IMG-LOGO

මම දේශපාලන පක්‍ෂවලට කඩේ ගිහින් රුපියලක්වත් හම්බකර ගත්තෙ නැති නළුවෙක්

2016-06-24-ent-168

කොහොමද බිමල්. මොකද කරන්නේ මේ දවස්වල?

2016-06-24-ent-167මේ දවස්ටිකේ භාරගත්ත වැඩ නැහැ. ඉදිරි නිර්මාණ කිහිපයක් ගැන පුංචි සූදානම් වීමක් තියෙන කාලයක්. ඒ එක්කම ආදරණීය කතාවක් චිත්‍රපටයේ ප්‍රචාරක වැඩ කටයුතුවලට සම්බන්ධවෙලා ඉන්නවා.

 

කොහොමද බිමල්ට විදු චරිතය ලැබෙන්නේ?

ප්‍රියන්ත කොළඹගේ කියන අධ්‍යක්‍ෂකවරයාම තමා මට කතා කළේ විදූ චරිතයට, ඔහු සමඟ මම වැඩ කරලා තියෙනවා. ඔහුගේ ආයතනයේ මම හඬකැවීම්වලට සම්බන්ධ වෙනවා. ඔහු මගේ හොඳ මිත්‍රයෙක්.

 

බිමල් කොහොම ද චරිත තෝරා ගන්නේ?

මම චරිතයක දිග පළල නෙවෙයි බලන්නේ මට දෙයක් කළ හැකි ද කියන දේ පමණයි මම බලන්නේ. ඉතිං විදු චරිතයක් මම පිටපත බැලුවම මට දැනුණ චරිතයක්. ඒ වගේම වාණිජ සිනමාවේ සළකුණක් තැබිය හැකි නිර්මාණයක් බව අවබෝධ වුණා. ඊට පස්සේ මේ චිත්‍රපටය ගැන අපි කතා කළා. ඉතිං ඊට පස්සෙ මම බොහොම කැමැත්තෙන් මේ සඳහා දායක වුණා.

 

විදු චරිතය ගැන කිව්වොත්?

විදු කියන චරිතය හරිම පැතලි චරිතයක්. එක රේන්ජ් එකක දිවෙන චරිතයක්. මට සිනමා විචාරකයින්ගේ සිට සාමාන්‍ය ප්‍රේක්‍ෂකයා සහ මගේ බිරිය ලබාදුන් ප්‍රතිචාරය තමයි විදුට සාධාරණයක් ඉෂ්ඨ කරලා තියෙනවා කියන එක. ඉදිරියේදීත් චිත්‍රපටය බැලීමෙන් ප්‍රේක්‍ෂකයින්ටත් ඒ ගැන ප්‍රතිචාර දක්වන්න පුළුවන්.

 

හෝමාල්, උදාරි, අරුණි කොහොමද ඒ අය එක්ක රඟපෑම?

හේමාල් සහ මම මේ චිත්‍රපටය හරහා තමයි මුලින්ම රඟපාන්නේ. මීට පෙර මට ඔහු සමඟ රඟපාන්න අවස්ථාවක් ලැබුණේ නැහැ. කියන්න ඕන ඔහු සමඟ වැඩ කිරීම හරි ආස්වාදජනකයි. මොකද අපිට බෙදා හදාගන්න කතා කරන්න ගොඩක් දේවල් තිබුණා. හේමාල්ව මම දකින්නේ ඉතා ඉක්මණින් තමන්ගේ රංගනය දියුණු කරගනිමින් ඉන්න නළුවෙක් විදියට. ඔහු නිරන්තරයෙන් ඔහුගේ චරිතය ගැන අධ්‍යයනය කරමින් ඉන්න කෙනෙක්. ඔහු සතු සුවිශේෂීම ගුණය තමයි නිහතමානීකම.

 

උදාරි සහ අරුණි ගැනත් මතක් කළොත්?

උදාරි එක්ක නම් මම මීට පෙර උදාරිගෙ පළමු චිත්‍රපටයේත් වැඩ කළා. අරුණි එක්කත් මම පළමු වතාවට චිත්‍රපටයේ වැඩ කළේ. කොහොමත් මේ අය මා එක්ක මිතුරුයි. ඒ නිසා ඉතාමත් හොඳින් වැඩ කටයුතු කළා. එකිනෙකාගේ අදහස්වලට ගරු කරමින් කාලය ගෙවුණා කිව්වොත් හරි.

 

ප්‍රියන්ත කොළඹගේ කියන අධ්‍යක්‍ෂවරයා දකින්නේ කොහොමද?

