IMG-LOGO

2025 දෙසැම්බර් මස 14 වන ඉරිදා


මුම්බායි බුකිකරුවෝ අලූත් පොතක් පෙරළති

අයි. පී. එල්. තරගාවලියේ තරග කිහිපයක ප‍්‍රතිඵල වෙනස් කරවාගැනීම සඳහා තමන් ශී‍්‍ර ලාංකික කී‍්‍රඩකයකුට ඉන්දීය රුපියල් මිලියන 100 ක මුදලක් දුන්නේ යැයි ඉන්දීය බුකිකරුවකු ප‍්‍රකාශ කළ බව වාර්තා වේ. මුම්බායි පොලිස් වාර්තා උපුටා දක්වමින් ‘ටයිම්ස් ඔෆ් ඉන්දියා’ පුවත් පත මේ බව පසුගිය සෙනසුරාදා (19 වැනිදා) වාර්තා කළේය. මෙම ප‍්‍රකාශය සම්බන්ධයෙන් ශී‍්‍ර ලංකා කි‍්‍රකට් ආයතනයේ ලේකම් නිශාන්ත රණතුංග මහතාගෙන් ඊයේ (20 වැනිදා) කළ විමසීමකදී ඒ මහතා කියා සිටියේ එවැන්නක් පිළිබඳ කිසිදු පැමිණිල්ලක් ලැබී නැති බව ඉන්දීය කි‍්‍රකට් පාලක මණ්ඩල නිලධාරීන් තමන්ට සහතික කළ බවයි ”බුකිකරුවකු විසින් කරන ලදැයි කියන මේ ප‍්‍රකාශය සත්‍ය එකක් ලෙසින් අපට බාරගන්න බෑ. ඔවුන් බලන්නේ අවධානය තමන් වෙත ඇදගන්නයි” ”අපේ කී‍්‍රඩකයන්ව අපට සියයට 100 ක් විශ්වාසයි. ඇරත් මේ තරම් කාලයකට ශී‍්‍ර ලංකාවේ කිසිම කී‍්‍රඩකයකුට එවන් චෝදනාවක් එල්ල වෙලාත් නෑ” යයිද රණතුංග මහතා වැඩිදුරටත් පැවසීය. මුදලට තරග පාවාදීම සම්බන්ධයෙන් ඉන්දීය කී‍්‍රඩකයන් පස් දෙනකුට තාවකාලික තරග තහනමක් පැනවීමට ඉන්දීය කි‍්‍රකට් පාලක මණ්ඩලය මේ වන විටත් පියවර ගෙන ඇත. එම කී‍්‍රඩකයන්ට එල්ල වී ඇති චෝදනා සම්බන්ධයෙන් දැනට පරීක්‍ෂණ කටයුතු කෙරෙමින් පවතී. මුදලට තරග පාවාදීමට සම්බන්ධ වූයේ යයි සැකපිට සෝනු යෝගෙන්ද්‍ර ජලාන් සහ දේවේන්ද්‍ර ශී‍්‍රපාල් දෙදෙනා මුම්බායි පොලිසිය විසින් අත්අඩංගුවට ගන්නා ලදි. ඔවුන් පවසා ඇත්තේ අයි. පී. එල්. තරග පාවාදීම සඳහා ශී‍්‍ර ලංකාවේ කී‍්‍රඩකයකුටත් ඉන්දීය රුපියල් කෝටි 10 ක් (ශී‍්‍ර ලංකාවේ මුදලින් රුපියල් කෝටි විසිතුන හමාරක්) ගෙවන ලද බවයි. මේ අතර ලබන සැප්තැම්බර් මාසයේදී ශී‍්‍ර ලංකාවේදී පැවැත්වෙන විස්සයි/20 ලෝක කුසලාන තරගද ගණිකාවන් යොදවා ගනිමින් මුදලට පාවාදීම සඳහා උත්සාහයක් තිබෙන බවත් ටයිම්ස් ඔෆ් ඉන්දියා පුවත් පත වාර්තා කර තිබිණ. ඒ සඳහා 170 දෙනකුගෙන් සමන්විත පිරිසක් ශී‍්‍ර ලංකාවට පැමිණීමට සූදානමින් සිටින බවද නවදිල්ලි පොලිසිය කියයි. ටයිම්ස් ඔෆ් ඉන්දියා වාර්තාවට අනුව බංග්ලාදේශයේ පැවැති විස්සයි/20 තරගද මුම්බායි ඒජන්තයන්ගේ උවමනාකම් පරිදි මුදලට පාවා දී ඇති බවට තොරතුරු අත්අඩංගුවට පත් අයකු සතුව තිබේ. මෙම තැනැත්තිය ‘කොකේන්’ නැමැති මත්ද්‍රව්‍ය ලග තබාගෙන සිටි අතර ගණිකාවන් 8 දෙනකුද සමගින් පසුගිය මාර්තු 31 වැනිදා ශී‍්‍ර ලංකාවට පැමිණීමට සූදානමින් සිටියාය. එහෙත් පසුව එම ගමන අවලංගු කර දමන ලදි. මෙම තැනැත්තිය සහ බුකි කරුවන් අතර රැස්වීම් ගණනාවක් කොළඹ ප‍්‍රධාන පෙළේ හෝටල ගණනාවකදීම පැවැත්වීමටද නියමිතව තිබුණ බව ඉන්දීය පොලිසිය කියයි. ඇතිවීගෙන යන සිදුවීම් සම්බන්ධයෙන් ඉන්දීය පොලිසිය විසින් අන්තර්ජාතික කි‍්‍රකට් සභාවටද පැමිණිලි කර තිබෙන බවත් ටයිම්ස් ඔෆ් ඉන්දියා පුවත් පත කියයි.



අදහස් (0)

මුම්බායි බුකිකරුවෝ අලූත් පොතක් පෙරළති

සිසිර Monday, 21 May 2012 12:26 PM

ක්‍රිකට් මුදලට විකුණන්න ගියහම ඕවා සාමාන්‍ය දේවල්

:       0       0

මතීශ Monday, 21 May 2012 12:54 PM

වෙන්න බෑ....

:       0       0

ටිකිරි Monday, 21 May 2012 02:20 PM

"රට පවා දීපු මට එක තරගයක් මුදලට පවා දෙන එක හරියට වෙහෙරක් ගිලපු මට අග්ගලාවක් කජ්ජක්ද කියල ඇහැව්වා වගේ".

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 675 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 551 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 446 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site