අයි. පී. එල්. තරගාවලියේ 58 වැනි තරගය වූ මුම්බායි ඉන්දියන්ස් පිල සහ පූනේ වොරියර්ස් පිල අතර අද (11 වැනිදා) පැවැති තරගයේදී කඩුලූ 6 ක විශිෂ්ට ජයක් ලබාගැනීමට මුම්බායි ඉන්දියන්ස් පිල සමත් විය. මෙම ජයග‍්‍රහණයත් සමගම මුම්බායි ඉන්දියන්ස් පිල ප‍්‍රසාද ලකුණු සටහනේ දෙවැනි ස්ථානයට පත්විය.
ඕවර 4 ක් යවා ලකුණු 8 කට කඩුලූ 2 ක් දවාගත් මිචෙල් ජොන්සන් තරගයේ වීරයා බවට පත්විය.
ලසිත් මාලිංග ඕවර 4 ක් යවමින් ලකුණු 27 කට කඩුලූ 2 ක් දවාගත් අතර අජන්ත මෙන්ඩිස් ලකුණු 15 කට කඩුල්ලක් දවාගත්තේය.
සචින් ටෙන්ඩුල්කාර්ගේ දක්ෂ පන්දු රැකීම හමුවේ ඇන්ජලෝ මැතිව්ස්ට ලකුණු රැස්කරීමට පෙර ආපසු කී‍්‍රඩාගාරයට යාමට සිදුවිය.
පූනේ වොරියර්ස් පිල ඕවර 20 කදී කඩුලූ 8 ට 112
(රොබින් උත්තාපා 11, ඒරන් ෆින්ච් 10, මනීෂ් පාන්ඬේ 29, යුවරාජ් සිං 33, අභිෂේක් නයාර් 11, මිචෙල් ජොන්සන් 8/2, ලසිත් මාලිංග 27/2)
මුම්බායි ඉන්දියන්ස් පිල ඕවර 18.5 කදී කඩුලූ 5 ට 116
(සචින් තෙන්ඩුල්කාර් 15, දිනේෂ් කාර්තික් 17, රෝහිත් ශර්මා 37, අම්බටි රයියදු 26, ග්ලෙන් මැක්ස්වෙල් නොදැවී 13)
(*)
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අයි.පී.එල් එකේ කාලකන්නිම ටීම් දෙක පූනේ සහ දිල්ලි කියන්නේ. ගහන ගහන මැච් පැරදෙනවා.(නදී)