ඉන්දීය ප‍්‍රධානතම ක‍්‍රිකට් තරගාවලියේ (අයි. පී. එල්.) 66 වැනි තරගය ලෙස මුම්බායිහිදී අද (15 වැනිදා) පැවැති තරගයේදී මුම්බායි ඉන්දියන්ස් පිල ලකුණු 14 කින් රාජස්ථාන් රෝයල්ස් පිල පාරජය කිරීමට සමත් විය.
මුම්බායි පිල මෙම ජයත් සමග තරග 15 කදී ප‍්‍රසාද ලකුණු 22 ක් හිමිකර ගනිමින් ප‍්‍රසාද ලකුණු සටහනේ පළමු ස්ථානයට පැමිණියේය.
මුම්බායි පිල නියෝජනය කරන ලසිත් මාලිංග ඕවර හතරේදී ලකුණු 35 ක් ලබා දෙමින් එක කඩුල්ලක් දවා ගත්තේය.
මුම්බායි ඉන්දියන්ස් පිල ඕවර 20 කදී කඩුලූ 8 ට 166 (ග්ලේන් මැක්ස්වෙල් 23, දිනේෂ් කාර්තික් 21, ආධිත්‍ය ටාරි 59, කිරන් පොලාඞ් 17, හර්බජාන් සිං නොදැවී 15, ජේම්ස් ෆයුක්නර් 32/2, ෂේන් වොට්සන් 30/2)
රාජස්ථාන් රෝයල්ස් පිල ඕවර 20 කදී කඩුලූ 7 ට 152 (ෂේන් වොට්සන් 19, ස්ටුවට් බිනී නොදැවී 37, බ‍්‍රැඞ් හොජ් 39, මිචෙල් ජොන්සන් 23/2, දාවන් කුල්කරණි 21/2)
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මාලිංග තමයි මුම්බායි පිලේ ඕවර් එකකට ගහන අඩුම සාමාන්‍යක් තියෙන බෝලර්. මාලි නිසා තමය මුම්බායි දිනන්නේ. මුම්බායි පලවෙනි මැච් දෙකම පරාදයි. ඵලවෙනි දෙකම මාලිංග සෙල්ලම් කළේ නැහැ.(නදී)
මැච් එක බැලුවා නම් දන්නවා මාලිංග ගේ වැඩ. මැච් එක දිනුවේ මාලිංගගේ අන්තිම ඕවර් දෙකෙන් (නි)
ජහොන්සෝන් 23/2 , කුල්කානි 21/2 , මාලිංග ලෝක ප්‍රකට යෝකෙර් 35/1... කොහොමද අපේ යෝකර්ගේ සෙල්ලම්? (නි)