන්සල්වලින් ඉටුවිය යුතු කාර්යභාරය කනපිට හැරිලා. ලෝකෝත්තර පැත්ත වයසක දායකයන්ට දීල වෙනත් මගක යන්න තමයි හුගක් උන්නාන්සෙල කල්පනා කරන්නෙ.අහිංසක සතුන්ට උන්ගෙ පාඩුවෙ කැලෑවෙ නිදහසේ ඉන්න ඉඩ නොදී කරන මේ දේ බුදු දහමට පටහැනියි. (අ)
දෙපා තිරිසන්නු. (නදී)
ඇත්තටම 2004 දී අර ඇමතිවරු වධ දුන්න එක සාධාරණයි .එතුමන්ලාට අපගේ ප්‍රණාමය. දන්නෝ දනිති මේ කියන පුද්ගලයා ගැන .මෙයා දෙවත්ගේ ගෝලයෙක්ද කොහෙද (අ)
ලසිත්ඔබගේ අදහසට මමත් එකයි.(අ)
ඔය හාමුදුරුවෝ නාලිකා වල අඬ අඬ බන කියනකොට අපේ උපාසක අම්මල අඬනවා.පේනවනේද..... (අ)
මාධ්‍යවේදීන්ට හා පරිසරවේදීන්ට එහි ඇතුල්වීමට අවසර නැති බවත් කියති. .......පන්නිපිටිය දෙව්රම් වෙහෙරට මගේ පවුලේ අයත් එක්ක යන්න ඕනේ කියල කියද්දී ඒ ප්‍රදේශයේ වැදගත් පවුලක නෝනා කෙනෙක්(රැකියාව කියන්න බයයි ඒ නෝනට කරදරයක් කරාවි කියල) කිව්වේ,ඔය පන්සලට ගමේ කව්රුවත් යන්නේ නැහැ කියලයි.මට ඒ නෝනා කියපු කතාව මතක් වුණා.(අ)
ඒ අසරණ සත ඇවිදින හැටි දැක්කම මගේ හිතට අපු වේදනාව කියන්න බැරි තරම්.මේවා කරපු යට හොදක්නම් සිද්ද වෙන්න එපා දෙවියනේ.(අ)
ඔය පැත්තේ හරි හමන් මිනිහෙක් නැද්ද ඔය වැඩේ කරපු කෙනාගෙ කකුල් දෙකත් කඩලා මේ වගේ ඇවිදින්න වැඩ සිද්ද කරන්න.(අ)
චම්පික .දැන් තිබෙන්නේ පන්සල් නොවෙයි.මංගල උත්සව ශාලා සහ ඡායාරූප සඳහා පසුතල පහසුකම් සපයන තරු 5 හේ මන්දිරයි.එවල සිද්ද වෙන දේවල් වාර්තා කිරීමත් තහනම්.(අ)
පවු කරන්න එපා මිනිසුනේ . හොඳ නරක දෙක පඩිසන් දෙනවා. (අ)
මින්පසු මේ පංසල දෙව්රම් වෙහෙර නොවෙයි. දෙව්දත් වෙහෙර යනුවෙන් වෙනස් විය යුතුයි. (අ)
මේ මිය ගිය අසරණ සතා වෙනුවෙන් යම් සාදාරණයක් ඉස්ඨ කරන්න බැරිද? (අ)
මම නිවාඩුවට ලංකාවට යන හැම වතාවකදීම වියලි අාහාර රැගෙන යන්නේ මෙහෙණින් වහන්සේල සිටින ගම්බද දුෂ්කර ප්‍රදේෙශයක තිබෙන පන්සලකට.ඒ මගේ නැති වුණ මගේ ආච්චි අම්ම වෙනුවෙන් පින් කරන්න. (අ)
මේ පන්සලේ පවත්වන පෙරහැරවල් ගනන බැළුවම පුදුම වෙන්න දෙයක් නැහැ සතා ඔහොම ඇවිදින එක ගැන. හැමදාම පාර වහගෙන පෙරහැර යනවා.මේවට කියන්නෙ කටේ බුදුරැස් බොක්කෙ දඩමස්. (ස)
අභිමානවත් ඇත් පරම්පරාව නේද මේ? අහෝ දුකකි! (නි)
ටිකිරි බැඳ මහතාගේ අදහස හොදයි . නමුත් සිවුර දරාගෙන ඉන්න කෙනෙකුට එහෙම කරන්න හොද නැහැ කියනවනේ. (අ)
