වව්නියාව මාමඩුව ගුවන් හමුදා කඳවුර ඉදිරිපිට වෙල් යායට ඉරිදා රාත‍්‍රියේ කිසියම් පිරිසක් විසින් ගිනි තැබීමෙන් ගුවන් හමුදා කඳවුර ගින්නෙන් බේරා ගැනීමට එහි සෙබළුන්ට ගිනි නිවන රථද ගෙන්වා මහත් පරිශ‍්‍රමයක් දැරීමට සිදුව ඇත.
වව්නියාව මඩුකන්ද පොලිස් වසමේ මණියර්කුලමේ කඳවුර පිහිටා ඇති අතර කඳවුර දෙසට පැමිණි ගින්න මැඩපැවත්වීමට නොහැකි වූ නිසා ගුවන් හමුදාවේ ගිනි නිවන රථ හා වතුර බවුසර්ද මඩුකන්ද පොලිස් වතුර බවුසර්ද 4 කනුව පොලිස් විශේෂ කාර්ය බළකායේ වතුර බවුසර්ද ගෙන්වා ගින්න මැඩ පැවත්වීමට සමත් වූහ.
වෙල්යාය අසල පිහිටි කැලෑවද ගිනි ගෙන ඇති අතර ගුවන් හමුදා කඳවුර ගින්නෙන් බේරා ගැනිණි. ගිනි තැබූ පුද්ගලයින් සොයා මඩුකන්ද පොලීසිය පරික්‍ෂණ පවත්වයි.





COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කාටවත් කරදරයක් නොවීම වාසනාවක් (නි)
වැරදිකරුවන්ට උපරිම දඬුවම් දෙන්න (නි)
අහසින් ගිනි බෝලයක් ඇවිල්ලා එකපාරටම ගිනිගත්තාද කියන්නත් බැහැනේ (නි)
තවත් මීටවඩා දරුණු සිදුවීම් ඉස්සරහට වෙන්නත් පුළුවන්. (නි)
මෙය අත්හදා බැලීමක් විය හැකි . සුදානමින් ඉන්න .(ම)
කවුද මේ වගේ කඩාකප්පල්කාරී වැඩක් කරන්න ඇත්තේ? (නි)
කරදරයක් නොවුණ එක නම් ලොකු දෙයක් (නි)
අනේ දෙවියනේ මෙහෙමත් මිනිස්සු! (නි)
මේ වගේ ගිනි දැඩි නියඟය නිසා ඇතිවෙන්නත් පුලුවන් (නි)
මේ වගේ දේවල් අපිට මෑතකාලීන ඉතිහාසය තුළදී අහන්න ලැබුනේ නැහැ. (නි)