IMG-LOGO

2024 අප්‍රේල් මස 27 වන සෙනසුරාදා


මන්ත්‍රී, අමාත්‍ය ලේකම්වරියගේ කට කපනවා කියලා

(චමිල් රූපසිංහ)

රාජ්‍ය අමාත්‍යවරයකුගේ පෞද්ගලික ලේකම්වරියකට, පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු දුරකථනයෙන් තර්ජනය කළැයි කියන සිද්ධියක් සම්බන්දයෙන් එම ලේකම්වරියක   අද (29) පැමිණිල්ලක් කළ බව පේරාදෙණිය පොලිසිය පවසයි.

තමන් වෙත පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරයකු ඊයේ (28) දුරකතන ඇමතුමක් ලබාදී තමන් වෙනත් පුද්ගලයකු හා පවසුවැයි කියන ප්‍රකාශයක් ගැන විමසා එය සත්‍ය නම් ඇයගේ කට කපා දමනවා යැයි තර්ජනය කළ බව පොලිසියට පැමිණිලි කළ පැමිණිල්ලේ සඳහන් වේ. 

මේ සම්බන්ධව පැමිණිල්ලට ලක් වූ මහාචාර්‍ය රංජිත් බන්ඩාර මහතාගෙන් කළ විමසිමකදි  තමා අදාල ලේකම්වරියට දුරකතන ඇමතුමක් ගත් බවත් මේ වගේ සිද්ධියක් ජේවිපි භිතිය ඇති සමයේ කළා නම්  කටකපනු ඇතැයි පවැසු බවත් තර්ජනයක් නොකළ බවත් මාහාචාර්‍යවරයා පැවසිය.



අදහස් (20)

මන්ත්‍රී, අමාත්‍ය ලේකම්වරියගේ කට කපනවා කියලා

nanda Friday, 29 March 2024 03:22 PM

මහාචාර්ය වරයෙක් නේද? අපි කලින් අහලා තියෙන්නේ නව සොයාගැනීම් වගේ වටිනා දේවල් තියෙද්දී අද අහන්න තියෙන්නේ මේවාද? 

:       60       78

ravin Friday, 29 March 2024 03:32 PM

ආ.. මේ මහාචාර්ය නේද?

:       10       82

Prabha Friday, 29 March 2024 03:35 PM

මොවුන්ට දැන් තියන එකම බය ජවිපය...

:       67       81

sam Friday, 29 March 2024 03:45 PM

ආචාර්ය මහාචාර්ය වුණාට දැන් කාලේ ෆෝන් රෙකෝඩින් කියලා දෙයක් තියනවා කියලා දන්නේ නැතුව කරපු දෙයක්...!

:       2       77

Hafeel Friday, 29 March 2024 04:44 PM

මෙයා නම් කිසිසේත්ම පාර්ලිමේන්තුවට සුදුසු නැහැ. මෙයාව නැවතත් කෝප් කමිටුවට පත් කළ එක කිසිසේත්ම අනුමත කරන්න බැහැ. මෙයාට මහාචාර්ය කියලා කියන්නත් වටින්නේ නැහැ.

:       3       82

පපට් Friday, 29 March 2024 05:26 PM

මෙතුමාට හස්ථ සංඥාව අමතක වෙලාද දුරකථනයෙන් තර්ජනය කළේ?

:       1       70

විජිත් Friday, 29 March 2024 05:27 PM

දැන් චණ්ඩි පාට් දාන්නා පටන් අරගෙන වගෙයි. ඔහොම ඉන්න තව ටික දවසක්. කෝප් කමිටුවේදී ක්‍රිකට් බෝඩ් එකේ ප්‍රශ්නය වෙලාවේ, අපිට අමතක නැහැ. අතින් පයින් ක්‍රිකට් කාරයින්ට සිග්නල් දුන්නු හැටි. කවුද ඔය මහාචාර්ය පට්ටම දුන්නේ? ජම්පර් දෙක තුනක් මහගෙන ලැහැස්තිවෙලා ඉන්න.

