වත්තල මාබෝලේ ශරීර සුවතා මංතීරුව අඩි 33 ක් දක්වා පුළුල් කර තාර දමා සංවර්ධනය කිරීම සඳහා ඩසම් ගොඩකිරීමේ සංවර්ධන මණ්ඩලය අනුමැතිය ලබා දී ඇතැයි ඉඩම් සංචාරක සංවර්ධන ක්‍රිස්තියානි ආගමික කටයුතු අමාත්‍ය ජෝන් අමරතුංග මහතා අද (01) බත්තරමුල්ලේ ඉඩම් අමාත්‍යංශයේ පැවති මාධ්‍ය හමුවකදී පැවසීය.
ඒ පිළිබඳව ජනතාව දැනුවත් කිරීමට පියවර නොගැනීම මෙහිදී සිදු වූ බලවත්ම අඩුපාඩුව බවද අමරතුංග මහතා කියයි.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනේ මන්දා ඇමතිතුමනි, ඔය කියන මණ්ඩලයේ ලොකු ලොකු අය මාධ්‍ය වලට නම් කිව්වේ වෙන කතාවක් නේද? (නි)
අනේ අම්මපා මෙහෙමත් කතා!! (නි)
මේ අයව තියාගෙන හිටියොත් ළඟ එන ඡන්ද උඩින්ම දිනන්න පුළුවන්. ගිය ආණ්ඩුවෙන්වත් පාඩම් ඉගෙනගන්නේ නැහැ වගේ. (නි)
අද පාරවල් වල වාහන ධාවනය කරවන විදිහට ඔබතුමාගේ උපදෙස් පරිදි පාරේ ඇවිද්දොත් ශරීර සුවතාවය කෙසේවෙතත් අතපය කඩාගෙන රෝහල්ගතවීමට සිදුවේවි. (නි)
රෑ දහයට විතර පොලිස් ආරක්ෂාව එක්ක ගිහින් ඕක කඩන්න තිබුණ හදිසිය මොකක්ද? පෙට්‍රල් අඩු වුණා කියලා අවුරුද්දකට කිට්ටුයි. තාම අපිට ගිනි ගණන් වලට දෙන්නේ. ඕවට කියන්නේ ඊර්ෂ්‍යාව කියලා. පහුගිය ආණ්ඩුව කරපු හොඳ වැඩ වලට ඊර්ෂ්‍යාව. (නි)
අද අහපු හොඳම කතාව. දවසටම හරියනවා (නි)
දේශපාලකයින් මේ ලෝකයෙන් නැත්තටම නැතිවෙනවා නම් කොච්චර හොඳද? (නි)
අනේ මන්දා! මේ මිනිස්සු කට ඇරියොත් බොරුම කියන්නේ මොන අපායේ යන්න හිතාගෙනද මන්දා. මහජන දේපල විනාශ කරමින් බොරුවෙන්ම ජීවත්වෙන කට්ටියක් තමයි දේශපාලකයෝ. බත් නොකන තණකොල කන කට්ටිය තමයි ඉතින් මෙයාලව ඔතනට ගෙනාවේ. අනේ අපොයි අපේ රටට යන කලදසාව! දැන් තියෙන්නේ බලන බලන තැන යහපාලනය. රට කිරියෙන් පැණියෙන් ඉතිරෙනවා (නි)
හැමදේම අනාගෙන තමයි අන්තිමේදී නවතින්නේ (නි)
ජනතාවට ඕක නොකියපු එකේ ප්‍රතිඵල ඡන්දෙ දවසේ හම්බවෙයි. (නි)
ඔබතුමා හැමවෙලාවේම හරි. අපි ඒක දන්නවා! (නි)
මෙහෙමත් වගකීමක් නැති කතා හැබෑටම? (නි)
