තමා අද (10) ඉදිරිපත් කළ 2017 වසරේ අය වැය සුබසාධන කටයුතු සඳහා පමණක් පදනම් වූ සාම්ප්‍රදායික අයවැයකින් තොරවූවක් බව සිය අය වැය කථාව අවසන් කරමින් මුදල් ඇමැති රවී කරුණානායක මහතා පැවසීය.
‘සියලු ශ්‍රී ලාංකිකයන් බලාත්මක කිරීමට පියවර ගෙන ඇත. මහජනයාට බදු පැටවීම අවශ්‍ය නැත. අප වැටී සිටින ණය උගුලින් ගැලවීමට නිරන්තර සටනක් කිරීමට සිදුවී තිබෙනවා.
අපගේ රජය ආර්ථික යුද්ධය අනාගත පරම්පරාවට උරුම නොකිරීමට කටයුතු කරනවා.
අප යන ගමනට සියල්ලගේ සහාය අවැසිය. අප ළඟ විවිධ මතවාද ඇත. ඒවා ඉදිරිපත් කිරීමට අපට අයිතියක් ඇත. එහෙත් අවසාන වගකීම අපට ඡන්දය දුන් අයගේ අපේක්ෂා ඉටු කිරීමයි.
අප අනාගතය අප විසින්ම අහිමි කරනොගෙන ඉදිරි පරම්පරාවට සුරක්ෂිත අනාගතයක් ලබාදීමට කටයුතු කරනවා.‘ යැයි ද මුදල් ඇමැතිවරයා කීය.
මුදල් ඇමැතිවරයා පස්වරු 2ට ආරම්භ කළ අය වැය කථාව පස්වරු 5 දක්වා පැවැත්විණි. අයවැය සකස් කිරීම සඳහා උපකාර කළ සියලු දෙනාට ස්තූති කිරීමට ද කරුණානායක මහතා කටයුතු කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කිසිම වැදගත්කමක් නැති, පොඩි ළමයෙක් හැදුවා වගේ අයවැයක්. මහාපරිමාණ සංවර්ධන ව්‍යාපෘති එකක්වත් නැත. පරිප්පු අඩු කරලා උඩපනින මුදල් ඇමති කෙනෙක් ඉන්න රටක් විදිහට අපිට ලැජ්ජයි (නි)
අපට නම් මෙය කොහොමත් අයවැයක් නොවෙයි. අධිවේගී මාර්ගයේ රුපියල් 50 අඩුකළා කියලා කාටද සෙත. අල රුපියල් 5 අඩුකිරීම විහිළුවක් නොවේද? මේක බෙල්ල කඩලා හරි සල්ලි සෙවීමේ අයවැයක්. ඊටපසු ගහයි කාබන් මොනොක්සයිඩ් බද්දක්. (නි)
ඔබතුමාලගේ අනාගතය නම් සුරක්ෂිතයි දැනටමත් (නි)
සහතික ඇත්ත ,මේක ගල් සියබලා අයවැයක්, (අ)
මේක කොන්දොස්තර අයවැයක් මොකද මේ සොච්චම් මුදල බස් කොන්දොස්තර ආපසු නොදේ ..(බ)
සුභාෂිතයේ සඳහන් වෙනවා පාලකයෝ බදු අය කළ යුත්තේ බඹරෙකු මලකින් රොන්ගන්නා ආකාරයට මල නොතළා කියල. රේන්ද කාරය ගස් මදින එක්කෙනාට කියන්නේ මල හොඳට තලපන් කියල හොඳට රා පෙරෙන්න. ජනතාව දැනගන්න ඕනේ මේ මැදිවෙලා ඉන්නේ බඹරෙකුටද නැත්නම් රා මදින්නේකුටද කියල. අවසාන විග්‍රහයේදී වෙහෙසවෙලා පැණි එකතු කළ බඹරා ට පැණි හම්බ වෙන්නෙත් නැහැ. ගහ මැදපු රා මදින්නා ටත් රා ටික අයිති නැහැ. මේ න්‍යායට අනුව දේසපාලකයා අයත් වන්නේ නිෂ්පාදනය හොරකම් කරන්නාට වීම ඛේදජනකයි. (අ)
ආර්ථික විද්‍යාඥයින් පැත්තක් ඉඳිද්දී ගණකාධිකාරවරුන් මුදල් ඇමතිවරු කරන පුදුම පාලනයක්. (නි)
ඔය කාපුවා වමාරන්න වෙයි කොයි කාටත්. (නි)
එ්ක ඇත්ත. එ්කනේ නඩු දානවට සල්ලි ගන්නේ. මං හිතන්නේ යහපාලන මෙතඩ් එකට මිනීමරාගෙන විසඳගන්න පුළුවන්නේ. මෙහෙමත් ආණ්ඩුවක් ලෝකෙම නැහැ (නි)
"ඉදිරි පරම්පරාවට සුරක්ෂිත අනාගතයක් ලබාදීමට කටයුතු" කරන්න කලින් ඕගොල්ලන්ට ලබන මැතිවරණයට තනියෙන් මුහුණ දුන්නොත් වෙන වැඩේ ගැන ටිකක් හිතලා බැලුවොත් හොඳයි නේද (නි)