IMG-LOGO

2025 සැප්තැම්බර් මස 11 වන බ්‍රහස්පතින්දා


මැයි රැලිවල වියදම කෝටි 200යි

(සුජිත් හේවාජුලිගේ)

දේශපාලන පක්ෂ මැයි දින රැලි සහ පෙළපාළි වෙනුවෙන් රුපියල් කෝටි දෙසීයකට ආසන්න මුදලක් මෙවර වැය කර ඇතැයි අප කළ සොයා බැලීමකදී තොරතුරු අනාවරණය විය.

උද්ධමනකාරී තත්වය හේතුවෙන් මැයි රැලි සංවිධාන කිරීමට ඉතිහාසයේ වැඩිම මුදල වැය කිරීමට මෙවර සිදුවූ බව දේශපාලන පක්ෂ නායකයෝ පවසති.

දේශපාලන පක්ෂ වැඩි මුදලක් මෙවර වැය කර ඇතැයි පැවසෙන්නේ මැයි රැලිවලට ජනතාව රැගෙන ඒම සඳහා ප්‍රවාහන වියදම් වෙනුවෙනි.

සෙසු මුදල් වැයවී ඇත්තේ වේදිකා සකස් කිරීම, ශබ්ද විකාශන යන්ත්‍ර ලබා ගැනීම සහ ආලෝක කරන කටයුතු, රැස්වීම් අවට ප්‍රදේශ සැරසිලි කිරීම, පාක්ෂිකයන්ට ආහාර පාන ලබාදීම යනාදී කටයුතු වෙනුවෙනි.

මැයි රැලි සහ පෙළපාළි සංවිධාන කිරීම සඳහා බොහෝ දේශපාලන පක්ෂ අරමුදල්වලින් වැඩිම බර පැනක් දරූ බව සඳහන් කරන පක්ෂ නායකයෝ ආසන සංවිධායකවරුන් සහ විවිධ දානපතීන් ද මැයි රැලි සංවිධාන කිරීමට උදව් කළ බව ප්‍රකාශ කරති.

මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා පැවැසුවේ ජාතික ජන බලවේගයේ මැයි දින සැමරුමට මෙවර වැඩිම මුදලක් වැය කිරීමට සිදුවූ බවයි.

ජාතික ජන බලවේගයේ මැයි දින රැස්වීම් දිස්ත්‍රික්ක හතරක පැවැත්වුණ හෙයින් වියදම එසේ ඉහළ ගිය බව ද ඔහු සඳහන් කළේය.

වේදිකාව, ශබ්ද විකාශන, ආලෝක පද්ධති සහ සුළු ප්‍රචාරණ කටයුතු කිහිපයකට පමණක් පක්ෂ මූලස්ථානය වියදම් දරන බවත් සෙසු වියදම් සියල්ල දිස්ත්‍රික්කවල සංවිධායකවරුන් ඒකාබද්ධවී දරන බවත් සිල්වා මහතා ප්‍රකාශ කළේය.

 



අදහස් (17)

මැයි රැලිවල වියදම කෝටි 200යි

පුරවැසියා Thursday, 02 May 2024 11:12 PM

සීනි බදු වංචාව, මහ බැංකු වංචාව, හෙජින් මුදල් තරම් නැහැ නේ

:       28       12

chandima Thursday, 02 May 2024 11:34 PM

ඒ වියදම් කවර් කරගන්න වෙන්න ඇති සංචාරකයින්ට දෙන වීසා වලට ගානක් එකතුකරලා වැඩක් දෙන්න ගියේ ? ඒත් වැඩේ කෙල උනා

:       28       11

saman Thursday, 02 May 2024 11:38 PM

කම්කරුවන් වෙනුවෙන් හඩක් නොමැති, පක්ෂ දේශපාලන මැයි රැලිවලට කෝටි 200යක් වියදම් කර අවසානයේ ලබාගත් ප්‍රතිපලය කුමක්ද ? කෝටි 200ක විශාල මුදලක් මහජන /කම්කරු සුබසෙත වෙනුවෙන් යෙදවීමට හැකිව තිබියදී සමහර දේශපාලන පක්ෂ මැයි රැලි 5ක් පැවැත්වුයේ කෙසේද ? ඔවුන්ට මුදල් ලැබුනේ කෙසේද ? මෙවැනි දේශපාලන රැවටිලිවලට කම්කරුවන් නිහඩව සිටින්නේ මන්ද ?