බොරු පුරාජේරු පෙන්නන්න මේ වගේ සත්තු ගෙනල්ල දම්වැල් වලින් බැඳලා කූර ලෙස වධ දෙනවා. මොනවාද මේවයින් බලාපොරොත්තුවෙන්නේ ? දැන් දැන් මේ අලි සෙල්ලම කටින පෙරහැර වලටත් ඇවිල්ල. ගමේ සාමාන්‍ය මනුස්සයෙකුට කටිනයක් කරන්න බැහැ ආත්මෙකට...... බුදු දහමට අනුව පුහු ආටෝප අත ඇරලා ....... මිනිසුන්ගේ ආත්ම සුවපත් කරන්න යමක් කරන්න, හැමෝගේම ජීවත් වීමේ නිදහසට ගරුකරන්න. (අ)
නඩත්තු කරලා තේරුමක් නැති නිසා වස දෙන්න ඇති . (අ)
පන්සලට අලින් අවශ්‍යමද.? (අ)
මේක පන්සලක්ද ? (ස)
ගහ කොළ සත සිව් පාවුන්ට සහ රටේ බත් කන හරක්ට මේ තරම් විනාසයක් ගෙන දුන්න කාල පරිච්චීදයක් ඉතිහාසයේ තිබුන කියල නම් මම අහල දැකල නැහැ. (ස)
ඉතා හොඳ සටහනක්. මේ ගැන ආණ්ඩුවට කියා වැඩක් නැහැ. අලින්ට හා අලි පැටවුන්ට හිරිහැර කිරීමට විරුද්ධව ඒකරාශී වෙමු. (ස)
මේ සම්බන්ධ අදහසක් මම මීට පෙරත් යොමු කලත් එය පල වුනේ නැහැ. එහි පල නොකිරීමට තරම් වරදක් මම දුටුවේ නැහැ. ලෝකය නොදියුණු අවදියේ අලින් යොදාගෙන කල කාර්යයන් වෙනුවට අද නව තාක්ෂණයේ මෙවලම් හැම තැනම පාවිච්චි කරනවා, පුරාණ රජ වරුන් තේජාන්විතව ඇතා පිටේ ගියත් අද මහේශාක්‍යව ගමන් බිමන් යාමට සුඛෝපභෝගී වාහන තියෙනවා. බර වැඩ සඳහා අලි ඇතුන් වෙනුවට ඊට වඩා ශක්තිමත් ඉක්මන් මෙවලම් යොදා ගන්නවා. පෙරහැර සඳහා පුරාණයේ අලි ඇතුන් යොදා ගත්තත් එය ඊට වඩා හොඳින් ගරු ගාම්භීරව කරන්න පුළුවන් වාහන වර්ග අද කොච්චර තියෙනවද? සත්ව හින්සාවකින් හෝ සතුන් කලබල වීමෙන් මිනිසුන්ට සිදුවෙන අනතුරු වලින් තොරව පෙරහැර මොන තරම් අලංකාරව කරන්න අද පුළුවන්කම තියෙනවාද? පෞරාණික අලංකාරය වැදගත් නමුත් කාලයේ ඇවෑමෙන් වෙනස් විය යුතු බව මගේ හැගීමයි. සතුන් සිරකර යදම් වලින් බැඳ බලහත් කාරය යොදවා පෙරහරේ රැගෙන යද්දී සමහර සතුන් කලබල කරන්නේ උන් ඊට දක්වන විරෝධයයි. සතුන් සිටිය යුත්තේ නිදහසේ කැලාවල මිසක පන්සල්වල හෝ වලව්වල අඩ හාමතේ නොවෙයි. ඒ සතුන්ට උවමනා තරමට කෑම හෝ ජලය බොහෝවිට ලැබෙන්නේ නැහැ. සත්ව හිංසාව නීති විරෝධී නම් මේ සත්ව හිංසාව නොවෙයිද? බල්ලන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් සමිති සමාගම් තිබුනත් දිනපතා අපට අහිමිවන අලින්ගේ අයිතිවාසිකම් ගැන බලන්න කව්රුවත් නැහැ. මෙය නම් වෙනස් විය යුතුම බව මගේ හැගීමයි නො එසේනම් අපේ අලි පරපුර අපට අහිමිවන දිනය වැඩි ඇතක නොවේ! (ස)
