බැලූම්මහර හංදියේ සිට රතුපස්වල ක‍්‍රීඩාංගනය දක්වා හෙට මා පා ගමනින් ගමට වඩිනවා. සියලූ ගම්වැසියන් ගල් කැටයක් රැගෙන එන්න. මාගේ හිසට පහර දෙන්න යැයි රතුපස්වල ජල ගැටළුවත් සමග මහත් ආන්දෝලනයකට ලක්ව සිටින තෙරිපැහැ සිරිධම්ම හිමියෝ අද ගම්පොළදී මාධ්‍ය හමුවකදී පැවැසූහ.
ගම්පොළ සිංහාපිටිය ධර්මාශ‍්‍රම විහාරස්ථානයේදී මාධ්‍ය හමුව පැවැත්විණි.
මා හට නගා ඇති චෝදනා ඔබ අනුමත කරනවා නම් මා හට ගල්වලින් පහරදී රතුපස්වල ක‍්‍රීඩාංගනයට රැගෙන ගොස් කීතු කීතුවලට මා කපා දමන්න. එක එක අයගේ වෙඩි උණ්ඩවලට වඩා එය මට අභිමානයක්.
සිරිධම්ම හාමුදුරුවෝ කඩප්පුලි වැඩ කරලා නැහැ. ඒවා කරන්නේ දේශපාලනඥයෝ. ඔබ වෙනුවෙන් සිදුකරන ජීවිත පරිත්‍යාගයට එදා වගේම අදත් අද වගේම හෙටත් කිරීමට සූදානම්.
”හිතන්න එපා සිරිධම්ම හාමුදුරුවෝ මේ ප‍්‍රශ්නයෙන් පැනලා ගියා කියලා.”
යම් කිසි කෙනෙක් කියනවා නම් සිරිධම්ම හාමුදුරුවෝ කප්පම් අරගෙන ඉන්නවා කියලා එය සම්පූර්ණ සාවද්‍යයක්. ඒවා තමයි සැබෑ මුසාවාද කියන්නේ.
රතුපස්වල ගැටලූව ඇතැම් මාධ්‍ය මගින් විකෘති කොට ප‍්‍රකාශ කර තිබෙනවා. ඒ අනුව ඉදිරි මාස හයේ ගලවාගෙන යනවා යැයි කී කර්මාන්ත ශාලාව තවත් චිරාත් කාලයකට නොගැලවෙනු ඇත. ඊට එරෙහිව නැගූ ජනතා හඬද දැන් කොටස් වලට කැඞී නිහඬ වී ඇති බැවින් කර්මාන්ත ශාලාවේ ඉදිරි කටයුතු රිසිසේ කරගෙන යාමට හැකිවනු ඇත. මහජනයා වෙනුවෙන් ගතහැකි සෑම තීන්දුවක් තීරණයක්ම ගන්න මේ සිරිධම්ම හාමුදුරුවෝ ඉන්නවා.
මේ රජය රතුපස්වල ගැටළුවට පැහැදිලිව උත්තර දිය යුතුයි. සියනෑ කෝරලය කියන්නේ මේ ආණ්ඩුවේ හදවතයි. හැබැයි මේ මිනිස්සුන්ට බොන්න වතුර ටික නැහැ. මිනිසුන්ගේ මේ බේද බින්න වීමට ආණ්ඩුව වගකිව යුතුයි. ආණ්ඩුව රතුපස්වල ජනතාවත් එක්ක සෙල්ලම් කරන්න හිතන්න එපා.
තෙරිපැහැ සිරිධම්ම හාමුදුරුවොත් ඒකක මිනිස්සු තරහයි කියලා හිතන්න එපා. එදාටත් වඩා අද මහජනතාව මගෙත් එක්ක ඉන්නවා.
සල්ලිත් අරං මම රට ගිහින් කියලා ප‍්‍රචාරයක් තිබුණා. ඔව් මං රට ගියා. ඒ තමයි උඩරට. උඩරට ඉඳලා රතුපස්වලට මම එන බව ඒ කවුරුත් දැන ගත්තොත් හොඳයි.