තාර පාරේ ඇවිදින්න හොඳ නම් එතකොට රථ වාහන යන්නෙ කෙහෙද දන්නෙ නැහැ (නි)
මේක කඩලා හදන්න යන එකට තාම මුදල්වත් හොයාගෙන නැහැ නේද? මේකෙන්ම තේරෙනවා හදන්න තියෙන උවමනාවට වඩා කඩන්න තිබුණ හදිස්සිය වැඩියි කියලා. ඇමති ප්‍රශ්න වලට පිළිතුරු දෙන විදියට හිතාගන්න පුළුවන් කොහොම වැඩ කරන පුද්ගලයෙක්ද කියලා. (නි)
එක්කෙනෙක් කියනවා අවසර අරන් කැඩුවාලු. තව කෙනෙක් කියනවා හොරෙන් කඩලාලු. තව කෙනෙක් කියනවා තත්වය බාල නිසා කැඩුවාලු, පාරක් හදන්න කැඩුවාලු. ගෙවල් හදන්න කැඩුවාලු, හොරට හදල නිසා කැඩුවාලු. කොහෙන්ද අප්පා මෙච්චර බොරු මවන්නේ? (නි)
කඩපු ටික ආයේ හදලා දැවැන්ත බෝඩ් එකක් ගහලා නම් ගම් එහෙමත් දාගනිවී අලුත් ඇමතිලා. කටින් නම් හිනාවෙලා මදි මේවට. (නි)
මගේ හිතට එන තරහා කියලා නිමකරන්න අමාරුයි (නි)
අලුතින් දෙයක් හදන්නෙත් නැහැ, පරණ කාලේ හදපු දේවල්වලට තමන්ගේ නම් ගෙන විවෘත කරනවා ඇරෙන්න. ඒ මදිවට තියෙන ඉරිසියාවට කලින් හදපුවත් කලා බිඳලා විනාස කරලා දානවා. වෙනස මාරයි රට හමාරයි. (රේ)
මහත්තයෝ, මේකට අයිතිය තියෙන්නේ ඔය කියන සංවර්ධන මණ්ඩලයටද? (නි)
හොඳ වැඩේ! ව්‍යායාම කරන්න මංතීරුම අවශ්‍යද අපේ රටට? (නි)
දුවන්න ඕනෑම නම් මිගමු වෙරළ තියෙන්නේ. මේවා බොරු සෝබන! (නි)
එක එක කාලෙට දේශපාලකයින්ගේ එක එක කතා අහලා අපිට එපාවෙලා (නි)
රටට කිසිම වැඩක් නැතුව රජයේ මුදල් නිකන් නාස්ති කරන්න එපා. හරි නම් මේ දේශපාලකයින්ගේ පුද්ගලික වියදමෙන් මේ පාර හදවගන්න ඕනෑ. (නි)
ජනතාව බඩගින්නේ. සමහරු මංතීරු වල ව්‍යායාම කරනවා. අහෝ පින්බිමට ගිය කල! (නි)
ඇමති තුමනි මේව මේ කාටද කියන්නෙ. අර අගමැතිවරයා පාර්ලිමේන්තුවේ කරන ජෝක් වලට වඩා ලස්ස්සන ජෝක් කතාවක්(රේ)
"මම මේ සම්බන්ධයෙන් කිසිවක් දන්නේ නැහැ, මේකට මගේ කිසිම සම්බන්ධයක් නැහැ" කී ඇමතිතුමා මොකද හිටපු ගමන් මේ සිද්ධිය ගැන "සියල්ල දත්" එක්කෙනා වෙලා තියෙන්නේ? ජනතාව දැනුවත් කරන්නේ නැතුව, ජනතාව භාවිතා කරන දෙයක් රාත්‍රී කාලයේදී හොර රහසේ විනාශකළ එකේ හොරයක් නැහැ කියන එක පොඩි ළමයෙකුටවත් පිළිගන්න පුලුවන්ද? (නි)
