තමාගේ මැතිවරණ ප‍්‍රචාරණ කටයුතු සඳහා ගෙන් ගෙට යමින් සිටියදී කොළඹ, බ්ලූමැන්ඩල් ප‍්‍රදේශයේ වෙඩි ප‍්‍රහාරයකට ගොදුරුව මියගිය කාන්තාව හා තුවාල ලැබූ පුද්ගලයින් දොළොස් දෙනෙකුට වන්දි ලබා දීමට කටයුතු කරන බව මුදල් අමාත්‍ය රවි කරුණානායක මහතා අද (31) කොළඹදී පැවති ප‍්‍රවෘත්ති සාකච්ඡාවකදී කීය.
තමා වෙනුවෙන් ගෙන් ගෙට ප‍්‍රචාරණ කටයුතුවල නිරතව සිටියදී වෙඩි ප‍්‍රහාරයට ගොදුරුව මිය ගිය කාන්තාව අහිංසක තිදරු මවක් වන බවත් ඇයට වෙනුවෙන් හා අදාළ සිද්ධියෙන් තුවාල ලැබූවන් වෙනුවෙන් අනිවාර්යයෙන්ම සහනයන් ලබා දෙන බවද අමාත්‍යවරයා මාධ්‍යවේදීන් හමුවේ කියා සිටියේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කල පවට ගෙවන්න වෙයි! (නදී)
පවු අහිංසක මිනිස්සු! (නි)
වන්දි දෙන්න රජයේ මුදල් යොදාගත්තොත් ඒක වැරදි වැඩක් කියලයි මම නම් කියන්නේ. මොකද මේ අය ඔබ වෙනුවෙන් ගිය අය නේද? (නි)
"මුදල් වන්දි පමණක් නොව එම පවුල් වල අයට රැකියාත් ලබාදිය " ෂරි ෂරි පාතිමා මුළු පරම් පරාවටම කෝමත් හරි රැකියාවල් ලබා දෙනවා ලබාදෙනවා (නදී)
පිස්සුද අනුර ! බැඳුම්කරය තියෙන්නේ ඒවා ගෙවන්නනේ (නදී)
දැන් එ්කත් තමන්ගේ පෞද්ගලික සල්ලි වලින් ද? (නදී)
කාට නැතත් අර ආමි සම්පත්ට අපේ බදු මුදල් වලින් වන්දි දෙන්න සේවය පිණිස ඇවිත් වෙඩි කෑවට.(නදී)
කාගෙ සල්ලි වලින්ද වන්දි ගෙවන්නේ? (නි)
අනිවාර්යයෙන්ම ඒක කරන්න ඕනෑ. (නි)
පසුගිය දවස් වල ප්‍රශංසාත් කර තිබුනා නේද සියලු පොලිස් නිලධාරීන් ඡන්ද නීතිය අකුරට කරන බව. කෝ ඉතින්? පොලිස් මුරපොළවල් දාලා හරි මෙම අපරාධ නැවත නොවෙන්න බලා ගතයුතුයි. (නි)
මුදල් වන්දි පමණක් නොව එම පවුල් වල අයට රැකියාත් ලබාදිය යුතුයි (නි)
ෆාතිමා, රස්සා විතරක් ඇද්ද වෙනින් මොකවත් එපාද?(නදී)
යහපාලනේ තරම පේනවනේ (නදී)
ඒක හොඳයි (නි)
වන්දි දුන්නා කියලා නැතිවුණ ජීවිතය යළි ලැබෙනවද? (නි)
තමා වෙනුවෙන් කඩේ ගොස් වෙඩි ප්‍රහාරයට ලක් වූ අයට රවී කරුණානායකගේ මුදලින් වන්දි ගෙවිය යුතුය.(නදී)