IMG-LOGO

2025 ජුලි මස 01 වන අඟහරුවාදා


මම කැමතියි මට වටිනාකමක් හදාගන්න

2016-07-04-ent-26

වෘත්තීමය නර්තන ශිල්පිනියක වූ ඇය, නර්තනයට මෙන්ම මෝස්තර නිරූපණයටද ආදරයක් දක්වන්නීය. නමින් ඉෂි සොහනා වන ඇය මෙවර "සාරවිට" තරු කතාබහට එක්වූවාය. ඇගේ ඉදිරි කලා කටයුතු පිළිබඳව අපි ඇගෙන් මෙසේ විමසුවෙමු.

 

නිරූපිකාවක් විදිහට වැඩ කරන්න ගත්තේ මෑතකදීද?

2016-07-04-ent-28ඔව්. නිරූපණ ක්ෂේත්‍රයට ඇවිල්ලා අවුරුදු දෙකක් විතර වෙනවා.

 

නිරූපිකාවක් වුණාට ඉෂි වෘත්තීය මට්ටමේ නර්තන ශිල්පිනියක්?

ඔව්. පාසල් යන කාලෙ ඉඳලාම නර්තනය පැත්තට මම යොමු වෙලා කටයුතු කළ කෙනෙක්. 2011 අවුරුද්දේ සමස්ත ලංකා මට්ටමින් පවා මම නර්තන අංශයේ ජයග්‍රහණ අත්කරගෙන තියෙනවා. පහත රට නැටුමක් තමයි මම ඒ තරගයට ඉදිරිපත් කළේ. පාසල් අධ්‍යාපනයෙන් පස්සෙ මම නර්තන කණ්ඩායම් කිහිපයකටම සම්බන්ධ වෙලා වැඩ කළා. අදටත් මම එවැනි කණ්ඩායම සාමාජිකාවක් විදිහට කටයුතු කරනවා.

 

නිරූපණයට සම්බන්ධ වෙන්න ආසාවක් ආවේ?

මම පොඩි කාලේ ඉඳන්ම නර්තනයට වගේම නිරූපණය පැත්තටත් ගොඩක් කැමැත්තෙන් හිටිය කෙනෙක්. ඒ හින්දා තමයි නිරූපණයට පැත්තට යොමු වෙන්න අදහස් කළේ.

 

දැනට දායක වෙලා තියෙන කලා කටයුතු මොනවද?

මම මියුසික් වීඩියෝස් කිහිපයකම නර්තන ශිල්පිනියක් විදිහට දායක වෙලා තියෙනවා. ඊට අමතරව වෙළෙඳ දැන්වීම් නිරූපිකාවක් විදිහට වෙළෙඳ දැන්වීම් කිහිපයකටම දායක වෙලා තියෙනවා. "ජූලි හතයි" චිත්‍රපටයේ ගීත සඳහා නර්තනයෙන් දායක වුණා. ඊට අමතරව රූපවාහිනි වැඩසටහන්වල නර්තන සාහිකාව ලෙස බොහෝ අවස්ථාවලදී කටයුතු කරලා තියෙනවා.

 

දායක වෙලා තියෙන වැඩ අඩුයි නේ?

ඔව්. මට වැඩ පස්සෙ එලෝව ගෙන යන කෙනෙක් නෙමෙයි. මම හිතන්නෙ ඒ හින්දා තමයි මට වැඩ අඩු. ඒත්, මම කැමතියි මට වටිනාකමක් හදාගන්න. හැම දෙයක්ම භාර අරගෙන වැඩ කළොත් අපේ තියෙන වටිනාකම අඩුයි.

 

දැන් ඔබ නිරූපිකාවක්ද නැත්නම් නර්තන ශිල්පිනියක්ද?

නර්තන ශිල්පිනියක් විදිහට මම පොඩි කාලෙ ඉඳලාම වැඩ කළා. මම හිතන්නෙ දැන් මම නිරූපිකාවක් විදිහට දිගටම වැඩ කළ යුතුයි කියලා.

 

මොනවද ඉලක්ක තියෙන්නේ?

ලොකුවට බලාපොරොත්තු නැහැ මට. කැමති ක්ෂේත්‍රයක හොඳ විදිහට සාර්ථක ගමනක් යන්න තමයි බලාපොරොත්තුව. බොහෝ විට මේ ක්ෂේත්‍රවලට අමතරව මම රංගනය වගේ වෙනත් ක්ෂේත්‍රයක් තෝර ගන්නත් ඉදිරියේදී පුළුවන් වෙයි.

 

උදව් කළ අය කවුද?

මගේ අම්මා තමයි හැම දේටම උදව් කරන්නේ. හෂාන් පන්නිලගේ අයියා ගොඩක් උදව් කරනවා මට මේ ක්ෂේත්‍රවලින් ඉදිරියට යන්න. ඒ වගේ නම් කියූ නොකියූ බොහෝ පිරිසක් ඉන්නවා මට උදව් කළා. ඒ අතර මගේ පෙම්වතාව මේ වෙලාවේදී විශේෂයෙන්ම මතක් කරන්න ඕනා.

 

ඡායාරූප - හෂාන් පන්නිලගේ

 

2016-07-04-ent-27 
 2016-07-04-ent-25
2016-07-04-ent-24
2016-07-04-ent-23
2016-07-04-ent-22
2016-07-04-ent-21
2016-07-04-ent-20
 



අදහස් (0)

මම කැමතියි මට වටිනාකමක් හදාගන්න

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 494 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි. 2025 ජුනි මස 25 103 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි.

xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි

නුතන ජීවිතයට පහසුකම් රැසක් සමඟ හේමාස් හෙලත් ප්ලස් නවීන බාහිර රෝගී සත්කාරක මාධ්‍යස්ථානය දැන් වත්තල දී 2025 ජුනි මස 23 303 0
නුතන ජීවිතයට පහසුකම් රැසක් සමඟ හේමාස් හෙලත් ප්ලස් නවීන බාහිර රෝගී සත්කාරක මාධ්‍යස්ථානය දැන් වත්තල දී

සීඝ‍‍්‍රයෙන් පරිවර්තනය වෙමින් පවතින ශ‍‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවා ක්ෂේත‍‍්‍රයට නායකත්වය දෙන හේමාස් රෝහලේ අලූත්ම හඳුන්වාදීම හේමාස් හෙල්ත් ප්ලස් ( Hemas Health P

Our Group Site