(අංජුල මහික වීරරත්න, නිමල කොඩිතුවක්කු සහ යොහාන් භාසුර)

ලෝක කම්කරු දිනය සමරමින් ශ්‍රී ලංකාවේ සියලුම දේශපාලන පක්ෂ මෙවර මැයි දිනය උත්කර්ෂවත් අයුරින් පැවැත්වීය.

රට පුරාම මැයි රැළි 40ක් පැවැත්වුණු  අතර කොළඹ දිස්ත්‍රික්කය කේන්ද්‍ර කර ගනිමින් මැයි රැලි 14ක් පමණ පැවැත්විණි.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා  නායකත්වය දරන එක්සත් ජාතික පක්ෂයේ මැයි දින රැළිය කොළඹ මාලිගාවත්ත පොලිසිය අසල මාර්ගයේදී පැවැත්වුණු  අතර විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා  නායකත්වය දරන සමගි ජන බලවේගයේ මැයි දින රැළිය කොළඹ චැතම් වීදියේ දී පැවැත්විණි.

පොදුජන පෙරමුණේ මැයි රැළිය හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් බොරැල්ල කැම්බල් පිටියේදී පැවැත්විණි.

ජාතික ජන බලවේගය මෙවර මැයි දින රැළි හතරක් පැවැත්වූ අතර එහි නායක අනුර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ කන්නන්ගර මාවතේදී ජාජබ කොළඹ මැයි රැලිය පැවැත්විණි . මාතර,අනුරාධපුර සහ යාපනයේදී ජාතික ජන බලවේගයේ සෙසු මැයි රැලි පැවැත්විණි.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මැයි දින රැළිය ගම්පහ මහජන ක්‍රීඩාංගණයේදී පැවැත්වුණු  අතර එක්සත් සමාජවාදී පක්ෂය ග්‍රෑන්ඩ්පාස් හිදී මැයි රැලිය පැවැත්වීය.

මෙවර පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ මැයි රැළිය පැවැත්වූයේ කොළඹ හයිඩ් පිටියේදීය.ස්වාධීන ඒකාබද්ධ වෘත්තීය සමිති කොළඹ විහාර මහා දේවී උද්‍යානය ආශ්‍රිත භූමියේදී මැයි  රැලිය පැවැත්වීය.


එජාපය කොළඹ මාලිගාවත්ත පොලිසිය අසල -

(ජායා ළහිරු හර්ෂණ)

එජාපය කොටගල - ජායා රංජිත් රාජපක්ෂ


පොදු ජන පෙරමුණ මැයි රැළිය කොළඹ කැම්බල් පිටියේදී

(ඡායාරූප: රුෂිරු කොළඹතන්ත්‍රිගේ)


ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මැයි රැළිය ගම්පහ නගර සභා පිටියේදී

(ඡායාරූප: තිලකරත්න දිසානායක සහ පුෂ්පකුමාර මල්ලවආරච්චි)


ජාජබ කොළඹ කන්නන්ගර මාවත

(ඡායා යොහාන් භාසුර)


යාපනය

(ඡායාරූප : සිතුම් චතුරංග)


ජාජබ  අනුරාධපුර

(ඡායාරූප : බී.ජී චතුරංග)


(ඡායාරූප: දයාරත්න ඇඹෝගම)

ජාජබ මාතර- ක්‍රිෂාන් ජීවක ජයරුක්

 


කොළඹ කොටුව චැතැම් වීදීය

(ඡායාරූප : ජයමාල් චන්ද්‍රසිරි)

සමගි ජනබලවේගය තලවකැලේ - ජායා රංජිත් රාජපක්ෂ