මේකනම් මහා පව්කාර වැඩක් ම තමා. මා අහලා තියෙන විදිහට අලියට දණහිස් සන්දියක් නැහැ . දඟලන සතා දම්වැල් වලින් සිරකිරීම නිසා සතාගේ අස්ථි බිඳී ඇතිබවයි පෙනෙන්නේ . ඉහත අදහස්වලින් පෙනෙන්නේ මේ ස්ථානයේ අකටයුතුකම්ම සිදුවන බවයි ප්‍රදර්ශනේට ආගම අදහන ........ ! ( .......). මිනිසුන්නිසා තමයි කවද හරි මේ නිර්මල බුද්ධාගමත් නැතිවෙන්නේ . යෝජනාවකි. වගකීමක් ඇති අර පින්නවල වගේ තැනක ට මේ අතන මෙතන ඇතිකරන ලිසියලුම අලිගෙන ගිහින් ඇතිදැඩි කර පෙරහැර වලට අවශ්‍ය වෙලාවට ලොකු මුදලක් අයකර ලබාදිය යුතුයි. එම මුදල් වලින් මේ සතුන්ගේ සුභසාදනය ඇතිකළ යුතුයි. පෞද්ගලික කිසිම තැනක් බලපත් ඇතිව හෝ නැතිව අලි ඇතිකිරීම තහනම් කල යුතුයි. (අ)
පිටිගලගේ කතාවට හරි. පන්නිපිටිය පැත්තේ අතුරු පාරවල් වල පොඩි අලි පැටව් කීප දෙනෙක් ඉන්නවා. සමහර අයගේ ඔය වගේ කකුල් තුවලවෙලා තියනවා දැකල අපි කීප සැරයක් වන ජීවී එකට දැනුම් දුන්නා. දවල් කාලයේ ඒ පාරවල් වල යන අයට දකින්න පුළුවන්. (අ)
රටේ ලොක්කන්ට හෝ වනජීවින්ට කීමෙන් පලක් නැත. මහජනයා මේවට විරුද්ද වියයුතුය (අ)
රටක නීතියේ අදිපත්‍ය විනාශ වෙනකොට අන් සියලුම දේ විනාශ වෙනවා මිනිසුනේ ...(අ).
රටේ නීතියක් කියල දෙයක් තියෙනවනම් මේ දර්ශනයම ඇති සතුන්ට හිංසා කිරීම චෝදනා සහිතව බරපතල වැඩ ඇතිව මහා ගෙදර යවන්න.කොහෙද?(අ)
කලකට පෙර බැලුම්ගලින් මේ ගැන විවේචනයක් කළා. (අ)
පන්සල් වල විතරක් නෙවෙයි. ඊයේ පෙරේදා ඉඳල හාමු ල වෙන්න දත කන අයගේ බංගලා වලත් අලි ඇතුන් හිංසාවට පත් වෙනවා ඇති. හැමෝටම තේරේවි පෙරහරේ යන්නත් අප්‍රිකාවෙන් අලි ඉල්ලන්න වෙච්ච දවසට. උන්ගේ කන් දෙක වහන්නම මුළු රටේම තිබෙන රෙදි මදි වේවි. (අ)
මේ අලියා නිතර කුලප්පු වෙනවා නම් පන්සලේ තියා ගත් එකත් හරි නැහැ නේද ? මේක අතිශයින් ජනාකීර්ණ ප්‍රදේශයක්. මීට කලිනුත් යම් ප්‍රකෝපකාරී හැසිරීමක් අලියා ගැන කියවුණා මට මතකයි. දේශපාලනය ගෑවුනාම පන්සලක් සියලුම සමාජ වගකීම් වලින් ඈත් වෙන බවට මේක හොඳ නිදසුනක්. (අ)
අදහන්න බැහැ. මට ඉවසන්න බැහැ මේ දර්ශනය... දෙව්රම් වෙහෙර කියන නම් වෙනස් කරන්න ඕනා (නදී)
ලංකාවේ අලි බාරව ඉන්නේ තැබෑරුම් අයිති අමාත්‍ය කෙනෙක්.තවත් මොන කතාද? (අ)
මේ සතා නිර්වින්දනයෙන් සිහි නැතිව ඔච්චර දවසක් ඉන්දෙද්දී පමා නොවී පළපුරුදු පශු වෛද්‍ය වරුන් කැඳෙව්වා නම් බේරා ගන්න තිබුනා. මැරෙන්නම දාලා තිබිලා වගෙයි අසරණ සතාව. අනෙක ප්‍රකෝපකාරී බව දැන දැනම මෙහෙම ජනාකීර්න පෙදෙසක රඳවාගෙන ඉඳලා. (අ)
බුදු දහමෙ කොතනද දන්නේ නෑ සත්තු පන්සල්වල හිරකරගෙන පෙරහැර කරන්න කියන්නෙ. මම දකින විදිහට මෙවන් සත්ව හින්සාවන් හා පෙරහැර බුදු දහමට කරන අපහාසයන්, සිතන්න කාලයයි මේ. (නදී)