:       9       39

Jalani Friday, 03 May 2024 12:31 AM

අපරාදේ සජියා වියදම් කරපු සල්ලි. සජබ රැළිය දැක්කම විළි ලැජ්ජාවේ බෑ.

:       31       12

Perera Friday, 03 May 2024 12:43 AM

කම්කරු දිනය සැමරීමට වඩා සියලුම පක්ෂ මෙදා පාර කලේ මැයි දින රැලි නාමේ මුවාවෙන් තම තමන්ගේ ජනාධිවරණ ප්‍රචාරයක වැඩසටහන්

:       1       39

sam Friday, 03 May 2024 03:10 AM

ඕකට ජවිපෙ අදාළ කරගන්න එපා. ඒගොල්ලන්ට බස් හිමියන් බස් එක නිකං දුන්නා. ෂෙඩ් හිමියන් නිකං ඩීසල් දුන්නා. රියදුරා නොමිලේ වාහනේ එලෙව්වා. පාක්ෂිකයොත් බත් පැකට්, අරක්කු මුකුත්ම ලබා ගන්නේ නැතුව තම සේවය නොමිලේ ලබා දුන්නා.

:       32       14

මුවන්පැලැස්සේ පිනාFriday, 03 May 2024 11:24 AM

කවුද ඩාලිං උඹට ඔය බූරු මොළයක් බද්ධ කළේ කියපංකෝ. මටත් ජනාධිපතිවරණයට ඉස්සෙල්ලා බූරු මොළයක් බද්ධ කර ගත්තේ නැත්නම් මාලිමාවට ඡන්දය දෙන්න හිතෙන එකක් නැහැ. රෝහලේ නමත් කියපං වරද්දන්න එපා හොදේ.

:       2       28

සෙනෙවිරත්න Friday, 03 May 2024 04:57 AM

ජාතික ජනබලවේගයේ වියදම ගැන ඉතින් අපට හොඳ හොඳ රචනා බලගතහැකි. අනිත් ඒවට මුදලාලිල ගෙව්වට පස්සෙ අපටම ගෙවන්න ඔය අප්පුහාමිල බලයට ආවොත් කටයුතු කරන බව දැන්මම කියන්නම්. සීනිබදු වංචාව වැඩිකලක් නොවෙයි.

:       25       6

ගජමෑන් Friday, 03 May 2024 06:19 AM

ඉතින් ඔය වියදම් මැතිවරණය අවසන් වුනාට පස්සෙ පොලියත් එක්ක සොයාගන්න ඕන එහෙම නැත්නම් මේවා කරල මොකටද කියලා ජනතාව තේරුම් ගත්තොත් එදා සිට රට හදන්න පුළුවන් වේවි විපක්ෂයේ නායක පාසල් වෙනුවෙන් හෝ මොනවා කලත් මාලිමාව ජනතාව වෙනුවෙන් කරන සතයක සෙතක් නැහැ ඒත් මේ අනවශ්‍ය දේවල් වෙනුවෙන් කෝටි ගණනක් වියදම් කරනවා මොකටද කිව්වොත් පක්ෂය පුම්බා ගන්න හා ඇස්බැන්දුම් මගින් ජනතාව රැවටීමේ උපක්‍රමයක් හැටියට තමයි

:       3       31

සුජිත් පල්ලේවත්ත Friday, 03 May 2024 07:26 AM

වියදම එසේ වූවද ,කම්කරුවන් ගැන කතා කල පක්ෂයක් වේදිකාවක් මැයි 1 වැනිදා තිබුනේ නැත.සියලු වේදිකාවල ගිගුරුම් දුන්නේන අනික් පක්ෂවල වැරදි සහ ඉදිරි ජජනාධිපතිවරණය ගැනම පමණි. කම්කරුවන් සුපුරුදු පරිදි එදත් සේවයට වාර්තා කලහ..

