(ටී.කේ.ජී.කපිල)
මුම්බායි බලා කටුනායක ගුවන් තොටුපොළෙන් ගමන් ආරම්භ කළ ශ්‍රී ලන්කන් ගුවන් යානයක් කාර්මික දෝෂයකට ලක් වීම හේතුවෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත ආපසු හරවා පැමිණ තිබේ.
පැය 02 විනාඩි 08 ක කාලයක් ගුවන් ගත වී තිබූ එම යානය ඊයේ (13) රාත්‍රී 11.47ට පිටත් වූ අතර අද (14) අලුයම 1.55 ට කටුනායකට පැමිණ ඇත.
මෙම යානය ගුවනේදී කාර්මික දෝෂයට ලක් වි ඇති අතර ඒ බැව් යානයේ නියමුවා කටුනායකට ගුවන්තොටුපොළට දැන්වීමෙන් අනතුරුව ලබා දුන් උපදෙස් මත මෙලෙස ආපසු හරවා පැමිණ තිබේ.
එහි මගීන් 138 ක් සහ කාර්යය මණ්ඩලය 07 දෙනකු සිටි බව ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ මාධ්‍ය ප්‍රකාශක දීපාල් පෙරේරා මහතා පැවසීය.
මෙම යානය මුම්බායි ගුවන්තොටුපොළට ගොඩ බැස්වූයේ නම් එහි අලුත්වැඩියා කටයුතු සදහා කටුනායක ගුවන් තොටුපොළට සාපේක්ෂව වැඩි වියදමක් දැරීමට සිදුවෙන නිසා යානය කටුනායක ගුවන් තොටුපොළ වෙත රැගෙන ඒමට පියවර ගත් බව පෙරේරා මහතා වැඩිදුරටත් පැවසීය.
මෙම යානයේ සිටි මගීහු වෙනත් ශ්‍රී ලන්කන් ගුවන් යානයකින් අද අලුයම 3.34 ට කටුනායක ගුවන් තොටුපොළෙන් පිටත්ව ගියහ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මිනිස්සුන්ගේ ජීවීතද අලුත්වැඩියා වියදමද වැඩිය වටින්නේ ? ගොන් වැඩ කරනවා
කාර්මික දෝෂය සඳහා යන වියදම ඔච්චර ඉක්මනට තීරණය කරන්න පුළුවනි නම් , ලංකාව හරි දියුණුයි වගේ !
මුම්බායි ගුවන් තොටුපොළට ගිහින් තියන කිසිවෙකු මේ ගුවන් යානය ආපසු හරවාගෙන ඒම ගැන චෝදනා නගන්නේ නැහැ .
මේ ශ්‍රී ලන්කන් සමාගමේ පරණ බරකරත්ත කොයි වෙලාවේ හරි කඩා වැටෙනවා...... හොර මගඩි නිසා අවුරුදු ගානකින් ජාත්ත්‍යන්තර මට්ටමේ නඩත්තු කටයුතු සිදුවන්නේ නැත. අපේ පොඩි ගුවන් යානා වලට ගොඩ උනාම වෙනස තේරෙනවා අනිත් ගුවන්යානා සමග සැසදීමේදී.