මේ වෙලාවට තමයි මතක් වෙන්නේ , අප්‍රසිද්ධ පන්සල් වල, දුෂ්කර ආරන්‍ය සේනාසන වල ස්වාමින් වහන්සේලා මොන තරම් ශාසනික සේවයක් කරනවාද කියල. උන් වහන්සේලාට දානේ වේලවත් හරියට නැතිව මිනිස්සුන්ට පන්සිල් පද පහ හරියට රක්කවන්න මොන තරම් වෙහෙසක් ද දරන්නේ. (අ)
අනේ පවු! අහිංසක සතා . හරිම දුකයි. (අ)
ඇයි මේ අලියා ගැන මීටකලින් කවුරුවත් හොයා නොබැලුවේ? (නි)
පවු අහිංසක අලියා! (නි)
අන්තිමට රටේ අලි සම්පතත් අපිට අහිමිවෙයි (නි)
මේ විහාරවල සුරතල් සතුන් හා වනසතුන් ඇතිකරන්න කියලා කොහේවත් කියලා තියෙනවද ? (නි)
සජිත් ගේ අදහසට එකඟයි.(අ)
කව්ද අසරණ අලියාගේ කකුල් කැඩුවේ (අ)
අනේ බුදු හාමුදුරුවො වැඩහිටියනං උන්වහන්සේටවත් අකම්පිත නොවීවැඩ ඉන්න පුළුවන් වෙයිද දන්නෙ නැ (අ)
පන්සල් වල විතරක් නෙවේ ගෙවල් වලත් ඉන්න අලින් නිදහස් කරන්න නොහැකිනම් අඩුම වශයෙන් එම සතුන් සඳහා නිදැල්ලේ ඉන්නර සඳහා සුදුසු ඉඩ සපයාදීම අනිවාර්ය කල යුතුයි. දම්වැල් වෙනුවට ශරීරයට තුවාල සිදු නොවන ශක්තිමත් කඹ යොදා ගැනීමත් කකුල් වටා ශක්ති ප්‍රමාන එහෙත් සියුම් පටියක් භාවිතා කිරීමත් අනිවාර්ය කල යුතුයි.(අ)
පවු අලියාගේ දණහිස්වල තමයි අමාරුව තියෙන්නේ (අ)
එක අතකට ඒ සතා දුකින් මිදුනා. නැත්නම් තව කාලයක් දුක්විඳීවි. (නි)
සත්ව හිංසාව තරයේ හෙළා ද කිමි . ජනාදිපති තුමා වහාම පියවරක් ගත යුතුයි .
මේක දෙව්රම් වෙහෙරද? අහිංසක සතෙකුට දී තිබෙන වදයක්? (නි)
අපේ රටේ ඉන්න සතුන් ගැනත්,මිනිසුන් ගැනත්, ස්වභාව ධර්මය ගැනත් මීට වඩා ගෞරවයෙන් සිතාබැලිය යුතුයි නේද? (නි)
තරයේ හෙළා දකිමි. මෙය ඉතාම අවාසනාවන්ත තත්ත්වයකි. පන්සල් වලදී මෙසේ වීම ඉතාම අවාසනාවන්තයි (නි)
මේ වැඩේ ගැන මීටකලින් පුවත්පත් වලින් දෑනුවත්කළා නේද, මේ ඇතින්නට නිසි ප්‍රතිකාරයක් නැහැ කියලා? (නි)
මේක දෙව්රම් වෙහෙර නෙවෙයි දේවදත්ත වෙහෙර. මේකේ සතුන් විඳින වධ දකින්න සත්ව මිත්‍ර සංගම් දැන්වත් ගියොත් හොඳා. එතකොට අනිත් සතුන්වත් මේ කාලකන්නින්ගෙන් බේරගන්න පුළුවන්. (අ)
ගිහියන් වුණ අපට හරිම දුකක් හිතෙනවා අලියා යන විදිහ දැක්කම මේ රටේ අලියෙක් වෙලා ඉපදෙනවා තරම් පාපකර්මයක් තවත් නැත අහිංසක සතානම් එකෙන් මිදුන අලියා ඔබට නිවන් සුව! (අ)