:       1       19

සිසිර Friday, 03 May 2024 08:26 AM

අරක්කු කාලයි රුපියල් පන්දහයි දීලා මිනිස්සු ගෙන්න ගන්නෙ නැති පාක්ෂිකයෝ තමන්ගේ වියදමින් රැලියට එන ගිය තැන වනසන්නෙ නැතුව තිබුනටත් වඩා හොඳට පිරිසිදු කරලා ආපහු එන එකම පක්ෂය ජනතා විමුක්ති පෙරමුණ.

:       35       21

ලලිත් පුෂ්පකුමාර Friday, 03 May 2024 09:41 AM

නිල් කොල දේශපාලන පක්ෂ දෙක අරක්කු වලටයි අල්ලස් වලටයි බෙදපු සල්ලි ඔය සංඛ්‍යාලේකන වලට දැම්මොත් කෝටි 1000 පනිනවා

:       26       9

සෙනෙවිරත්න Friday, 03 May 2024 10:10 AM

ගජමෑන් ඉතිං හැමදාම කලේ විහිලු විතරනේ. මාලිමාව අවශ්‍ය අවස්ථාවලදි සේවය කලා, මේ නිකං හිඟමන් දීලා සද්දෙ දාන අය එතන නැහැ. සජිත් වගේ හිඟන්නන්ට පව්ඩර් දාල වැඩක් නැහැ.

:       32       8

සේවයFriday, 03 May 2024 05:53 PM

සේවය කරපු එක අවස්ථාවක් කියන්න වැව් දසදහසද?

:       1       0

Rohana Friday, 03 May 2024 12:04 PM

කම්කරුවා අමතක කර පක්ෂ දේශපාලනය කතා කරන මැයි දිනය. තරගෙට පක්ෂ දේශපාලනය කතා කරන බැවින් මේ දින කම්කරු දිනයක් වශයෙන් සැලකිය නොහැක.

:       0       18

ලංකාපුත්‍ර Friday, 03 May 2024 03:00 PM

රෝහන හරියටම හරි ඇත්තටම කම්කරුවන් ගැන සැබෑම හැගීමක් තියෙනවා නම් විශේෂයෙන්ම නගර හා වීදියේ පවිත්‍රතාවය රකින සියලු දෙනාමත් රටේ ආර්ථික වර්ධනය වෙනුවෙන් අව්ව වැස්ස නොතකා වතුවල සේවකයින්ට දිනම අපහසු නම් වරුවක් හෝ වැටුප් සහිත නිවාඩුවක් දීලා ඔවුන්ට ඇදුමක් සමග පෝෂ්‍යදායක ආහාර වේලක් දීමට ඔය මුදල් යෙදෙව්වා නම් ඒක සත්‍යම කම්කරු දිනයක් කියන්න පුළුවන් ඒක පළාත් පාලන ආයතන ප්‍රදේශවල කරන්න හැකියාව තියෙනවා කිසිම දේශපාලකයෙකුට එහෙම නොසිතුනේ ඇයි

:       0       1

Bamunuarachchi Sunday, 05 May 2024 02:30 AM

කමක් නැහැ... මේ පොට්ටනි ගහගෙන ඉන්න පක්ෂ සල්ලි ගියේ පිටරට නොවෙයි ජනතාව අතරටයි...!

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 723 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී. 2025 අගෝස්තු මස 22 17973 10
බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී.

සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට 2025 අගෝස්තු මස 21 773 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට

ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්

Our Group Site