ඔහු අත්දැකීම් සහිත අධ්‍යක්‍ෂවරයෙක්. ඉතිං ඔහු නිදහස දුන්නා මෙහි එන චරිතවලට ප්‍රවිශ්ට වෙන්න ඒ ප්‍රවේශයන් තුළ තියෙන අඩුපාඩු ඉතා සුක්‍ෂම විදියට ඔහු පෙන්වලා දුන්නා. ඔහු සමඟ වැඩ කළ කාලය හරිම ආදරණීයයි. විශේෂයෙන්ම මේ කිහිපදෙනා සිහිපත් කළ යුතුමයි. කැමරාශිල්පි රුවන් කොස්තා, වේෂනිරූපණ ශිල්පි නලින ප්‍රේමතිලක, ඇඳුම් නිර්මාණ ශිල්පි - ජනක කඩප්පුලි සහ සහය අධ්‍යක්‍ෂ ඩොනල්ඩ් ජයන්ත. මේ සියල්න්ගේම එකමුතුකම නිසා තමයි ප්‍රේක්‍ෂක ඔබ ආදරණිය කතාවක් මේ විදියට ලස්සනට දකින්නේ.

 

දැනට ලැබුණු චරිත ගැන තෘප්තිමත්ද?

මෙහෙමයි මට අතෘප්තියක් නැහැ. හැබැයි තවත් චරිත ලැබෙනවා නම් මටම මගේ රංගනය ගැන තක්සේරුවක් කරන්න පුළුවන් කියන විශ්වාසය තියෙනවා. මට ලැබුණ දේවල් ගැන මම තෘප්තිමත්. රංගන ශිල්පියෙක්ගෙ ඉතා සියුම් සහ විශිෂ්ට රංගනයන් මතු කරගන්න පුළුවන් අත්දැකීම් එක්ක. ඉතිං මමත් තාමත් ඒ අත්දැකීම් ලබනවා.

 

වේදිකාවටද පුංචි තිරයටද සිනමාවටද වඩාත් කැමති?

සිනමාවට.

 

දැන් බිහිවෙන නිර්මාණ ගැන?

විශේෂයෙන්ම නව පරපුරේ චිත්‍රපට ගණනාවක් තියෙනවා. සිනමාවට නව ප්‍රවේශයක් අවශ්‍යම මොහොතක ඉන්නෙ. ප්‍රවීණ දැවැන්ත නිර්මාණවේදින්ගේ චිත්‍රපට එක්ක තරග කරන්නට හැකි නිර්මාණ තියෙනවා. කර්මාන්තයක් විදියට යම් පසුබිමක් තියෙනවා. නමුත් අපි බලාපොරොත්තු තියාගෙන ඉන්නවා මීට වඩා හොඳ දවසක් හෙට දවස වෙද්දි ලැබෙයි කියලා.

 

බිමල් ජයකොඩි ඉදිරියේදි අධ්‍යක්‍ෂණයට එන්න අදහසක් නැද්ද?

මම වසර ගණනාවක් තාක්‍ෂණ ශිල්පියෙකු විදියට වැඩ කරපු අත්දැකීම් සහිත කෙනෙක්.. ඉතිං මගේ හිතේ බලාපොරොත්තුවක් තියෙනවා අධ්‍යක්‍ෂණයට එන්න. හෙට චිත්‍රපටයක් කරන්න නෙවෙයි. ජීවිතේ එකතු කරගන්න දේවල් එක්ක දෙයක් කරන්න ඕන කියලා මගේ හිත මටම කියන අවස්ථා තියෙනවා.

 

අන්තිමට අනාගත බලාපොරොත්තු?

මම කොහොමත් සරල සාමාන්‍ය විදියට ජීවත් වෙන්න කැමැති කෙනෙක්. සියුම් ආඩම්බරයකින් කියන්න පුළුවන් දෙයක් තමයි කාටවත් ණය නැති තවත් කෙනෙක්ට ලැබෙන්න තියෙන දෙයක් බලෙන් කඩාවඩා ගත්තෙ නැති, දේශපාලන පක්‍ෂයකට කඩේ ගිහිල්ලා රුපියලක දෙයක්වත් හම්බ කරගත්තෙ නැති, කෙනෙක්. ඒ වගේම මවුපියන්ට සහෝදර සහෝදරියන්ට ගරු කරන බිරියට ආදරය කරන මහපොළොවට ආදරය කරන කෙනෙක් විදියට ජීවත් වන කෙනෙක් කියලා මට හරි ආඩම්බරයෙන් කියන්න පුළුවන්. ඉදිරි බලාපොරොත්තු මේ ආකාරයට, මීටත් වඩා හොඳින් ජීවත් වීම පමණයි.

 

අනූ

 

DESHAYA

 

2016-06-24-ent-169



අදහස් (0)

මම දේශපාලන පක්‍ෂවලට කඩේ ගිහින් රුපියලක්වත් හම්බකර ගත්තෙ නැති නළුවෙක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 12 0
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 597 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි. 2025 ජුනි මස 25 124 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි.

xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි

Our Group Site