IMG-LOGO

2025 ජුලි මස 22 වන අඟහරුවාදා


මම වේදිකාවට ගොඩක් ඇලුම් කරන කෙනෙක්

වෘත්තිය මට්ටමේ නිරූපණ ශිල්පිනියක ලෙස කටයුතු කරන පියුමි අලවත්තේගම සමගින් මෙවර ‘සාරවිට’ තරු කතා බහ අරඹන්නට අපි බලාපොරොත්තු වුණෙමු. වෘත්තියෙන් නිරූපිකාවක් වුවද ඇය කුඩා කාලයේ සිට වඩාත් ඇලුම් කර ඇත්තේ වේදිකාවටය. දැනට වේදිකා නාට්‍යය කිහිපයක් සඳහාම සිය රංගන දායකත්වය ලබාදී ඇති පියුමි, ඉදිරියේදී  රංගනයටද පිවිසීමේ අපේක්ෂාවෙන් පසුවේ.

 

පියුමි කියන්නේ නිරූපිකාවක්ද? රංගන ශිල්පිනියක්ද?

දැනට නම් මම නිරූපිකාවක් විදිහට වැඩ කරනවා. නමුත්, පුංචි කාලේ ඉඳලා මගේ දායකත්වය තිබුණේ වේදිකාවට.

 

නිරූපිකාවක් ලෙස ක්ෂේත්‍රයට ආවේ?

මීට අවුරුදු 2කට විතර පෙර. ජාතික රූපවාහිනියේ විකාශය වෙන ‘නුග සෙවණ’ වැඩසටහන තුළින් තමයි මුලින්ම නිරූපිකාවක් විදිහට කටයුතු කළේ. නිරූපිකාවක් වෙන්න කලින් මම වේදිකා නිළියක් ලෙස නාට්‍යය කිහිපයකටම දායක වෙලා හිටියේ.

 

20160901Piumi-4වේදිකාවට දායක වෙලා හිටිය ඔබ ඇයි නිරූපණයට යොමු වුණේ?

රඟපාන්න වගේම පුංචි කාලේ ඉඳලාම මගේ ලොකු කැමැත්තක් නිරූපණය පැත්තට තිබුණා. ඒ වගේම මම ඒ දේවල්වලට ගොඩක් දක්ෂ කෙනෙක්.

 

දැනට දායක වෙලා තියෙන කලා නිර්මාණ මොනවද?

ගීත රූප රචනාවකට පෙනී ඉඳලා තියෙනවා. ‘නොනිදා රෑ’ කියලා. ඊට අමතරව වෙළෙඳ දැන්වීම් කිහිපයකටත් දායක වෙලා ඉන්නවා. වේදිකාවට තමයි මම වැඩිපුරම දායක වෙලා තියෙන්නේ. පසුගිය අවුරුද්දෙ තිබුණ රාජ්‍ය කෙටි නාට්‍යය උලෙළෙ මධ්‍යම පළාත් සහාය නිළිය ලෙස සම්මාන දිනාගන්න මට පුළුවන් වුණා.

 

නිරූපිකාවක් විදිහට මේ ක්ෂේත්‍රය දකින්නේ කොහොමද ඔබ?

ගොඩක් හොඳ ක්ෂේත්‍රයක්. ඒත්, කල්පනාකාරීව කරන්න ඕනා වෘත්තියක්. නිරූපිකාවක් කිව්වාහම සමාජය ගොඩක් කතාබහට ලක්වන චරිතයක්. ඒ වගේම තමයි කැපිලි කෙටිලිවලින් අඩු නැති තැනක්. ඒවා තමන්ට ශක්තියක් කරගෙන හරි විදිහට ක්ෂේත්‍රය තුළ යනවා නම් දිගු කාලයක් මේකේ රැඳී ඉන්න පුළුවන්. විශේෂයෙන්ම මේ ක්ෂේත්‍රය තුළ සහයෝගයෙන් වැඩ කරන්න පුළුවන් වෙන්න ඕනා.

 

වේදිකාවට දායක වුණ ටෙලි හා සිනමා නිර්මාණවලට දායක වෙන්න කැමති නැද්ද?

මට සුදුසුයි කියලා හිතෙන චරිතයක් ලැබුණොත් මම අනිවාර්යයෙන්ම භාර අරගෙන රඟපානවා.

 

ඉලක්ක තියෙනවා?

මේ ක්ෂේත්‍රය තුළ හොඳ නමක් දිනාගෙන දුර ගමනක් යන්න තමයි මගේ ඉලක්කය වෙලා තියෙන්නේ.

 

උදව් කළ අය ගැනත් සඳහනක් කරමු?

මගේ පවුලේ සාමාජිකයන් තමයි මට ගොඩක්ම උදව් කරන්නේ. ඊට අමතරව තාරක, මගේ වේදිකා රංගන දිවියේ මට ගුරුහරුකම් කියාදුන්න සජිත් අරුණ, ජනුර් කිච්ලාන්, සිල්වර්ලයින් මන්දීර් ආයතනයේ සියලු දෙනා. නම් කියූ නොකියූ බොහෝ දෙනෙකු මට නන් අයුරින් උදව් කළා. ඒ හැම දෙනාටම මගේ ස්තුතිය මේ වෙලාවේදී පුද කරන්න කැමතියි. 

 

බුද්ධික සේනාධීර

20160901Piumi-1 20160901Piumi-2 20160901Piumi-3 20160901Piumi-5



අදහස් (0)

මම වේදිකාවට ගොඩක් ඇලුම් කරන කෙනෙක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 544 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 713 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 293 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site