නිරූපණ ක්ෂේත්‍රයට ඔබ සම්බන්ධ වුණේ කොහොමද?
එක සිදු වුණේ අහම්බෙන්. ඒ 2010 අවුරුද්දේ මම වැඩිදුර උසස් අධ්‍යාපනය හදාරන්න ප්‍රංශයට ගියා. එහිදී එක්තරා වැඩකටයුත්තකදී මට ප්‍රංශයේ ප්‍රවීණ ඡායරූප ශිල්පියෙකු ෆොටෝ ෂූට් එකකට සහභාගී වෙන්න ලැබුණා. ඒ ෂූට් එක ගොඩක් හොඳට සිද්ධ වුණා. ඊට පස්සෙ තමයි නිරූපිකාවක් විදිහට වැඩ කරන්න ඕනා කියන කැමැත්ත ආවේ. ඉතින් මම නිරූපණය පිළිබඳව ඉගෙන ගත්තා. ඔය විදිහට තමයි මම අහම්බෙන් ක්ෂේත්‍රයට සම්බන්ධ වුණේ.
ප්‍රංශයේදීත් ඔබ නිරූපිකාවක් විදිහට වැඩ කළාද?
ඔව්. අර ෆොටෝ ෂුට් එකෙන් පස්සෙ විවිධ ක්ෂේත්‍රවල පිරිස් මට හඳුන ගන්න ලැබුණා. ඊට පස්සෙ ඔවුන් 'යුරෝපියන් මැගසින් ප්‍රඩක්ට්ස්' කිහිපයකටම නිරූපිකාවක් ලෙස වැඩ කරන්න අවස්ථාව ලබාදුන්නා. අවුරදු 5ක් තිස්සේ මම ප්‍රංශයේ නිරූපිකාවක් විදිහට වැඩ කළා.
ලංකාවට ආවාට පස්සේ ඔබට නිරූපිකාවක් විදිහට වැඩ කරන්න ලැබුණේ කොහොමද?
ලංකාවට ඇවිල්ලා නම් මම දැනට වැඩ කරලා තියෙන්නේ ඉතා සුළු ප්‍රමාණයක්. ලංකාවට ආවාට පස්සෙ මම ප්‍රවීණ ඡායාරූප ශිල්පියෝ කිහිප දෙනෙකු සමග ෆොටෝ ෂුට් කළා. එහිදී මාව නිරූපිකාවක් විදිහට බොහෝ දෙනෙකු හඳුන ගත්තා. දැනට මම 'එයා තමයි මෙයා' හා 'ඔන්න බබෝ පිස්සෝ එනවා' කියලා DVD චිත්‍රපට දෙකක් කරලා තියෙනවා. ඒ වගේම මම කරපු මියුසික් වීඩියෝ කිහිපයක් ඉදිරියට එන්න තියෙනවා. ICC ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් නිර්මාණය කළ ගීතයක රූප රචනාවටත් මම පෙනී හිටියා.
නිරූපණ ක්ෂේත්‍රය ගැන මොකද හිතෙන්නේ?
මේක ගොඩක් හොඳ ෆිල්ඩ් එකක්. ඒත්, කිහිප දෙනෙකු කරන වැඩ නිසා මේ ෆිල්ඩ් එක නම දැන් කැත වෙලා තියෙනවා. ඒ වගේම නිරූපිකාවන් පිළිබඳව විවිධ මත ඇතිවෙලා තියෙනවා. නමුත්, මම දකින විදිහට තමන් හරි දේ කරනවා නම්, හොඳ නිර්මාණ සඳහා දායක වෙන්න අවශ්‍යතාව තියෙනවා නම් මේ වෘත්තිය හොඳ තැනක්. ඒ වගේම හොඳ ගෞරවයක් තියෙන රැකියාවක් කියලාත් මම හිතනවා.
නිරූපිකාවක් වීම ගැන මොකද හිතෙන්නේ?
ලොකු සතුටක් තියෙනවා මට.
ඔබ දේශීය වගේම විදේශීයවත් නිරූපිකාවක් විදිහට වැඩ කරලා තියෙනවා?
මම ප්‍රංශයේ අවුරුදු 5කට වඩා වැඩි කාලයක් නිරූපිකාවක් විදිහට වැඩ කරලා තියෙනවා. ප්‍රංශයේ හා ලංකාවේ නිරූපණ ක්ෂේත්‍රය ගත්තොත් ගොඩක් වෙනස්කම් මම දකිනවා. ලංකාවේ නිරූපිකාවක් ගැන කතා කළොත් තියෙන්නේ අඩු වටිනාකමක්. එත් ප්‍රංශයේදී ඒ තත්ත්වය මම දකින්නේ නැහැ.
නිරූපිකාවක් විදිහට අනාගත ඉලක්ක තියෙනවාද?
හොඳ නිර්මාණවලට හැම වෙලාවෙම දායක වෙන්න මම කැමතියි. ඒ වගේම නිරූපණ ක්ෂේත්‍රය තුළ වෙනසක් ඇති කරන නිර්මාණවලට දායක වෙලා වැඩ කරන්නත් ලොකු ආසාවක් තියෙනවා. ඒ වගේම කවදහරි ලංකාවේ නිරූපණ කලාව ජාත්‍යන්තරයට රැගෙන යන්නත් ලොකු බලාපොරොත්තුවක් තියෙනවා.
උදව් කළ අය?
නම් වශයෙන් සඳහන් කරන්න අමාරුයි. ලොකු පිරිසක් ඉන්නවා. නමුත්, නම් නොකිවාට ඔවුන් හැම දෙනාවම මේ වෙලාවේදී ඉතා කෘතවේදීව මතක් කරනවා.
බුද්ධික සේනාධීර
ඡායාරූප - ප්‍රභාත් වික්‍රමසිංහ (Siyeera Studio)
Makeup - නිලූක ලියනගේ
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි
සීඝ‍්‍රයෙන් පරිවර්තනය වෙමින් පවතින ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවා ක්ෂේත‍්‍රයට නායකත්වය දෙන හේමාස් රෝහලේ අලූත්ම හඳුන්වාදීම හේමාස් හෙල්ත් ප්ලස් ( Hemas Health P
මම ප්‍රංශයෙත් නිරූපිකාවක් විදිහට වැඩ කළා - සිල්වියා