මැයි පෙළපාලිය කියන්නේ දේශපාලන ප්‍රශ්නයක් නෙමෙයි මැතිවරණයක් නෙමෙයි, කම්කරුවගේ අයිතීන් දිනා ගැනීම බව පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රසන්න රණතුංග මහතා අද (26) බත්තරමුල්ල හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ කාර්යාලයේදි පැවසීය.

වැඩිදුරටත් අදහස් දක්වමින් රණතුංග මහතා කියා සිටියේ

“අද මේ රජය බලයට පත් වෙලා රාජ්‍ය සේවකයගේ විශ්‍රම වැටුප නැති කරලා තියනවා.රාජ්‍ය සේවාව කප්පදු කරලා පෞද්ගලිකකරණය කරා මේ රට ගෙන යනවා. ගොවියා කලකිරිලා තියනවා. පොලිසීය කලකිරිල තියනවා හමුදාව කලකිරිල තියනවා. අද වෙනකොට ලොකු විවේචනයක් මේ රට පුරා ආණ්ඩුවට විරුද්ධව තියනවා. එතකොට කම්කරුවගේ අයිතිය ලබා ගන්න පුළුවන් ආණ්ඩුවට කරන අරගලයකින් විතරයි.” යනුවෙනි

DSC_0848