IMG-LOGO

2025 ජුලි මස 01 වන අඟහරුවාදා


මම ගුවන් සේවිකාවක් නොවුණ කියලා දුකක් නැහැ

2016-06-27-ent-46

සිවුවසරකට පෙර නිරූපණ ක්ෂේත්‍රයට පිවිස මේ වනවිට රංගන ශිල්පිනියක ලෙස නිතර කටයුතු කරන හෂිනි ප්‍රනාන්දු සමගින් අද "සාරවිට" තරු කතා අපි සූදානම් වුණෙමු. දැනට ගීත රූප රචනා කිහිපයකටත්, චිත්‍රපට කිහිපයකටත් සිය රංගන දායකත්වය ලබාදී ඇති හෂිනි, ඉදිරියේදී තවත් කලා කටයුතු කිහිපයකටම සම්බන්ධ වීමට අවස්ථාවක් ලැබී තිබේ. මේ ඒ පිළිබඳව ඇය අප සමගින් පැවසු දේ.

 

2016-06-27-ent-42ක්ෂේත්‍රයට ආවේ?

ක්ෂේත්‍රයට ඇවිල්ලා දැන් අවුරුදු 4ක් විතර වෙනවා. ඇල්පිටියේ ප්‍රසන්න කොළඹආරච්චිගේ අධ්‍යාපනය ආයතනය මගින් සංවිධානය කළ මනාලියන්ගේ දැක්ම තරගයකින් මම ජයග්‍රහණය කළා. ඊට පස්සෙ මගේ අම්මා අයදුම්පතක් යොමු කරලා තිබුණා. "සෙලින්කෝ VIP" ෆැජන්ට් එකට. ඒ තරගයේ දෙවැනි ස්ථානය මට දිනාගන්න පුළුවන් වුණා. එම තරගයට සහභාගී වීමත් සමග මට නිරූපණ ක්ෂේත්‍රයේ බොහෝ දෙනෙකු හඳුන ගන්න ලැබුණා. ඔය විදිහට තමයි නිරූපණ ක්ෂේත්‍රයට ආවේ.

 

නිරූපිකාවක් වෙන්න හිතුවේ ඇයි? ඒ ක්ෂේත්‍රයට කැමතිද?

නැහැ. පුංචි කාලේ තිබුණ ලොකුම හීනය මගේ ගුවන් සේවිකාවක් වෙන්න. නිරූපිකාවක් වුණේ අහම්බෙන්. ඉතින් අද නිරූපිකාවක් විදිහට ක්ෂේත්‍රයට සම්බන්ධ වෙලා වැඩ කරනවා. ගුවන් සේවිකාවක් නොවුණ කියලා දුකක් නැහැ. මම නිරූපිකාවක් විදිහට මේ ක්ෂේත්‍රයට සම්බන්ධ වෙලා වැඩ කරන්න ලැබුණ එක ගැන සතුටක් තියෙනවා මට.

 

දැනට දායක වෙලා තියෙන කලා කටයුතු?

ගීත රූප රචනා කිහිපයකටම දැනට දායක වෙලා තියෙනවා. හසිත ජයරත්නගේ "ආදරය වෙලා" ගීතය හරහා මාව ගොඩ දෙනෙක් හඳුන ගත්තා. ඊට අමතරව ලාල් වීරසිංහ මහත්මයාගේ "සිංග මචා චාර්ලි" චිත්‍රපටයේ රඟපෑවා. තව "ඔන්න බබෝ පිස්සෝ එනවා" කියලා DVD එකක රඟපෑවා. අගෝස්තු මාසයේදී රූපගත කරන තවත් DVD චිත්‍රපටයකට සම්බන්ධ වෙන්න අවස්ථාව දැන් ලැබිලා තියෙනවා. ඊට අමතරව තවත් ගීත රූප රචනා කිහිපයකටත් රංගනයෙන් දායක වෙන්න අවස්ථාව දැන් ලැබිලා තියෙනවා. ඉතින් ඉදිරියේදී මාව ඒ කලා නිර්මාණ හරහා මගේ රසික, රසිකාවියන්ට දකින්නට ලැබෙවි.

 

නිරූපණ ක්ෂේත්‍රය ගැන මොකද හිතෙන්නේ?

හොඳයි. වර්තමානයේ නම් නිරූපණ ක්ෂේත්‍රයට තරුණ පිරිස ගොඩක් සම්බන්ධ වෙනවා. ඒ වගේම මම දකිනවා නිරූපිකාවට හොඳ පිළිගැනීමක් අද තියෙනවා කියලා. ඉතින් ගොඩක් සතුටුයි නිරූපිකාවක් විදිහට මේ ක්ෂේත්‍රයට සම්බන්ධ වෙලා වැඩ කරන්න ලැබුණ එක ගැන. ඒ වගේම හැම දෙයක්ම තෝරා බේරා ගෙන වැඩ කරන්න ඕනා අදහසත් මට තියෙනවා.

 

ඉලක්ක මොනවද?

නිරූපිකාවක් විදිහට ක්ෂේත්‍රය තුළ නමක් හදා ගන්න එක. ඊට අමතරව රංගනය පැත්තට වැඩිපුර යොමු වෙන්නත් අදහසක් තියෙනවා.

 

උදව් කළ අය?

මගේ පවුලේ හැමදෙනාවම මේ අවස්ථාවේදී මතක් කරනවා. ඊට අමතරව ක්ෂේත්‍රයට එන්න අඩිතාලම දැම්මේ චම්පි අක්කයි ප්‍රසන්න අයියායි විශේෂයෙන්ම මතක් කර සිටිනවා.

 

2016-06-27-ent-47
2016-06-27-ent-45
2016-06-27-ent-44
2016-06-27-ent-43



අදහස් (0)

මම ගුවන් සේවිකාවක් නොවුණ කියලා දුකක් නැහැ

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 572 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි. 2025 ජුනි මස 25 120 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි.

xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි

නුතන ජීවිතයට පහසුකම් රැසක් සමඟ හේමාස් හෙලත් ප්ලස් නවීන බාහිර රෝගී සත්කාරක මාධ්‍යස්ථානය දැන් වත්තල දී 2025 ජුනි මස 23 328 0
නුතන ජීවිතයට පහසුකම් රැසක් සමඟ හේමාස් හෙලත් ප්ලස් නවීන බාහිර රෝගී සත්කාරක මාධ්‍යස්ථානය දැන් වත්තල දී

සීඝ‍‍්‍රයෙන් පරිවර්තනය වෙමින් පවතින ශ‍‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවා ක්ෂේත‍‍්‍රයට නායකත්වය දෙන හේමාස් රෝහලේ අලූත්ම හඳුන්වාදීම හේමාස් හෙල්ත් ප්ලස් ( Hemas Health P

Our Group Site