අපිට මුහුණ බැලුවහම බොහෝ දේ හිතෙනවා (නි)
දෙයියෝ සාක්කි තමයි. කලින් කිව්වා කවුරු කළාද දන්නේ නැහැ, හොරෙන් රෑ කළා කියලා. දැන් කියනවා පුළුල් කරන්න යනවලු. ඒ මදිවට ඇවිදින මං තීරු වල ඇයි සර් හදිස්සියෙන් වාහන යන්නේ? එ්ක ඇවිදින අයගේ මාර්ග ආරක්ෂාවට හානියක් නෙමෙයිද? අලුතින් හිතලා රටට වැඩක් ඇති දෙයක් කරන්න බැරි නම් අර කලින් රට කෑවා කියන අය කළ වැඩ ටිකවත් මිනිස්සුන්ට ඉතිරි කරන්න කරුණාකරලා. (නි)
‘ගෙදර යනගමන්‘ ඉන්න සමහර දේශපාලකයෝ නම් කරන තරමක් කරන්නේ එපා කරපුම වැඩ විතරයි. (නි)
ෂුවර්...ව්‍යග්‍රා බීල ඉන්නේ.(රේ)
ඇත්තටම සංවර්ධන කටයුත්තක් වෙනුවෙන් කරපු දෙකට අපි විරුද්ධ වෙන එක හරි නැහැ නේද. (රේ)
ඔබ වැඩ වරද්දාගන්නේ මිනිසුන් දැනුවත් නොකිරීම හේතුවෙන්. අනිත් වැඩත් කොච්චර හොඳ වුවත් මිනිසුන් බනින්නේ එමනිසායි (නි)
ශරීර සුවතා මන් තීරුව ලොකු කරන්න උවමනාවක් නැහැනේ අවශ්‍ය නම් තව තීරුවක් හදන්න තිබුනනේ. කඩලා හදන්නේ ඇයි. කැඩුවට හදන්න සල්ලි තියෙනවද ? උදේ හිටන් හවස් වෙනකන් කියන්නේ මහින්ද මහත්තය සල්ලි ගත්තා කියලනේ. (රේ)
අපේ ඡන්දෙත් අරගෙන මෙහෙම වැඩ කළාම අපි කොහොමද පාරේ බැහැලා යන්නේ? මේකද අපි ඉල්ලූ වෙනස? (නි)
කාගේ අනුමැතියෙන්ද? මංතීරු ඉදිකළ ගෝඨාභය මැතිතුමාගෙන්ද? අනික අනුමැතිය තිබෙනවා නම් හොර රහසේ කඩන්න ඕනෑද? (නි)
දේශපාලඥයෝ නම් දැන් එපාවෙලා. අටුව කඩලා පුටුව හදන්න වගේ සූදානම (නි)
හොඳට හිතාමතාද මේවා කියන්නේ? (නි)
අපේ බදු සල්ලි වලින් වැටුප් ගන්න නිලධාරීන් රටේ දේපළ කාබාසිනියා නොකළ යුතුයි (නි)
මේ ලංකාවේ සමහර ඇමතිගොල්ලෝ හිතාගෙන ඉන්නේ ඒ ඒ ප්‍රදේශ වල අයිතිය තියෙන්නේ ඒගොල්ලන්ට කියලා. (නි)
එක අතකට මේවා එයාලගේ පුද්ගලික සල්ලියෑ? ඉතින් මොන අමාරුවක්ද? (නි)
එහෙනම් මොකටද මෙහෙම හොර රහසේ කඩාදැම්මේ? (නි)
දවස් තුනට කතා තුනයි. කියන්නේ මොනවාද කරන්නේ මොනවාද කියලාවත් මේ ආණ්ඩුවේ අය දන්නේ නැහැ (නි)
මේ 'ශරීර සුවතා මංතීරුව‘ ලෝකේ ලොකුම එක වෙන්නට ඕනෑ (නි)
දුප්පත් මිනිසුන්ට පාරත් නැහැ අන්තිමට (නි)
වයසට යනකොට සමහරුන්ගේ බුද්ධිමත් බව කුඩා ළමයකුට තරම් වන මට්ටමට වැටෙනවා. (නි)
මේ වගේ දෙයක්වත් හරියට කරන්න බැරි නම් වැඩේ ජෝන් බාස්ට යනවා. ජ්‍යෙෂ්ඨයන්ට නෙමෙයි දක්ෂයන්ට තැන දෙන පාලනයක් අපිට ඕනෑ. (නි)
ඇත්තටම රටේ ජනතාව බහුතරය මෝඩයන්. එ්ක තමා පිළිගතයුතු ලැජ්ජා හිතෙන ඇත්ත. (නි)
බොරු කියාගෙන ඔහොමම යමු. කවදාහරි විඳවන්න වෙයි. යමු යමු. ඔහොමම යමු. මෙයා මේ පුදුම දියුණුවක් කරන්න යන්නේ, පාර කඩලා. (නි)
අරවින්දගේ කතාවට මාත් එකඟයි. මේවා දැක්කම හිතට එන කේන්තිය කියලා වැඩක් නැහැ. (නි)
මේවාට කියන්න හිතෙන දේවල් මෙතන ලියන්න බැහැ (නි)
60%ක් එකතුවෙලානේ පත්කර ගත්තේ මේ වගේ අයව (නි)
වෙනස ඇස්පනාපිට දක්නට ඇත (නි)
මේ කතා ගැන හිතට එන දේවල් මෙතන ලියන්න බැහැ (නි)
මේවා හැදුවට මහින්දව එෆ්.සී.අයි.ඩී. එකට කැඳවන්න හදයිද දන්නෙ නැහැ (නි)
නීත්‍යානුකූලව මෙහෙම වැඩ කරන කෙනෙක් දැක්කමයි (නි)
ඇමතිතුමෝ, මේ රටේ ජනතාව මී හරක් කියලද හිතාගෙන ඉන්නේ? පහුගිය මැතිවරණ කාලෙ නම් එහෙම කට්ටියක් හිටයා. එහෙම නොහිටින්න ඔබතුමාලා ඇමතිවරු වෙන්න කොහොමද? (නි)
මොන ආණ්ඩුව ආවත් ජාතික ලැයිස්තුවෙන් ඇවිදින හොල්මන් පාර්ලිමේන්තුවට එන එක නවත්තන්න මහජනයාට පුළුවන් දෙයක් නෙමෙයි නේ . කොහොම වුනත් ආණ්ඩුවට පුළුවන් වෙන්න ඕනේ මේ ජෝකර්ලව පාලනය කරන්න. නැත්නම් වැඩිකාලයක් යන්න කලින් ගෙදර යන්න වෙයි කට්ටියටම. (බ)
මෙතුමා දැන් අලුත්ම පෙරළිකාරයෙක් වෙලා . අටුව කඩා පුටුව හදන මෙවැනි මැති තුමන්ලා රටට සම්පතක් ,මෙතුමන්ලගෙන් මීට වඩා දෙයක් බලාපොරොත්තුවෙන්න එපා. (බ)
මෙවැනි බහුභූත වැඩ නිසා වෙන්නේ ඡන්ද කැඩෙන එකයි. මහින්ද ඉන්න කාලේ විපක්ෂේ හිටියත් කළේ මහින්දට කඩේ යන එකනේ. මතකනේ මහින්ද එක්ක ජෙරුසලමට ගිය ට්‍රිප් එක. (නි)
බුදුන් වහන්සේගේ ඉගැන්වීමේ තියන විදිහට සිල්පද පහ රැකගෙන අකුසල් දහයෙන් වැලකුනොත් එහි වටිනාකම ඔබට මැරෙන්න පෙර දැනගත හැකියි. (බ)
අහෝ ඇමතිතුමනි, මොනවද මේ කතා!! (නි)