මේ ගැටලූවේදී ප‍්‍රධාන ප‍්‍රශ්න දෙකක් තියෙනවා. ඒ තමයි බවුසර් මගින් ජලය දිමේදී ඒවා හරියට කෙරෙන්නේ නැහැ. ඒ වගේම අතුරුපාරවල්වල ජලනල එලීම වගේම මිනිස්සුන්ට ජලය දීම පිළිබඳ හරි තීන්දුවක් නැහැ.
සමහර අය කියනවා ඔබ වහන්සේ එදා කියූ දේ නොවෙයි අද කතා කරන්නේ කියලා. වගකිවයුතු අයත් එක්ක කතා කරන කොට අපි මස් රාත්තලම ඉල්ලන්න හොඳ නැහැ. හැබැයි සියයට වැඩි ප‍්‍රතිශතයක මේ ප‍්‍රශ්නය නිරාකරණය විය යුතුයි. නමුත් අදටත් රතුපස්වල ජනතාවගේ ජන ජීවිතය මේ අය කඩාකප්පල් කරලා තියෙනවා. ඔවුන් බිය ගන්වලා තියෙනවා. ඔවුන් පීඩාවට පත් කරලා තියෙනවා. මේවායින් අපට පේන්නේ මේක විසඳෙන පාටක් නොවේ.
පළාතේ ඉන්න ඇතැම් දේශපාලනඥයෝ වලිගෙ කකුල් දෙක අස්සේ ගහගෙන ඔක්කොම හොරට බුදි. මුන්ට ඕනෑ මඩිය තද කරගන්ඩයි. ඡන්දෙ ගන්ඩයි විතරයි.
ජනාධිපතිවරයා මේ පිළිබඳ කිසිම ප‍්‍රකාශයක් කරන්නේ නෑ. ඒ වගේම අර පරීක්ෂණ වාර්තාව ලේකම්වරයා කිහිල්ලේ ගහගෙන ඉඳලා බාරදුන්නා කියලා ආරංචියි. දැන් මාස ගාණක් ගතඋනත් මේ ගැටලූව පිළිබඳව කිසිම නිගමනයක් නෑ.
අපි කියන්නේ වහාම පොදු රාජ්‍ය මණ්ඩල සමුළුවට පෙර මේ සඳහා හරි විසඳුම් දෙන්න ඕන කියලයි. ඒ සඳහා තමයි අද මම රතුපස්වලට එන්නේ.
මුළු ලෝකයටම ගිය මේ ප‍්‍රශ්නය මේ වනතුරු අපේ අයට දැනිලාවත් නෑ. ඒ නිසා මහජනතාවට පරාජය අත්කරලා දෙන්න බෑ. ඒ අය ජයග‍්‍රහණය කළ යුතුයි. ඒ නිසයි මම නැවතත් රතුපස්වලට එන්නේ.
ප‍්‍රශ්නය:පොදු රාජ්‍ය මණ්ඩල සැසියට පෙර මේ ගැටලූව විසඳුනේ නැත්නම් ඔබවහන්සේ මොනවද කරන්නේ.
උත්තරය:ඒ තීරණය තීන්දුව හා නිගමනය මම මහජනතාවත් එක්ක ගන්නවා. එවිට එය කුමන තීරණයක්ද යන්න කාටත් වැටහේවි.
ප‍්‍රශ්නය:මහජනතාව වෙතින් ඔබ වහන්සේට විරෝධතා එල්ල වී තිබියදී බැලූම්මහර සිට රතුපස්වලට පා ගමනින් වඩිද්දී යම් අර්බුදකාරී තත්ත්වයක් ඇතිවෙයි කියලා හිතන්නේ නැද්ද?
