IMG-LOGO

2025 ජුලි මස 01 වන අඟහරුවාදා


මම ගොඩක් ආසාවෙන් හිටියෙ පුතෙකුට

2016-07-01-ent-118

2016-07-01-ent-115අමිලා නදීශානි මේ වනවිට ශ්‍රී ලංකාවේ ගායන ක්‍ෂේත‍්‍රයේ දිදුලන තාරකාවක් වී හමාරයි. ඇගේ මියුරු ගී හඬ ඇසෙන විට හැමෝගෙම දෙසවන් ඒ වෙත ඇදී යන්නේ නිරායාසයෙන්. සුපර් ස්ටාර් වේදිකාවෙන් ගී ලොවට පැමිණි ඇය ගායන ක්‍ෂේත‍්‍රයේ ඉදිරියටම යමින් ඇගේම ගීත රැුසක් ද මේ වනවිට රසිකයන්ට තිලිණ කර හමාරයි. සුවහසක් රසික රසිකාවියන්ගේ සවන් යුග මිහිරෙන් මිහිරට පත් කළ ඒ ජනප‍්‍රිය ගායන ශිල්පිනී අමිලා නදීශානියි මෙවර ජීවිතේ මල් ගැන කතා කරන්නේ.

විවාහයෙන් පසුව මට දරුවෙක් ලැබෙන්න ඉන්නවා කියලා දැනගත්ත දවසෙ මම ගොඩක්ම සතුටු වුණා. මම ගොඩක් ආසාවෙන් හිටියෙ පුතෙකුට. ඉතින් පුතෙක් ලැබෙන්න ඉන්නවා කියලා දැනගත්තම ගොඩක්ම සතුටු හිතුණා. ඒ විදියට මම බලාපොරොත්තු වුණා වගේම මගේ මහත්තයා වගේම පුතෙක්ව මට ලැබුණා. ඉතින් ඒ ගැන මට වගේම අපේ පවුල්වල අයටත් දැනුණෙ ලොකු සතුටක්. ඒත් එක්කම මගෙ දුව ලැබුණු දවසත් ඒ වගේමයි. පුතාගෙ ඉපදීමෙන් පසුව දිගු කාලයකට පසුව තමයි දුව ලැබුණෙ. පුතෙක් ඉන්න නිසා දුවෙක්ව මම ප‍්‍රාර්ථනා කළෙත්. ඉතින් ඒ ප‍්‍රාර්ථනාවත් ඉෂ්ඨ කරගන්න පුළුවන් වුණා. ගොඩක් සනීපෙන් නීරෝගිමත්ව දුව ලැබුණා කියලා දැනගත්තම දැනුණ සතුට වචනවලින් කියන්න බැරි තරම්. පුතා ලැබුණෙ 2002 මාර්තු 17 වෙනිදා. දුව 2012 මැයි 7 වෙනිදා ලැබුණෙ. ඒ දවස් දෙක මගෙ ජීවිතේ සොඳුරුතම දවස් 2ක්.

මම පළමුවෙන්ම ප‍්‍රසංගයකට විදේශගත වුණ දවස මගෙ ජීවිතේ මම ගොඩක්ම සතුටු වුණු දවසක්. ඒ මුලින්ම ගියෙ ජෝර්දානෙට. එහිදී මාත් එක්ක ගායන ශිල්පී දමිත් අසංකත් සහභාගි වුණා. ඉතින් ඒ මුල්ම විදෙස් සංචාරයට මගේ මහත්තයා මාව ගොඩක් බයෙන් පිටත් කළේ. ඒ, කවදාවත්ම විදෙස්ගත වෙලා නැති නිසා. මට ඒ සහභාගි වෙන දවසෙත් ලොකු සතුටක් වගේම බයකුත් හිතේ තිබුණා නුහුරු අත්දැකීමක් නිසා. නමුත් ඒ අත්දැකීමටත් මුහුණ දුන්නා හරිම සතුටුයි.

සුපර් ස්ටාර් තරගාවලිය අවසන් කාලෙදී වගේ අපිට බස්වල යන තත්ත්වයක් තිබුණෙ නෑ. ඒ ලොකු ලොකු කරදරවලට මුහුණදෙන්න සිදුවුණු නිසා. ඉතින් ඒ වෙද්දී අපි එක එක වර්ගයේ වාහනත් බලලා තිබුණෙ මිලදී ගන්න. ඒත් වැඩක් වුණේ නෑ. අපි රෙන්ට් කාර් එකක් තමයි පාවිච්චි කළේ.

