සිංහල සිනමාවට අලුතෙන් එක්වන ලක්ස් රූ රැජින තරගයෙන් පළමුවැනි ස්ථානය දිනාගත් නිරූපණ ශිල්පිනියක වන චුලක්ෂි රණතුංග සමග කළ කතාබහකි මේ. 'දේදුනු ආකාසේ' නමැති දැනට රූගත කෙරෙන චිත්‍රපටයේ හේමාල් රණසිංහ සමග ඇය ප්‍රධාන චරිතයට පණ පොවන්නීය.
ඔබ සිංහල සිනමාවට එක්වන්නේ 'දේදුනු ආකාසේ' චිත්‍රපටයෙන්. ඒ ගැන යමක් කියන්න පුළුවන්ද?
මාව මේ චිත්‍රපටයට තෝර ගත්තේ ලක්ස් රූ රැජින තරගයෙන් පළමු වැනි ස්ථානය ලබාගත් නිසා. මා සමග ජනප්‍රිය නළුවෙකු වන හේමාල් රණසිංහ මෙහිදී රංගනයෙන් දායක වෙනවා.
ඔබ මේ ආ ගමනේදී ඔබගේ දෙමවුපියන් මේ ක්ෂේත්‍රයට එන්න ඔබට ආශිර්වාදයක් වුණාද?
ඔව්, මගේ දෙමවුපියන් මේ ක්ෂේත්‍රයට පිවිසීමට මට ආශිර්වාද කළා. ඒ වගේම ඔවුන් සතුටු වෙනවා මගේ මේ කලා ජීවිතය පිළිබඳව.
මේ ගමනේදී ඔබට උදව් උපකාර කළ අය සිටිනවාද?
ඔව්. මට මේ ක්ෂේත්‍රයට පිවිසීමේදී බොහෝ දෙනා මට උදව් උපකාර කළා. ආශිර්වාද කළා. ඒ නිසා එක් කෙනෙක් කියලා සඳහන් කරන්න බෑ. බොහෝ අය මට උපකාර කළා. මම ඒ හැමෝටම ස්තූතිවන්ත වෙනවා මේ අවස්ථාවේදී.
ඔබ සිනමාව ගැන හිතන්නේ කොහොමද?
මම මේ ක්ෂේත්‍රයට අලුතින් එක්වූ කෙනෙක්. නමුත් මේ කලා ක්ෂේත්‍රය ගැන මම හිතන්නෙ ගොඩක් සුන්දර තැනක් කියලා. හරිම ලස්සන ලෝකයක් වගෙයි මට ඒ ගැන හැඟෙන්නේ.
ඔබ වඩාත්ම කැමති දේශීය සිනමා තරුව හා තාරකාවිය කවුද?
මම විජය කුමාරණතුංග මහතාට ගොඩක් කැමති. තරුවක් වශයෙන් කැමතිම නිළිය තමා සංගීතා වීරරත්න මහත්මිය.
ආසිරි දමින්ද / ඡායාරූප - චුලක්ෂිගේ Facebook ගිණුමෙන්
2025 දෙසැම්බර් මස 18
653
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
320
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1107
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
මම සිනමාවට අලුත් කෙනෙක්