මේවාගේ පව්කාරකම් කරපු, ඒවාට වක්‍රව හෝ අනුබල දීපු ගිහි පැවිදි සියලු දෙනාටම මේවා පඩිසන් දෙනවා. බුද්ධ දර්ශනය කියන්නේ ගිහියන් පන්සල් වලට ලක්ෂ කෝටි ගණන්වල බිල්ඩින් පුජා කිරීමවත්, පැවිද්දන් (සිල්වත් බුදු පුතුන් මා කමා කෙරෙත්වා) සිවුරු පොරොවා ගෙන බුදු දහමේ මුලික පදනම වන "අවිහිංසාව" වත් නොසලකා හැරීම නොවේ. (නදී)
පේනවා නේද වෙන දේවල් (නදී)
සමහර තැන් වල දැන් තියෙන්නේ පන්සල් නෙමෙයි, ප්‍රදර්ශනාගාර! අලි ප්‍රදර්ශනාගාර. මාළිගා ප්‍රදර්ශනාගාර. අපි නම් වන්දනාමාන කරන්න යන්නේ මේ ප්‍රදේශයේම කිසිම ප්‍රසිද්ධියක් නැති පොඩි පන්සලකට. දානයක් මානයක් දෙන්නේ ආධාර කරන්නේ ඈත පළාත් වල දුප්පත් දායකයන් ඉන්න , බොහොම දුෂ්කර, ඒත් පින්බර, පැවිදි ජීවිත ගතකරන හාමුදුරුවරු සිටින පන්සල් වලට. අනේ ඒවායේ මොන අලි ඇතුන්ද ? සමහර ඒවාට වැසිකිළි කැසිකිළි පහසුකම්වත් නැහැ.පිටරට ඉන්න මගේ මිත්‍රයන් නිවාඩුවට ආවිටත් පවුල් පිටින් ගිහින් එහෙම දුෂ්කර පන්සල් වලට තමයි ආධාර කරන්නේ. (නි)
මේ සතා මැරුනු එක හොඳයි. අහිංසක සතුන්ට මෙහෙම වදහිංසා කරන එක තරම් පවක් තවත් නැහැ. ඒ සතුන්ට කතා කරගන්න බැරි නිසයි තරහෙන් හැසිරෙන්නේ. සතාට වද දීල දැන් ලෝකෙට පෙනෙන්න වැදුම් පිදුම් කරනවා. මේ තමයි ලංකාවෙ හැටි. (නදී)
මේවාට කවුද වගකියන්නේ? (නි)
පවු අහිංසක සතා! (නි)
වනජීවී දෙපාර්තමේන්තුව මෙවන් අසරණ සතුන් ආරක්ෂා කිරීම සඳහා කුමක් හෝ සුදුසු වැඩපිළිවෙළක් ඉක්මනින් දියත්කළ යුතුය (නි)
පන්සල් තිබෙන්නේ ආගමික කටයුතු සඳහා නේද? (නි)
පන්සල් වල මුලික කාර්යභාරය සහ සංඝයා වහන්සේගේ භූමිකාව මොකද්ද කියන එක අමතක වේගන යනවාද කොහෙද . මේ ඔක්කොටම මුල ඒක. (නදී)
මෙවන් වදහිංසා බුදුදහමට කරන නිගාවක්. අලි ඇල්ලීම, වෙළඳාම, ප්‍රවාහනය ආදී සියල්ල රාජ්‍ය අනුග්‍රහයෙන් සිදු නොවුවත් රජයේ උසස් නිලධාරීන්ගේ පූර්ණ අනුග්‍රහය මත සිදුවන බව ප්‍රසිද්ධ රහසක්. මේවා නැවැත්වීමට නම් අලින්ව ළඟ තබාගැනීම පවා තහනම් කළයුතුයි. නමුත් එය රජයෙන් සිදු නොවන බව පැහැදිලියි. ජනාධිපතිතුමනි, අලින්ට අනුකම්පාකර නීතිමය පියවරක් ගතහොත් අලින්ට හොඳ කලදසාවක් ලැබෙනු ඇත. (නදී)
අපේ ගමේ හාමුදුරුවන්ගේ චාම්, නිරහංකාර තැන්පත්කම මොනතරම් වටිනවද කියලා හිතුනා (නි)
දැන් මේ වගේ දේවල් සම්බන්ධයෙන් කටයුතු කිරීමට ,වගකිවයුතු නිලධාරීන් නැද්ද? ගණන් කරගන්න බැරි සංඛ්‍යාවක් සිටියදී එහෙම කෙනෙක් නැතිවෙන්න බැහැනේ. (නි)
මගේ අදහස නම් මේ තැන නොතැන නොබලා අලි ඇතිකිරීම් ගැන කටයුතු කරන්න රජයෙන් කෙළින්ම සම්බන්ධ නොවුණොත් මහා විනාශයක් වෙන්න ඉඩ තිබෙනවා. (නි)