නමුත් අන්තිම මොහොතේ මම ඊඵෂක්‍්‍ය හිදී සංගීත ප‍්‍රසංගයකට සහභාගි වෙලා ඒකෙ ගීත ගයලා අවසන් වෙද්දී මාව එක්කන් යන්න මහත්තයා ආවෙ අපේම කාර් එකක. ඉතින් ඒ දවස මට කවදාවත්ම අමතක වෙන්නෙ නෑ. හරිම සුන්දරයි. එදා ජීවිතේ ලොකුම ලොකු කියාගන්න බැරි තරමේ සතුටක් දැනුණා.

2016-07-01-ent-114සිරස සුපර් ස්ටාර් තරගයෙන් මට අවසාන තිදෙනාගෙන් ඉවත්වෙන්න සිදුවුණා. ඒ මොහොතෙ නම් ලොකු දුකක් ඇතිවුණේ. නමුත් මම ජීවිතේට මුහුණදෙන්න ඕන කියන දේ සහ ඉදිරියට යන්න ඕන කියන දේ හිතලා හිත ගොඩක් හදා ගත්තා. ඒ හදාගෙන මම පළමුවෙන්ම ප‍්‍රසංගයකට සහභාගි වුණා. ඒ සහභාගි වීමත් සමග මට හිතාගන්නවත් බැරි ලොකු සතුටක් හිතට දැනුණා. ඒ මොහොතෙ හිතුණා මම දැනටමත් මගෙ අනාගතේ ගොඩනගාගෙන ඉවරයි කියලා. ඒ මට හොඳටම පෙනුණා ඉදිරියටම යන මාර්ගය. ඒ, සුපර් ස්ටාර් තරගයේ මම පළමුවෙනියා නොවුණත් මට ලැබුණු පේ‍්‍රක්ෂක ප‍්‍රතිචාර ඉතා ඉහළයි. ඒ කිසිදේකින් අඩුවක් තිබුණේ නෑ. ඉතින් ඒක මට ලොකුම ලොකුම සතුටක් වුණා. 51,000 වැනි පිරිසක් අතරින් තිදෙනා දක්වා එන්න ලැබීමත් ලොකු ජයග‍්‍රහණයක් කියලා තමයි හිතුණේ. ඒ පිළිබඳ තවමත් සතුටක් දැනෙනවා.

මගේ පළවෙනි මියුසික් වීඩියෝව කරපු දවසෙත් ගොඩක්ම සතුටු වුණා. එහි මගෙත් එක්ක රඟපෑවේ නුවන් ගුණසේකර. ඇත්තටම ඒ වෙද්දී මට අත්දැකීමක් තිබුණෙත් නෑ වීඩියෝවක රඟපාලා. ඒ ගීතය තමයි ‘‘ඔබ දන්නවාද දන්නෙ නෑ’’. ඒ ගීතය මාව ගොඩක් ඉදිරියට ගෙනාවා. මම නොහිතපු විදියට ජනතාව අතරට ගියා. හොඳ ප‍්‍රතිචාර ගොඩක් ලැබුණා. ඒ ගීතය මට නිර්මාණය කරලා දුන්නේ තේජා ඉද්දමල්ගොඩ. රචනා කළේ නන්දන වික‍්‍රමගේ.

ඒ දෙන්නා මගෙන් ඒ වෙනුවෙන් කීයක්වත් අය කළෙත් නෑ. වීඩියෝවට නම් ලක්ෂ 3ක් වගේ වියදම් වුණා. ඇත්තටම වියදම ගැන නෙවෙයි එදා හැමෝම ඒ වෙනුවෙන් කරපු කැපකිරීම ගොඩක් වටිනවා. වීඩියෝව එළිදක්වපු දවසටත් වඩා ඒ වැඩ කටයුත්ත කරපු දවස් දෙකේ ගොඩක්ම සතුටින් වැඩ කළේ. ඒ හැමෝම ඉතා විනෝදකාමීව වැඩ කළා. ඉතින් හරිම සතුටුයි ඒ පිළිබඳව.

