මීයන් විනාශ කිරීම සඳහා යොදන ප්‍රමිතියකින් තොර රසායනික ද්‍රව්‍යය ගෙදර කුඩා දරුවන්ට මාරකයක් විය හැකි නිසා මිලට නොගන්නැයි කොළඹ ජාතික රෝහලේ ජාතික විස තොරතුරු මධ්‍යස්ථානයේ ප්‍රධානි කායිකරෝග විශේෂඥ වරුණ ගුණතිලක මහතා ප්‍රජාව හමුවේ අනතුරු ඇගවීමක් කරයි .
මෙවැනි බොහෝ මී පාසනම් දීප්තිමත් වර්ණයන් නිකුත් කරන බවත් මව්පියන් ඇතුළු වැඩිහිටියන් ඉවක් බවක් නැතිවඒවා තැන තැන තැබීම නිසා ලේසියෙන්ම දරුවන්ට අසුවන බවත් එහි නිෂ්පාදනය හා නිෂ්පාදිත දිනයක් එහි අන්තර්ගතය සම්බන්ධව කිසිම තොරතුරක් සඳහන් නොවෙන බවත් ගුණතිලක මහතා පවසයි.
එවන් මී නාශක මිලදි ගැනීමෙන් භයානක ප්‍රථිපල ඇති වී තිබෙන බවට හෙළිදරව් කරගෙන ඇත.විශේෂයෙන් වයස අවුද්දේ සිට වයස අවුරුදු තුන දක්වා දරුවන්ට එවැනි විස ශරීරගතවීමේ අවස්ථා බොහෝ යැයිද ඊට හේතුව ඉවක් බවක් නැතිව ඒවා තැන තැන තැබීම යැයිද කියති.මී නාශක දීප්තිමත් වර්ණ වලින් යුක්තය.එම නිසා දරුවන්ගේ ආකර්ශනයට එය හේතු වී ඇත.
ලෝක සෞඛ්‍ය සංවිධානයේ නිර්දේශය මත මෙවන් රසායන ද්‍රව්‍ය සඳහා දරුවන්ගේ ආකර්ශණයට ඉවහල්වන වර්ණ යෙදීම සපුරා තහනම්ය.
ශ්‍රී ලංකාවේ ගෘහස්ත විස වීම් සංඛ්‍යාව වසරින් වසර ඉහළ අගයක් ගනිමින් පවතී.එහිදී ප්‍රමිතියකින් තොර විස ශරීරගත රසායන ද්‍රව්‍ය දරුවන් කෑම නිසා සිදු වන විස වීම්ද නිතර දකින්නට ලැබෙන බව දොස්තර වරුණ ගුණතිලක මහතා සඳහන් කරයි.
2025 දෙසැම්බර් මස 18
176
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
155
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
960
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
මීයා මරාගන්න ගිහින් දරුවන් මරාගන්න එපා
දුමින්ද Wednesday, 25 February 2015 06:55 AM
දරුවන්ට අපි හොඳම දේ දියයුතුයි (නි)
දුලිප් Wednesday, 25 February 2015 08:04 PM
මේ සතියේ කැනඩාවේ නගරයක මේ හා සමාන දෙයක් සිදුවුණා. පාකිස්තානයේ නිවාඩුවට ගොස් ආ දෙමාපියන් ගෙනා මකුණන්ට දමන බෙහෙතක් විෂ වී පුංචි දරුවෙක් මැරුණා. තව දරුවන් තිදෙනෙකුට අසාධ්‍යයි. ඒ රසායනිකය ගොවිපොළවල් වල පාවිච්චි කරන එකක්. අපේ රටවලට මේවාට ප්‍රමිතියක් නැත්තේ ඇයි? සාමාන්‍ය මිනිසුන්ව දැනුවත් කළයුතුයි, ඒ අය අහන බලන වැඩසටහන් හරහාවත්. (නි)