හලාවත සිට නයිනමඩම දක්වා මුහුදු වෙරළට සමාන්තරව ඇති මාර්ග‍ය තල්විල මෝය අසලදී කැඩී විනාශ වී යාමට පටන් ගෙන ඇති අතර එම ස්ථානයට පාලමක් හදා දෙන ‍ලෙස ප්‍රදේශවාසීහු ඉල්ලා සිටිති.

හලාවත - කොළඹ ප්‍රධාන මාර්ගයට සමාන්තරව දිවෙන මෙම මාර්ගය ප්‍රධාන මාර්ගයේ යම් වාහන තදබදයක් ඇති වුවහොත් ඊට විකල්පයක් ලෙසද භාවිතා කරන මාර්ගයකි.එමෙන්ම මුහුදු තීරයේ ජීවත් වන අති විශාල ජනතාවක් ද මෙම මාර්ගය දිනපතා භාවිතා කරති.මුහුදු තීරයේ පිහිටා ඇති තරු පන්ති හෝටල් වලට මෙන්ම සාමාන්‍ය හෝටල් වලට සංචාරකයින්ට ගමන් කිරීමට ඇති පහසුම මෙන්ම කෙටිම මාර්ගය ද මෙය වන්නේය.

10[1] 12[1] 13[1]