උත්තරය: මම ආරධනා කරනවා මම වැරදි කරලා තියෙනවා නම් වැලිවේරිය, ඇටිකෙහෙල්ගල්ල, ඉඹුල, හේනේගම, කහටාන, හිරිපිටිය, කිනිගම, බුත්පිටිය, පිටුවල්ගොඩ, ගොඩගෙදර, කතුරුවත්ත, බැලූම්මහර, ගල්ඔලූව, නැදුන්ගමුව, රතුපස්වල, හීන්පන්විල, ඌරුවල, කුඩුමිරිස්ලන්ද කියන මේ සෑම ගම් ප‍්‍රදේශයක්ම ආවරණය වන පරිදි පුංචි ගල් කැටයක් හරි අරගෙන එන්න කියලා මේ සිරිධම්ම හාමුදුරුවන්ගේ ඔලූවට ගහන්න කියලා. මම ජනතාවට කියන්න කැමතියි සිරිධම්ම හාමුදුරුවො කඩප්පුලි වැඩ කරලා නැහැ කියලා.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉන්න ඔහෙම එන්න එපා (අ)
අනේ මන්ද මේවට මොනවා කියන්නද කියල (අ)
ඔබ වහන්සේ කළ දෙය හරි වෙන්න පුළුවන්.එහෙත් ගමෙන් ගිහින් කරපු දේ ගැන තමා අපිට හිතාගන්න බැරි. (නි)
පෙඅනවා නේද බලේ තරම. කොහොම හරි ගමයි හාමුරුවොයි තරහ කළා.(නදී)
කොහොමහරි ගමයි හාමුදුරුවොයි තරහා කළා (නි)
ඔබ වහන්සේ ගොඩක් සේවයක් වගේම කෙපවීමක් කළා, ඒ උනත් ඔය දේශපාලුවෝ විශ්වාස කරන්න එපා. ඔය දේශපාලුව මහා ජරා එකෙක්. (අ)
.අමිර්තලින්ගම්ලා කිරිපොවල හදපු කොටි පැටව අන්තිමට එයාලවම දඩයම් කලා වගේ ඔබ වහන්සේ විසින් උසිගැන්වූ ජනතාව අද ඔබ වහන්සේගේ වචනේටත් වලංගු නැති තත්වෙකට පත්වෙලා තියෙන්නේ..හරි වැරැද්ද තේරුම් ගන්න පුළුවන් ජනතාවක් නෙමෙය් දැන් ඉන්නේ..තනිකරම අම්බරුවෝ රෑනක්..උන්ට අණක් ගුණක් නැහැ..හමුදාවෙන් ආයෙත් ගහන්නැති බව දන්නා නිසා දැන් තවත් සැරය්..ඔබ වහන්සේ රතුපස්වල යනවනම් ඉතින්දෙපාරක් හිතල බලල යන්න.(අ)
හාමුදුරුවෝ ජනතාවත් එක්ක ඉන්නේ නැතිව එකපාරටම අතුරුදහන් උන එක තමයි ගැටළු සහගත! කොහොම උනත් ඉදිරියේදී ජනතාවත් එක්ක ඉන්න කියල අපි කරුණාවෙන් ඉල්ලා සිටිනවා (අ)
හමුදුරුවන්ගෙන් බණ අහපු රතුපස්වලම ගිහි පිරිසම තමා හාමුදුරුවන්ට අනවශ්‍ය විදියට චෝදනා කරන්නේ.හාමුදුරුවන්ට ජනමාධ්‍ය වලින් ප්‍රචාරයක් දුන්නා විතරයි.ඔන්න ඉතින් ජනමාධ්‍යයට ඇගිල්ල දික් කරලා වැඩේ වරද්දා ගන්නයි යන්නේ. (නි)
හොදම දේ මේ කර්මන්තසහලව හම්බන්තොටට අරගෙන යන්න. එහි වරයා පහසුකම් තියනවා සියලුම නවීන පහසුකම්වලින් යුක්තයි වෙලාවේ හැටියට හොදම ප්‍රදේශය මේ කර්මාන්තත ශාලාවට!! (අ)
අපේ හාමුදුරුවෝ රැවටුනාවද්ද? (නි)
වැඩේ වෙන පැත්ටකට යන්ද වගේ යන්නේ . රතු පස්වල ජනතාවට දෙවි පිහිටයි (අ)
සමාවෙන්න අපේ හාමුදුරුවනේ. දැන් ඔබවන්සේටම අවබෝධ වෙනවා නේද නායකත්වය කියන තනතුර මොනතරම් සංකීර්ණද කියලා? විද්‍යාඥයෙක් නොවුණු මමත් මේ ප්‍රශ්නය සම්බන්ධව යම් මතයකට පැමිණි අන් සියලු දෙනාත් විශ්වාස කළේ ඔබ වහන්සේගේ වචනයයි. විශේෂයෙන්ම ඔබ වහන්සේ දේශපාලන පක්ෂයක හා රටේ ජනතාවගේ අප්‍රසාදයට පත් වී තිබෙන සංවිධානයක සාමාජිකයෙක් නොවන නිසා. කොහොමත් මේ අදහස් ලියන අපිට හා උද්ගොෂණයට සහභාගිවූ ජනතාවටත් වැඩිය මෙම ප්‍රශ්නයේ සැබෑ යථාර්තය දන්නේ ඔබවහන්සේ. එනිසා දේශපාලකයන්ගේ අතකොළුවක් නොවී ජනතාව වෙනුවෙන් අවංක හඬක් නැගීමට අවශ්‍ය ශක්තිය හා ප්‍රඥාව ලබේවා. ඔබ වහන්සේට බුදු සරණයි!! (නි)
මේ වගේ පිරිසක් මැද්දට වඩින්න එපා අපේ හාමුදුරුවනේ. (නි)
මෙදා පාර නම් එන්නේ හොඳකට නෙමෙයි කියලයි මම නම් හිතන්නේ. (නි)
මිනිස්සුන්ගේ ජීවිත අනතුරේ දාලා එජාප මන්ත්‍රී දේශපාලන වාසි ගන්න බලනවා. මිනිස්සු මෙච්චර මෝඩද? අසරණ කමද? (අ)
හාමුදුරුවනේ, මිනිස්සු සළකන්නේ චීවරයට මිසක් ශරීර කුඩුවට නෙමෙයි. (නි)
වාරියපොළ හාමුදුරුවෝ කළේ සුද්දගේ කොඩිය බිම දාලා අපේ කොඩිය උස්සපු එක. නමුත් මේ කරන්න යන්නේ අපේ කොඩිය බිම දාලා සුද්දගේ කොඩියට අපිට කියලා වන්දවන්න වගේද මන්දා (නි)
හාමුදුරුවන්ට බැනපු උදවිය දැන් නැවතත් අතරමං වුණා නේද? එක 'යූ ටර්න්' එකකින් ආයෙත් 'යූ ටර්න්ද'? හාමුදුරුවෝ ගිවිසුම අත්සන් කිරීමෙන් පාවා දීමක් කළා කියලා 'සටනේ නායකත්වය' පවා බාරගත් උදවිය නැවතත් උන්වහන්සේගේ නායකත්වය බාර ගන්නවද? (නි)
ගිණුමට බැරවෙලා නැතිවා වද්ද? (ස)
එහෙනම් මොනවද වුණේ? (නි)
අනේ හාමුදුරුවනේ ,ඔබ වහන්සේ පැවිදි වුණේ බුදුන් දෙසු ගමන් මාර්ගයේ යන්නනේ. ඒ මාර්ගයේ නොගොස් මේ යන මාර්ගය ඔබ වහන්සේට උචිත නැහැ. ඔබවහන්සේ පන්සලට ගොස් උපාසක උපාසිකාවන්ට බුදුන් දුන් දහම් පණිවුඩය දෙන්න.ඒක තමයි ඔබ වහන්සේලාගෙන් ගිහි අපි බලාපොරොත්තු වෙන්නේ. අසාධාරණයට එරෙහිව නැගිටින්න ඕනෑතරම් ගිහියන් මේ සමාජයේ ඉන්නවා (නි)