මගේ මහත්තයත් එක්ක එකතුවෙලා මම ව්‍යාපාරයක් ආරම්භ කළා. ඒ 2012 අගෝස්තු 11 වෙනිදා. ඒ ආරම්භ කළේ සාරි ෂොප් එකක්. නම තමයි ‘‘සන්ක‍්‍රා’’. ඒක ආරම්භ කළාට පසුව මගේ ජීවිතේ ලොකු වෙනසක් ඇතිවුණා. හැමෝම මාව ව්‍යාපාරික කාන්තාවක් විදියට හඳුන්වන්න පටන් ගත්තා. ඒක මට ලොකු හයියක්. මගේ සංගීත ජීවිතේට ලොකු හයියක්. ඒ වගේම එය මගෙ මහත්තයටත් ලොකු එළියක් වුණා කියලා මට හිතුණා. මොකද අපි දෙන්නගෙ සංගීත ජීවිතේ අපි එකට ජීවත් වුණේ. හැමදේම කළේ අපි දෙන්නත් එක්කමයි. ඉතින් මේ ව්‍යාපාරයත් අපිට එකටම කරන්න ලැබීම ලොකු ශක්තියක් වුණා. ඒක ගැන මට ලොකු සතුටක් තියෙන්නෙ. ජීවිතේ සුන්දර බලාපොරොත්තුවක් ඉෂ්ට වුණා කියලා දැනෙනවා.

2014 මැයි 22 වෙනිදා මගේ ජීවිතේ අමතක නොවනම සොඳුරු දවසක්. ඒ දවසෙ මගේ මහත්තයගෙ උපන්දිනය මම හිතාගන්නවත් බැරි විදියට සැමරුවා. එහිදී සර්ප‍්‍රයිස් කිරීමක් තමයි කළේ. ඒක එයාගෙ ජීවිතේටත් අමතක නොවනම විදියට. උපන්දිනය අවසන් වනතෙක්ම තිබුණෙ සර්ප‍්‍රයිසස්. පළමුවෙන්ම මම එයාව යාලූවොත් එක්ක ගමනක් යැව්වා. ඒක ලොකු කරදර අවස්ථාවක්. මොකද එයා කොහෙවත් යන්නෙ නෑ මාව දාලා. නමුත් ඒ දේ සිද්ධ වුණා. ඒ ගිහින් එද්දී තනි සුදු පාටින් ගෙදර සරසලා තිබුණා කාටවත්ම හිතාගන්නවත් බැරි විදියට. උපන්දිනයට දවස් 3කට කලින් තමයි මම මේ හැමදේම සැලසුම් කළේ. ඒ මුළු දවසම එයාට හිතාගන්නවත් බැරි විදියට හැමදේම සැලසුම් කරලා තිබුණෙ. ඇඳුම් පැළඳුම් පවා හැමදේම අලූත්ම ඒවා. අවසානයේ එදා රාත‍්‍රියේ අපි මීගමුවේ හෝටලයකට ගියා. ඒ දවස ඇත්තටම ගොඩක් සුන්දරයි මහත්තයත් ගොඩක්ම සතුටු වුණා. ඉතින් මගේ ජීවිතේ අත්දැකපු සුවිශේෂ මතක සටහනක් ඒ.

 

ධනු විජේරත්න

 

sandalla

 

2016-07-01-ent-117
2016-07-01-ent-116



අදහස් (0)

මම ගොඩක් ආසාවෙන් හිටියෙ පුතෙකුට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 492 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි. 2025 ජුනි මස 25 103 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි.

xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි

නුතන ජීවිතයට පහසුකම් රැසක් සමඟ හේමාස් හෙලත් ප්ලස් නවීන බාහිර රෝගී සත්කාරක මාධ්‍යස්ථානය දැන් වත්තල දී 2025 ජුනි මස 23 302 0
නුතන ජීවිතයට පහසුකම් රැසක් සමඟ හේමාස් හෙලත් ප්ලස් නවීන බාහිර රෝගී සත්කාරක මාධ්‍යස්ථානය දැන් වත්තල දී

සීඝ‍‍්‍රයෙන් පරිවර්තනය වෙමින් පවතින ශ‍‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවා ක්ෂේත‍‍්‍රයට නායකත්වය දෙන හේමාස් රෝහලේ අලූත්ම හඳුන්වාදීම හේමාස් හෙල්ත් ප්ලස් ( Hemas Health P

Our Group Site