මේරියන්ස් කියන්නේ ලංකාවේ ජනප්‍රියම සංගීත කණ්ඩායමක්. මේ සංගීත කණ්ඩායමේ සාමාජිකයෙකුට අමතක වෙන රෝගය තියෙනවා. පොඩ්ඩක් එහෙම නෙවෙයි. අපට හිතා ගන්න බැරි විදියට මෙයාට සමහර දේවල් අමතක වෙනවා. පසුගිය දවල්වල මේරියන්ස් සංගීත කණ්ඩායම විදේශ සංචාරයක ගිහින්. එහිදී තමයි හොඳම දේ වෙලා තියෙන්නේ. මේ සංචාරය අතරතුර කට්ටිය තමන්ගේ රෙදි හෝදන්න වොෂින් මැෂින් එකට රෙදි හෝදන්න දාලා. ඊට පස්සෙ රෙදි ගන්න දොර අරිද්දි තමයි දැකලා තියෙන්නේ පාස්පොර්ට් එකක් තියෙනවා. පාස්පොර්ට් එක ගන්න ඉස්සෙල්ලා කට්ටියම දැනගෙන මේ පාස්පොර්ට් එක කාගෙද කියලා. එයා අමතක වෙලා පාර්පෝර්ට් එකත් දාලා හෝදන්න. කොහොම හරි පාස්පොර්ට් එකේ තිබ්බ සීල් කිසිම දෙයක් නැහැලු. ඔක්කෝම හේදිලා. ඒ වගේම තමයි ඊට පසුව දා ඒ සාමාජිකයා පාවිච්චි කරන හෙඩ්ෆෝන් සෙට් එකත් හෝදන්න දාලා. මේරියන්ස් එකේ අය නම් කියන්නෙ මෙයා හරි පිරිසුදු චරිතයක් කියලා. මොකද එයා හැමදේම හෝදලා තමයි පාවිච්චි කරන්නේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd