
(සුජිත් හේවාජුලිගේ)
දේශපාලන පක්ෂ මැයි දින රැලි සහ පෙළපාළි වෙනුවෙන් රුපියල් කෝටි දෙසීයකට ආසන්න මුදලක් මෙවර වැය කර ඇතැයි අප කළ සොයා බැලීමකදී තොරතුරු අනාවරණය විය.
උද්ධමනකාරී තත්වය හේතුවෙන් මැයි රැලි සංවිධාන කිරීමට ඉතිහාසයේ වැඩිම මුදල වැය කිරීමට මෙවර සිදුවූ බව දේශපාලන පක්ෂ නායකයෝ පවසති.
දේශපාලන පක්ෂ වැඩි මුදලක් මෙවර වැය කර ඇතැයි පැවසෙන්නේ මැයි රැලිවලට ජනතාව රැගෙන ඒම සඳහා ප්‍රවාහන වියදම් වෙනුවෙනි.
සෙසු මුදල් වැයවී ඇත්තේ වේදිකා සකස් කිරීම, ශබ්ද විකාශන යන්ත්‍ර ලබා ගැනීම සහ ආලෝක කරන කටයුතු, රැස්වීම් අවට ප්‍රදේශ සැරසිලි කිරීම, පාක්ෂිකයන්ට ආහාර පාන ලබාදීම යනාදී කටයුතු වෙනුවෙනි.
මැයි රැලි සහ පෙළපාළි සංවිධාන කිරීම සඳහා බොහෝ දේශපාලන පක්ෂ අරමුදල්වලින් වැඩිම බර පැනක් දරූ බව සඳහන් කරන පක්ෂ නායකයෝ ආසන සංවිධායකවරුන් සහ විවිධ දානපතීන් ද මැයි රැලි සංවිධාන කිරීමට උදව් කළ බව ප්‍රකාශ කරති.
මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා පැවැසුවේ ජාතික ජන බලවේගයේ මැයි දින සැමරුමට මෙවර වැඩිම මුදලක් වැය කිරීමට සිදුවූ බවයි.
ජාතික ජන බලවේගයේ මැයි දින රැස්වීම් දිස්ත්‍රික්ක හතරක පැවැත්වුණ හෙයින් වියදම එසේ ඉහළ ගිය බව ද ඔහු සඳහන් කළේය.
වේදිකාව, ශබ්ද විකාශන, ආලෝක පද්ධති සහ සුළු ප්‍රචාරණ කටයුතු කිහිපයකට පමණක් පක්ෂ මූලස්ථානය වියදම් දරන බවත් සෙසු වියදම් සියල්ල දිස්ත්‍රික්කවල සංවිධායකවරුන් ඒකාබද්ධවී දරන බවත් සිල්වා මහතා ප්‍රකාශ කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සීනි බදු වංචාව, මහ බැංකු වංචාව, හෙජින් මුදල් තරම් නැහැ නේ
ඒ වියදම් කවර් කරගන්න වෙන්න ඇති සංචාරකයින්ට දෙන වීසා වලට ගානක් එකතුකරලා වැඩක් දෙන්න ගියේ ? ඒත් වැඩේ කෙල උනා
කම්කරුවන් වෙනුවෙන් හඩක් නොමැති, පක්ෂ දේශපාලන මැයි රැලිවලට කෝටි 200යක් වියදම් කර අවසානයේ ලබාගත් ප්‍රතිපලය කුමක්ද ? කෝටි 200ක විශාල මුදලක් මහජන /කම්කරු සුබසෙත වෙනුවෙන් යෙදවීමට හැකිව තිබියදී සමහර දේශපාලන පක්ෂ මැයි රැලි 5ක් පැවැත්වුයේ කෙසේද ? ඔවුන්ට මුදල් ලැබුනේ කෙසේද ? මෙවැනි දේශපාලන රැවටිලිවලට කම්කරුවන් නිහඩව සිටින්නේ මන්ද ?
අපරාදේ සජියා වියදම් කරපු සල්ලි. සජබ රැළිය දැක්කම විළි ලැජ්ජාවේ බෑ.
කම්කරු දිනය සැමරීමට වඩා සියලුම පක්ෂ මෙදා පාර කලේ මැයි දින රැලි නාමේ මුවාවෙන් තම තමන්ගේ ජනාධිවරණ ප්‍රචාරයක වැඩසටහන්
ඕකට ජවිපෙ අදාළ කරගන්න එපා. ඒගොල්ලන්ට බස් හිමියන් බස් එක නිකං දුන්නා. ෂෙඩ් හිමියන් නිකං ඩීසල් දුන්නා. රියදුරා නොමිලේ වාහනේ එලෙව්වා. පාක්ෂිකයොත් බත් පැකට්, අරක්කු මුකුත්ම ලබා ගන්නේ නැතුව තම සේවය නොමිලේ ලබා දුන්නා.
ජාතික ජනබලවේගයේ වියදම ගැන ඉතින් අපට හොඳ හොඳ රචනා බලගතහැකි. අනිත් ඒවට මුදලාලිල ගෙව්වට පස්සෙ අපටම ගෙවන්න ඔය අප්පුහාමිල බලයට ආවොත් කටයුතු කරන බව දැන්මම කියන්නම්. සීනිබදු වංචාව වැඩිකලක් නොවෙයි.
ඉතින් ඔය වියදම් මැතිවරණය අවසන් වුනාට පස්සෙ පොලියත් එක්ක සොයාගන්න ඕන එහෙම නැත්නම් මේවා කරල මොකටද කියලා ජනතාව තේරුම් ගත්තොත් එදා සිට රට හදන්න පුළුවන් වේවි විපක්ෂයේ නායක පාසල් වෙනුවෙන් හෝ මොනවා කලත් මාලිමාව ජනතාව වෙනුවෙන් කරන සතයක සෙතක් නැහැ ඒත් මේ අනවශ්‍ය දේවල් වෙනුවෙන් කෝටි ගණනක් වියදම් කරනවා මොකටද කිව්වොත් පක්ෂය පුම්බා ගන්න හා ඇස්බැන්දුම් මගින් ජනතාව රැවටීමේ උපක්‍රමයක් හැටියට තමයි
වියදම එසේ වූවද ,කම්කරුවන් ගැන කතා කල පක්ෂයක් වේදිකාවක් මැයි 1 වැනිදා තිබුනේ නැත.සියලු වේදිකාවල ගිගුරුම් දුන්නේන අනික් පක්ෂවල වැරදි සහ ඉදිරි ජජනාධිපතිවරණය ගැනම පමණි. කම්කරුවන් සුපුරුදු පරිදි එදත් සේවයට වාර්තා කලහ..
අරක්කු කාලයි රුපියල් පන්දහයි දීලා මිනිස්සු ගෙන්න ගන්නෙ නැති පාක්ෂිකයෝ තමන්ගේ වියදමින් රැලියට එන ගිය තැන වනසන්නෙ නැතුව තිබුනටත් වඩා හොඳට පිරිසිදු කරලා ආපහු එන එකම පක්ෂය ජනතා විමුක්ති පෙරමුණ.
නිල් කොල දේශපාලන පක්ෂ දෙක අරක්කු වලටයි අල්ලස් වලටයි බෙදපු සල්ලි ඔය සංඛ්‍යාලේකන වලට දැම්මොත් කෝටි 1000 පනිනවා
ගජමෑන් ඉතිං හැමදාම කලේ විහිලු විතරනේ. මාලිමාව අවශ්‍ය අවස්ථාවලදි සේවය කලා, මේ නිකං හිඟමන් දීලා සද්දෙ දාන අය එතන නැහැ. සජිත් වගේ හිඟන්නන්ට පව්ඩර් දාල වැඩක් නැහැ.
කම්කරුවා අමතක කර පක්ෂ දේශපාලනය කතා කරන මැයි දිනය. තරගෙට පක්ෂ දේශපාලනය කතා කරන බැවින් මේ දින කම්කරු දිනයක් වශයෙන් සැලකිය නොහැක.
කමක් නැහැ... මේ පොට්ටනි ගහගෙන ඉන්න පක්ෂ සල්ලි ගියේ පිටරට නොවෙයි ජනතාව අතරටයි...!