ඇට නැති දිවනේ? අනේ! අපේ මිනිස්සු අමාරුවක නම් දාන්න එපා. ගමේ මිනුස්සු දැන් තව කල්පනා කළොත් හොදයි. සිහලුනි, රෑ වැටුණු වළේ දවල් වැටෙන්න එපා. (නි)
අනේ මන්දා, මට නම් පිස්සු වගේ, මේ කතාකරන්නේ ගිවිසුම ගහපු ස්වාමින් වහන්සේමද කියලා.කොහොම වුණත් මෙතන අපි කාටත් නොතේරෙන අදෘශ්‍යමාන බලවේගයක් තිබෙන හැඩයි.ඔහොම යමු ඔහොම යමු. එළිවෙන ජාමෙට හොද හොද සෙල්ලම් කිව්වලු (නි)
ඉතාලියේ චමත් හරියට හරි. (නි)
හාමුදුරුවෝ කරන වැඩේ හරි.කෙලින්ම මුහුණ දෙන්ට ප්‍රශ්නෙට.ඔබ වහන්සේ කරන දේ නිසා නියම තත්ත්වය මිනිස්සුන්ට දෙන ගන්ට පුළුවන්.දෙශපලුවෝ කරන දේවල් නිසා සාමාන්‍ය මිනිසුන්ට තීරණයක් ගන්ට බෙහෙ මොකද කරන්නේ කියල.ඔබ වහන්සේ ගමට ආපුවම මිනිස්සුන්ට තේරෙයි ඇත්ත මොකක්ද කියල.(අ)
හරියට හරි චමත් (ඉතාලිය). අද බුද්ධාගමත් හාමුදුරුවරුත් හැල්ලු වෙලා තියෙන්නේ ඔය උද්ඝෝෂණ නිසා. බුදු රජාණන් වහන්සේ කිව්වේ ක්‍රෝධයට මෛත්‍රියෙන් පිළිතුරු දියයුතුයි. අධර්මයට ධර්මයෙන් පිළිතුරු දිය යුතුයි කියලයි. බුදු දහම රැකිය හැක්කේ බුද්ධ ධර්මය පිළිපැදීමෙන් මිසක් උද්ඝෝෂණ වලින් වත් අන්‍යාගම් වලට පහර දීමෙන් වත් නෙවෙයි. බොහෝ යුරෝපීයයන් බුද්ධාගමට හැරී ඇත්තේ මෙහි ඇති අහිංසා වාදයත් ප්‍රඥා වන්ත භාවයත් නිසයි. පසුගිය දිනවල ඇතැම් හාමුදුරු වරුන්ගේ සහ ගිහියන්ගේ හැසිරීම බුදු දහමට අනුකුල නොවේ. ඕනෑම ප්‍රශ්නයකට පිළිතුරු ධම්ම පදයෙන් සොයාගත හැක. කරුණාකර නිර්මල බුද්ධ ධර්මය ඉගෙන එහි හැසිරෙන මෙන් සියලු බෞද්ධයින්ගෙන් ඉල්ලා සිටිමි.(නදී)
අනේ මේ කර්මාන්ත ශාලාව හම්බන්තොටම තමා ගැළපෙන්නේ (නි)
මොනවද මේ කතා. වෙලාවකට රජයට හොද කියනවා. තවත් වෙලාවකට බනිනවා. සැරෙන් සැරේ වෙලාව අනුව කාලින වෙනවා.(නදී)
මමත් ඉතාලියේ ඉන්නේ. මමත් හිතනවා මේ කර්මාන්ත ශාලාව හරි යන්නේ හම්බන්තොටට කියා. ඇයි ගෙනියන්න නැත්තේ.(නදී)
කර්මාන්ත ශාලාව හම්බන්තොට ඇරියම සියලු ප්‍රශ්න ඉවර වෙනවා.(නදී)
ගාමිණී, හොදම දේ මේ කර්මන්ත ශාලාව හම්බන්තොටට අරගෙන යන්න. එහි වරාය පහසුකම් තිබෙනවා. සියලුම නවීන පහසුකම් වලින් යුක්තයි. වෙලාවේ හැටියට හොදම ප්‍රදේශය එයයි (නි)
