
(යොහාන් භාසුර)
ජාත්‍යන්තර කම්කරු දිනය සහ රාමසාන් උත්සවය යෙදී තිබෙන මැයි මස 1 සහ 3 වැනිදා දෙදින විදුලි කප්පාදු නොකරන බව විදුලිබල මණ්ඩලය පවසයි.
මැයි මස 2 සහ 4 දෙදින තව දුරටත් සියලුම කළාපවලට පැය 3 යි මිනිත්තු 20 ක් විදුලිය කප්පාදු කරන බව ද ලංකා විදුලිබල මණ්ඩලය සඳහන් කරයි.
‘ඒ’ සිට ‘ඩබ්ලිව්’ දක්වා කලාප කලාප 20 ට පෙරවරු 9.00 සිට පස්වරු 5.00 දක්වා දහවල් කාලයේ වරින්වර පැය 2 ක් ද, පස්වරු 5.00 සිට රාත්‍රී 9.00 දක්වා පස්වරුවේ පැයයි විනාඩි 20 ක් ද, විදුලිය කප්පාදු කරන බවත් ලංකා විදුලිබල මණ්ඩලය කීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපිට අදාල කලාපය මොකක්ද කියලා දන්නේ නැහැ. නමුත් අපි CEB Care හරහා බැලුවාම විසංධි කිරීමට තියෙන වෙලාවට වෙනස් වෙලාවල විසංධි කිරීමට කටයුතු කිරීම තමයි ඉවසන්න බැරි.. එහෙම කළාම කිසිම වැඩක් කරගන්න බැහැ. හරියට වත්මන් ආණ්ඩුව වගෙයි.
විදුලිය අවශ්‍ය වැඩකරන දිනවල මිසක් නිකන් ගෙදර ඉන්න දිනවල නොවේ...