IMG-LOGO

2025 ජුලි මස 01 වන අඟහරුවාදා


මම පාඩම් වැඩවලට තමයි ප්‍රමුඛස්ථානය දෙන්නෙ

තාරුණ්‍ය‘යේ සුන්දරත්වයත්, ලාලිත්‍යයත්, දඟකාරකමක් හිමිවූ ඇය ඉෂංකාද කොස්තාය. තාමත් පාසල් ශිෂ්‍යාවක වන ඇය නිරූපණයට මෙන්ම රංගනයටද දක්වන්නේ සුවිශේෂි දක්‍ෂතාවයකි. මේ වනවිට ඇය ලංකාවේ ප්‍රධානතම වෙළඳ ආයතන කිහිපයකට ප්‍රචාරක දැන්වීම් සඳහා තම නිරූපණ දායකත්වය සපයා දී තිබේ. එවගේම මෑතකදී ලංකාවෙ පටිගත වූ විදේශීය චිත්‍රපටයකද ප්‍රධාන චරිතයකට පණ පෙවීමට ඇය වරම් හිමිකර ගන්නීය.

 

20160708Ishanka-3පාසල් ශිෂ්‍යාවක් ලෙස කොහොමද ඔබ මේ කේෂත්‍ර‘යේ වැඩ කටයුතු කරගෙන යන්නේ?

මම පාඩම් වැඩවලට තමයි ප්‍රමුඛස්ථානය දෙන්නෙ. නිවාඩු දිනවලදී නිරූපණ ක්‍ෂේත්‍ර‘යේ වැඩ කටයුතු සිදු කරනවා. කොහොම වුණත් තෝරාබේරා ගැනීමකින් යුතුවයි එම වැඩකටයුතු සිදු කරන්නෙ. කතා කරන සෑම වැඩකටමත් මම යන්නෙ නැහැ. හොඳ සොයා බැලීමක් කරලයි යන්නෙ.

 

පාසල යන යනගමන් මේ දෙක කොහොමද ඔබේ ගමනට බලපාන්නේ?

මේ දෙපැත්තෙන්ම මට හම්බවෙන්නෙ ඉතාම හොඳ සහයෝගයක්. සියලු දෙනාට මම උදව් කරනවා. සහයෝගය දෙනවා, මගේ හොඳ නරක කියලා දෙනවා. ඒ වගේම හොඳ දේ තෝරාගන්න මට උදව් කරනවා.

 

නමුත් Social Media වලදී නම් ඔබට කරදර ඇති නේද?

එහෙම නැහැ. Social Media හරි විදියට පාවිච්චි නොකරන අයගෙන් නම් කරදර messages එහෙම එනවා. ඒ ඉතින් ඒ මිනිස්සුන්ගේ නොදැනුවත්කමනෙ. මෝඩ මිනිස්සු කියලා හිතල මම ඒ අයව අයින් කරලා දානවා. නමුත් බොහෝ මගේ ඉන්න යහළු යෙහළියන් හොඳයි. මගේ ගමනටත් හොඳ උපදෙස් දෙනවා.

 

අනාගත බලාපොරොත්තුව?

මට ආසයි තානාපති සේවයට සම්බන්ධ වෙන්න.

 

පවුලේ විස්තර?

අම්මා,තාත්තා,මල්ලි තමයි පවුලෙ ඉන්නෙ. මල්ලි තමයි මන්චී සුදු චොකට් පෆ් දැන්වීමෙ ‘මම කැමතියි නෑනට නෑනා කන කෑමට‘ කියන්නේ, මගේ තාත්තා පොලිස් දෙපාර්තුමේන්තුවේ සේවය  කරන්නේ. එයත් රංගනයට සම්බන්ධයි, අම්මා ගෘහනියක්.

 

නිරූපණ ක්‍ෂේත්‍ර‘යේ නවකයන්ට වේලාවට වැඩ කිරීම, විනයක් නොමැතිකම, ක්‍ෂේත්‍ර‘ය පිළිබඳව අවබෝධයක් නොමැතිකම ආදී බොහෝ චෝදනා තිබෙනවා නේද?

ඔව්. සමහරුන්ට එහෙම චෝදනා තියෙනවා. ඒවා මට ඇහිලත් තියෙනවා. එහෙම අය මම දැකලත් තියනෙවා. නමුත් මට සෑම විටම උත්සාහ කරන්නේ මගේ අතින් එවැනි වැරදි සිදුවන එක නවතලා මගේ ගමන සියලු දෙනාගේම සහයෝගයෙන් ඉදිරියට යන්න, ඇත්තටම මගේ අම්මයි තාත්තායි විතරක් නෙවෙයි. මෙතෙක් ක්‍ෂේත්‍ර‘‘යේ හමුවූ සියලු දෙනාට මට හොඳ සහයෝගයක් දීලා තියෙනවා.

 

හැඩගැන්වීම - නාරධ ධනංජී (NBS Studio)

කොණ්ඩා සැකසුම  - හරූන්

සටහන/ඡායාරූප - මිහිර බණ්ඩාර  

20160708Ishanka-1 20160708Ishanka-2 20160708Ishanka-4



අදහස් (0)

මම පාඩම් වැඩවලට තමයි ප්‍රමුඛස්ථානය දෙන්නෙ

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 572 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි. 2025 ජුනි මස 25 120 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි.

xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි

නුතන ජීවිතයට පහසුකම් රැසක් සමඟ හේමාස් හෙලත් ප්ලස් නවීන බාහිර රෝගී සත්කාරක මාධ්‍යස්ථානය දැන් වත්තල දී 2025 ජුනි මස 23 328 0
නුතන ජීවිතයට පහසුකම් රැසක් සමඟ හේමාස් හෙලත් ප්ලස් නවීන බාහිර රෝගී සත්කාරක මාධ්‍යස්ථානය දැන් වත්තල දී

සීඝ‍‍්‍රයෙන් පරිවර්තනය වෙමින් පවතින ශ‍‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවා ක්ෂේත‍‍්‍රයට නායකත්වය දෙන හේමාස් රෝහලේ අලූත්ම හඳුන්වාදීම හේමාස් හෙල්ත් ප්ලස් ( Hemas Health P

Our Group Site