කොහොම වුණත් මෙතන අපි කාටත් නොතේරෙන අදෘශ්‍යමාන බලවේගයක් තිබෙන හැඩයි. (නි)
"කාලීන ධම්ම සාකච්ඡා" (නදී)
මම එක අවවාදයක් දෙන්නම් අපේ හාමුදුරුවනේ. ඔය "අසරණ සරණ " හොයාගෙන පස්සෙන් නම් යන්න එපා.(නදී)
"සුපිරි වරාය","සුපිරි ගුවන් තොටුපොල"."සුපිරි පාරවල්"...එකී මෙකී නොකී සුපිරි පහසුකම් තිබෙන හම්බන්තොටට ඔය කියන "සුපිරි කර්මාන්ත ශාලාව" අරගෙන යන්න. (නි)
අපේ හාමුදුරුවනේ, ඔබ වහන්සේ නිහඩ වෙන්න. ඔබවහන්සේ මෙවැනි අය ඉදිරියේ හෑල්ලු වෙන්න එපා. තෙරුවන් සරණයි (නි)
කට්ටියට හම්බන්තොට ගැන ජෙලෙස් වගේ.(නදී)
අනේ හාමුදුරුවනේ, ඔබ වහන්සේ විසින් අත්සන් තබන ලද ගිවිසුම ඇත්තටම නිත්‍යානුකුලද? මේ මස 15 වනදාට පෙර නිෂ්පාදනාගාරයක් ඉවත් කිරීම දැන් ආරම්භ කරලද? (ස)
අර අල තැම්බෙන කතාවට දැන් කෝ? ගිවිසුමට අත්සන් කරලා කොහෙද ගියේ රතුපස්වලින් ?? දැන් පනුවෝ ගහන කතාවත් නෑ... දැන් ගල් ගහනලු... අනේ මන්ද නළුවෝ වගේ... (ස)
මිනිස්සු කියන්නේ පුදුම නිර්මාණයක්. ඒ වගේම තමා මේ දැන් කියාපු දේ තව මොහොතකින් කියාවි කියලා ෂුවර් එකක් නෑ. ඒක මේ නිර්මානේ අඩු පාඩුව අනේ මන්ද? (ස)
මේක කොන්ත්‍රාත් එකක් .කවුරුවත් රැවටෙන්න එපා. (ස)
අපේ හාමුදුරුවනේ, ඔයා එක්ක ඩබල් ගේම් ගහන අය තියා ගන්න එපා ... (නදී)
හාමුදුරුවනේ ,, ඔබ වහන්සේ ජනතාවගේ පැත්තේ ඉන්න. එවිට ජනතාව සලකාවි. අපි හිතනවා ඔබ වහන්සේ යම් කිසි ආතතියකට නැත්නම් අසහනයට පත් වෙනද ඇති. හේතුව බලපෑම්. දැන් ජනතාව අතරට වැඩ හින්දා, ජනතාව සමඟින්, ජනතාව වෙනුවෙන් පෙනී හිටින්න. තනියම ගොස් ලියකියවිලි වලට ජනතාව වෙනුවෙන් අත්සන් කරන්නද එපා. ඔබ වහන්සේට බුදුන්ගේ පිහිටයි. (ස)
අපේ හාමුදුරුවනේ ඔය තරමටම ආණ්ඩුවට බනින්න විපක්ෂයෙන් මොනවා හරි ලණුවක් දීලා වගේ .කල්පනාවෙන් අපේ හාමුදුරුවනේ, ගම්පොල ඉන්නත් බැරි වන්න පුළුවන්. (ස)
ඉඩම් පොලිස් බලතල වෙනුවට උතුරට මෙම කර්මාන්ත ශාලාව තෑගි දෙමු .. (ස)
එක පාරටම ආපහු හැරිලා ... තේරුම් ගන්ට බැහැ.. හමුරුවෝ වදාරන දේවල් අහපුවමත් බය හිතෙනවනෙ.. (ස)
අපිට පිස්සුද කියලත් හිතෙනවා (නි)