තමාගේ මැතිවරණ ප‍්‍රචාරණ කටයුතු සඳහා ගෙන් ගෙට යමින් සිටියදී කොළඹ, බ්ලූමැන්ඩල් ප‍්‍රදේශයේ වෙඩි ප‍්‍රහාරයකට ගොදුරුව මියගිය කාන්තාව හා තුවාල ලැබූ පුද්ගලයින් දොළොස් දෙනෙකුට වන්දි ලබා දීමට කටයුතු කරන බව මුදල් අමාත්‍ය රවි කරුණානායක මහතා අද (31) කොළඹදී පැවති ප‍්‍රවෘත්ති සාකච්ඡාවකදී කීය.
තමා වෙනුවෙන් ගෙන් ගෙට ප‍්‍රචාරණ කටයුතුවල නිරතව සිටියදී වෙඩි ප‍්‍රහාරයට ගොදුරුව මිය ගිය කාන්තාව අහිංසක තිදරු මවක් වන බවත් ඇයට වෙනුවෙන් හා අදාළ සිද්ධියෙන් තුවාල ලැබූවන් වෙනුවෙන් අනිවාර්යයෙන්ම සහනයන් ලබා දෙන බවද අමාත්‍යවරයා මාධ්‍යවේදීන් හමුවේ කියා සිටියේය.
2025 දෙසැම්බර් මස 18
203
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
166
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
967
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
මියගිය අයට සහ තුවාල ලැබුවන්ට වන්දි - රවි කියයි
විජේසුන්දර ප්‍රංශය Saturday, 01 August 2015 09:29 AM
කල පවට ගෙවන්න වෙයි! (නදී)
කවින්ද Friday, 31 July 2015 11:58 PM
පවු අහිංසක මිනිස්සු! (නි)
කල්ප Saturday, 01 August 2015 12:05 AM
වන්දි දෙන්න රජයේ මුදල් යොදාගත්තොත් ඒක වැරදි වැඩක් කියලයි මම නම් කියන්නේ. මොකද මේ අය ඔබ වෙනුවෙන් ගිය අය නේද? (නි)
බමුණු Saturday, 01 August 2015 10:05 AM
"මුදල් වන්දි පමණක් නොව එම පවුල් වල අයට රැකියාත් ලබාදිය " ෂරි ෂරි පාතිමා මුළු පරම් පරාවටම කෝමත් හරි රැකියාවල් ලබා දෙනවා ලබාදෙනවා (නදී)
විජේසුන්දර ප්‍රංශය Saturday, 01 August 2015 11:09 AM
පිස්සුද අනුර ! බැඳුම්කරය තියෙන්නේ ඒවා ගෙවන්නනේ (නදී)
සඳා Friday, 31 July 2015 01:21 PM
දැන් එ්කත් තමන්ගේ පෞද්ගලික සල්ලි වලින් ද? (නදී)
පිවිතුරු යහපාල Friday, 31 July 2015 01:30 PM
කාට නැතත් අර ආමි සම්පත්ට අපේ බදු මුදල් වලින් වන්දි දෙන්න සේවය පිණිස ඇවිත් වෙඩි කෑවට.(නදී)
ලසන්ත Friday, 31 July 2015 01:49 PM
කාගෙ සල්ලි වලින්ද වන්දි ගෙවන්නේ? (නි)
චන්න බුවනක Friday, 31 July 2015 01:59 PM
අනිවාර්යයෙන්ම ඒක කරන්න ඕනෑ. (නි)
ලයනල් Friday, 31 July 2015 02:18 PM
පසුගිය දවස් වල ප්‍රශංසාත් කර තිබුනා නේද සියලු පොලිස් නිලධාරීන් ඡන්ද නීතිය අකුරට කරන බව. කෝ ඉතින්? පොලිස් මුරපොළවල් දාලා හරි මෙම අපරාධ නැවත නොවෙන්න බලා ගතයුතුයි. (නි)
ෆාතිමා Friday, 31 July 2015 02:40 PM
මුදල් වන්දි පමණක් නොව එම පවුල් වල අයට රැකියාත් ලබාදිය යුතුයි (නි)
රජින්ද Saturday, 01 August 2015 06:10 AM
ෆාතිමා, රස්සා විතරක් ඇද්ද වෙනින් මොකවත් එපාද?(නදී)
රුවන් Saturday, 01 August 2015 06:30 AM
යහපාලනේ තරම පේනවනේ (නදී)
රොබර්ට් Friday, 31 July 2015 05:44 PM
ඒක හොඳයි (නි)
අරුණ Friday, 31 July 2015 06:29 PM
වන්දි දුන්නා කියලා නැතිවුණ ජීවිතය යළි ලැබෙනවද? (නි)
අනුර Saturday, 01 August 2015 07:37 AM
තමා වෙනුවෙන් කඩේ ගොස් වෙඩි ප්‍රහාරයට ලක් වූ අයට රවී කරුණානායකගේ මුදලින් වන්දි ගෙවිය යුතුය.(නදී)