:       58       68

Nadadawa withanage sisira kumara Friday, 29 March 2024 06:48 PM

අපි නොදන්න මෙයා...

:       1       42

Sachith Friday, 29 March 2024 06:55 PM

යන්නේ කොහේද මල්ලෙ පොල්... දැන්නම් කට්ටිය හොඳටම ජේවිපී භීතියට පත්වෙලා ඉන්නේ කියලා තේරෙනවා.

:       40       44

Rohan Friday, 29 March 2024 07:24 PM

කෝල් කලේ මොකටද? හමු වුණාම සංඥා භාෂාවෙන් කියන්න තිබුණානේ...!

:       1       37

Bamunuarachchi Friday, 29 March 2024 07:38 PM

කට කපනවා කිව්වේ නැතිනම් ඒ තැනැත්තිය පොලිසියේ පැමිණිල්ලක් දැම්මේ කොහේ කසනවටද? තර්ජනය කරපු කෙනා කියනවද? ඔව් මම තර්ජනය කළා කියලා...!

:       1       37

chandima Friday, 29 March 2024 09:04 PM

ඇත්තටම මහාචාර්ය කෙනෙක් නම් මොනවාටද ඔතැන බැලුවේ නෑවද මන්දා...?

:       1       23

Nimal Friday, 29 March 2024 11:24 PM

මන්ත්‍රීවරයෙක් හෝ මහාචාර්යවරයෙක් නොවෙයි...

:       1       20

siri Saturday, 30 March 2024 04:54 AM

මහාචාර්යවරුන් උගත්කමින් පොත්පත් ලියලා දරුවන්ටත්, සමාජයටත් මෙහෙවරක් කරන උගතුන්... අද මහාචාර්යකම දෙකේ කොලයට ගිහින්....

:       0       7

Kazi Shajahan Saturday, 30 March 2024 08:57 AM

එතුමියගේ කට කපනවාද කිව්වේ, නැතිනම් කට කනවාද කිව්වේ...

:       1       13

Bunny Preena Saturday, 30 March 2024 09:38 AM

මෙයානම් ජවිපයට වක්‍රව පහර ගැසීමට හිතාමතාම සැලසුම් කළ දෙයක් බවයි මට පේන්න තියෙන්නේ...

:       1       10

sam Saturday, 30 March 2024 10:07 AM

වෙන රටක නම් මෙයා මෙලහකටත් අත් අඩංගුවේ. මහාචාර්ය තනතුරටත් ලැජ්ජයි.. කෝප් එකේ ඉඳලත් කෑවා. ලැජ්ජයි. වහාම පරීක්ෂණයක් තියලා අත් අඩංගුවට ගන්න. ජීවිත තර්ජනය කරන අයද පාර්ලිමේන්තුවේ ඉන්නේ..?

:       0       15

සත්‍ය ගවේෂී. Saturday, 30 March 2024 03:05 PM

අම්මෝ ... එහෙම කාලෙකුත් තිබුණා නේද? ඒ අස්සේ මෙතුමා ජේවීපී එකට කල්යල් බලා හොඳ ටොක්කක් ඇනලා. කොහොම වුණත්, එහෙම කාලයක් තිබුණා. එය නෑ කියන්න කාටවත් බැහැ. කටකපනවාට බයේ සිගරට් බිව්වේ නැහැ. මැරුම් කන්න වෙන නිසා ලයිට් දැම්මේ නැහැ. ටීවී බැලූ අවස්ථාවල ලොකු කළුගල් පියාඹා ඇවිත් ටීවී එක බින්දා. කඩවල හමුදාවට මුදල් වලට බඩු වික්කොත් මැරුවා. ඒ අය බලෙන් නිකං බඩු අරං ගියා. මිනිය දනෙන් උඩට උස්සන්න දුන්නේ නැහැ. ඉන්දියාව හා ඉන්දියන් බඩු එපා වුණා. තේ දළු නෙලන්න දුන්නේ නැහැ. තේ පැක්ටරි, බස් හා වාහන ගිනි දෙවියාට පූජා කළා. ඡන්දය දුන්නොත් මරණය. මේ වගේ තවත් බොහෝ දේ කළ අය රෙදි ඇඳගෙනද මන්දා අද මේ අපූරූ කතා කියන්නේ...

