IMG-LOGO

2025 දෙසැම්බර් මස 29 වන සඳුදා


මම මේ ක්ෂේත්‍රයට අලුත්

20160325-ent-20

නර්තන ශිල්පිනියක් ලෙස තම ගමන ඇරඹු ඇය මේ වන විට මෝස්තර නිරූපණ ශිල්පිනියක් ලෙසත් පුංචි තිරයේ දක්නට ලැබෙන, සාරවිට.lk සමඟ එකතු වන ඇය ඉනෝෂි පෙරේරා ය.

 

20160325-ent-25කොහොමද ඉනෝෂි මේ දවස් වල වැඩ කටයුතු..?

"මේ දවස් වල නීති විභාගයට පාඩම් කටයුතු කරනවා. ඒ වැඩ කටයුතුත් එක්ක තමයි නර්තනයත් සමඟම ටෙලි නාට්‍ය සහ චිත්‍රපට වල රූගත කිරීම් වල නිරත වෙන්නේ.”

 

ඉතිං මේ හැමදේමත් එක්ක අධ්‍යාපනයට බාධාවක් නැද්ද?

“නෑ. මම හැමදේම සමබරව කරගෙන යනවා.මොන දේ කලත් අධ්‍යාපනයට මූලිකත්වය දීලා තමයි වැඩ කටයුතු කරන්නේ.”

 

මේවන කොට මොනවද රූ ගත කිරීම් කරන ටෙලි නාට්‍ය?

“මම මේ ක්ෂේත්‍රයට අලුත්. මම රංගනයෙන් දායක වුන ටෙලි නාට්‍ය, චිත්‍රපට තවම ප්‍රචාරය වුනේ නැහැ. එහෙත් ඉදිරියට ප්‍රචාරය වීමට තිබෙන "සඳවතියේ" ටෙලි නාට්‍ය, "අපිත් සූර්යෝ", "තනාපතිලගේ ගෙදර" යන චිත්‍රපට වල රූ ගත කිරීම් සඳහා මේ දිනවල සහභාගි වෙනවා.”

 

දිගටම වෘත්තීයේ ඉන්නවද? නැත්නම් විනෝදාංශයක් ලෙස සිදු කරනවාද?

“ඔව්. ලැබෙන අරාධනා සමඟ රංගන කටයුතු කරගෙන ඉදිරියට යන්න තමයි මගේ බලාපොරොත්තුව.”

 

මේ ක්ෂේත්‍රයට එන්න උදව් කල අය කව්ද?

“මම මුලින්ම මගේ ආදරණීය අම්මට ස්තූති කරන්න ඕනේ. මොකද මොන වැඩ තිබුනත් අම්මා මගේ වැඩ වලට මගේ ලඟින්ම ඉන්නවා. ඒ වගේම තාත්තත්. තාත්තටත් පුළුවන් හැම විදියෙන්ම මට උදව් කරනවා. ඒ වගේම දුෂ්ශන්ති දේවිකා ගුරුතුමිය, සෙනෙවිරත්න ගුරුතුමා සහ නන්අයුරින් මගේ මේ ගමනට උදව් කළ හැමෝටම මම ස්තූති කරනවා.”

 

සටහන සහ ඡයාරූප- ඉෂාන් සංජීව

 

20160325-ent-21
20160325-ent-22
20160325-ent-23
20160325-ent-24

 



අදහස් (0)

මම මේ ක්ෂේත්‍රයට අලුත්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 674 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 325 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1114 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site