මැයි රැළි හා පෙළපාලි නිසා අඟහරුවාදා කොළඹ මාර්ග කිහිපයක් වසා තැබේ. එම මාර්ග මෙසේය.
- කොළඹ නගර සභා පිටියේ පැවැත්වෙන එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මැයි රැළිය නිසා අඟහරුවාදා 12න් පසු බේස්ලයින් පාර (දෙමටගොඩ හංදිය සිට බොරැල්ල හංදිය දක්වා කනත්ත හංදිය සිට මහවත්ත හංදිය දක්වා), මරදාන පාර (බොරැල්ල සිට මරදාන හංදිය දක්වා) , ඞීන්ස් පාර, කන්නන්ගර මාවත, වෝඞ් පෙදෙස, ලිප්ටන් වටරවුම හංදිය, ආයුර්වේද වටරවුම, කාසල් වීදිය, කනත්ත පාර, තිඹිරිගස්යාය පාර (ටොරින්ටන් ඇවනිව් හංදිය සිට මහවත්ත හංදිය දක්වා) සම්පූර්ණයෙන් වසා තැබීම හෝ වාහාන ගමනා ගමනය සීමා කිරීම සිදුවේ.
- ජනතා විමුක්ති පෙරමුණේ මැයි රැළිය කොළඹ බී.ආර්.සී පිටියේදී පැවැත්වෙන බැවින් පස්වරු 12න් පසු සරණංකර පාර, පාමංකඩ හංදිය, ස්ටෑෆඞ් මාවත, හයිලෙවල් පාර (කිරුලපන සිට ඩික්මන් පාර දක්වා) සම්පූර්ණයෙන්ම වසා දැමීම හෝ වාහන ගමනාගමනය සීමා කිරීම සිදුවේ.
- දිවංගත පේ‍්‍රමදාස ගුණසැමරුම කොළඹ අලූත්කඬේ පිළිරුව අභියසදි පැවැත්වෙන බැවින් දවල් 12න් පසු සිරිමාවෝ බණ්ඩාරනායක මාවත, ජේතවන පාර, ආමර් බාබර් හංදිය, සුමනතිස්ස මාවත, සංඝරාජ වට රවුම, සංඝරාජ මාවත, කාර්මික විදුහල හංදිය, ශාන්ත බස්තියම කන්ද පාර, මිහිදු මාවත (ගුණසිංහපුර හංදිය සිට) උසාවිය පාර (වේල්ලිවිදිය හංදිය සිට) සම්පූර්ණයෙන් වසා දැමීම හෝ වාහන ගමනාගමනය සීමාකීරීම සිදුවේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පාරවහල් වහගෙන තමයි ජනතාවට බොරු කියන්නේ