:       8       5

සෙනෙවිරත්න Saturday, 30 March 2024 09:14 PM

අසත්‍ය ගවේෂී, ඔය කියන ඒවා වුණා නම් ඒවා කරපු අය බිහිකලේ තමුන්නැහැලාගේ නායකයෝ තමයි, අමතකද මැතිණිගේ ප්‍රජා අයිතිය අහෝසි කළා, එදිරිවීර මහාචාර්යතුමාට ගැහුවා, කල ලාම්පු සෙල්ලම දාලා පරණ හොරු මැරයින්ම තියාගත්තා. කලු ජූලිය පිට දාලා ජවිපෙ තහනම් කළා... රැකියා, ඉඩම් , සේරම තම පක්ෂයේ අයට විතරයි. ඕවාට එරෙහිව තරුණ නැගිටීමක් වුණා... ඒකෙන් රාජ්‍ය මැරබලය මුදාහැරලා ඕවත් කළා සම්පූර්ණ වගකීම රනිල් හිටපු රජයට...!

:       0       1

Perera Sunday, 31 March 2024 05:10 AM

පට්ටමෙන් මහාචාර්ය, ක්‍රියාවෙන් දුරාචාර්ය...

:       0       1

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

නිලධාරි හිඟයෙන් විගණනය කොටඋඩ
2024 අප්‍රේල් මස 27 125 1

නිලධාරීන්ගේ උග්‍ර හිඟයෙන් ජාතික විගණන කාර්යාලයේ විගණන විමර්ශනවලට දැඩි බලපෑම් මතුව ඇත.


අනුර කුමාරට ස්වීඩනයේදී උණුසුම් පිළිගැනීමක්
2024 අප්‍රේල් මස 27 787 5

ස්වීඩනයේ සංචාරයක නිරත වී සිටින ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා ස්ටොක්හෝම්හිදී එරට වෙසෙන ශ්‍රී ලාංකිකයෝ උණුසුම් අයුරින් පිළිගත්හ.


මහරගමිනුත් කුඩු හමුවේ
2024 අප්‍රේල් මස 27 505 0

රුපියල් කෝටි දාසයක් වටිනා හෙරොයින් කිලෝ හතක් සමග පුද්ගලයකු අත් අඩංගුවට ගත් බව බස්නාහිර පළාත දකුණ අපරාධ කොට්ඨාශය පවසයි.


ඕස්ට්‍රේලියාවෙන් ලංකාවට ගුවන් යානයක්
2024 අප්‍රේල් මස 27 1502 2

ශ්‍රී ලංකාවෙි සාගර ආරක්ෂණ කටයුතු වෙනුවෙන් ගුවන් යානයත් පරිත්‍යාග කිරීමට ඕස්ට්‍රේලියාවේ විදේශ කටයුතු සහ වෙළෙඳ දෙපාර්තමේන්තුවේ (දකුණු සහ අග්නිදිග ආස


’’රනිල්ට ඉඩ දෙමු’’
2024 අප්‍රේල් මස 27 2189 15

’’රනිල්ට ඉඩ දෙමු,රට වටා යතුරු පැදි රැළිය’’ කොළඹ හුණුපිටිය ගංගාරාම විහාරස්ථානය අසලින් අද(27) පෙරවරුවේ ඇරැඹිණි.


ඇමරිකා නැවකට ’’වැටෙන් එහා’’ සිට කන්න දෙයි
2024 අප්‍රේල් මස 27 2907 2

ඇමරිකා විශ්වවිද්‍යාලයක සිසුන් පිරිසක් රැගත් පර්යේෂණ නෞකාවකට ශ්‍රී ලංකා මුහුදු තීරයට ඇතුළු වීමට අවසර නොදීමට රජය තීරණය කර තිබේ.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 353 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1744 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1576 4
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site