
(ප්‍රසන්න පද්මසිරි සහ පාලිත ආරියවංශ)
පොලිස් නිලධාරීන් දෙදෙනෙකුට මරණීය තර්ජනය කර අයුතු අවහිරය, පහරදී, තුවාල සිදුකිරීම යන චෝදනාවලට පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරි වැරදිකරු බවට තීරණය කළ ඌව පළාත් බද මහාධිකරණය මන්ත්‍රීවරයා වසර එක හමාරක සිරදඬුවමක් නියම කළේය.
ඇමති ආරක්ෂක අංශයේ පොලිස් නිලධාරියාට වසර 10ක අත්හිටවූ සිරදඬුවමක් නියම කළේය.
2019 වසරේ පෙබරවාරි 10 වනදා හෝ ඒ ආසන්න දිනක බණ්ඩාරවෙල නගරයේ දී පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරි මහතා ඇතුළු පිරිස ජීප් රථවලින් ගමන් කරමින් සිටියදී, ඔහුගේ ජීප් රථයට පොලිස් ජීප් රථයක් ඉස්සර කරගෙන යාම සම්බන්ධයෙන් ඇතිවූ බව කියන බහින්බස්වීමක් මෙම සිද්ධියට මුල්වී ඇති බව නඩු විභාගයේදී අනාවරණය කෙරුණි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd