ශ්රී ලංකාවේ උසම දිය ඇල්ල ලෙස සැලකෙන බඹරකන්ද දිය ඇල්ල මුළුමනින්ම සිඳී ගොසිනි. අඩි 863 ක් උසැති මෙම දිය ඇල්ල ඉහළින් ගොවි තැනට වතුර හරවා ගැනීමත් කැලෑ කැපීමත් කැලෑ ගිනි තැබීමත් නිසා මේ තත්වය උදා වී ඇතැයි වැසියෝ කියති ගෝනමලේ කන්ද ඇතුළු කඳු පංතියකින් වට වී ඇති බඹරකන්ද වැසි සමයේ අඩි 25 ක් පළලට විහිදුම් සේලයක් වැනි ජල කඳක් එදා එක් කළ බව ගැමියෝ පවසති. ඇල්ල සිඳී ගියත් ඇල්ල බැලීමට එන සංචාරකයන්ගෙන් රුපියල් 50 ක් අය කරන බව සංචාරකයෝ කියති.
හෝටන්තැන්නෙන් පටන් ගන්නා මෙම දිය ඇල්ල උසින් ලොව 299 වැනි දිය ඇල්ල බවත් කියති.
වතුර වැඩි කාලයට යෝධයෙකු නාන ආකාරය දිස් වන බවත් ගැමියෝ කියති
බඹරකන්ද ජලයෙන් පිරී ඇති විට






COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපරාදේ මේ ස්වභාවික සම්පත්! (නි)
දුමින්ද වගේ අය දන්නේ හුඹස් තර්ක ඉදිරිපත් කරන්න විතරයි (නි)
අපි හරිම ආත්මාර්ථකාමී කිසිම කෙළෙහිගුණයක් නැති ජාතියක්. එ්කයි දවසින් දවස අපේ ජාතිය පිරිහෙන්නේ. සොබාදහමින් මෙපමණ දායාද අපිට ලැබිලත් අපි ඒවාට දක්වන ප්‍රතිචාරය පේනවා නේද? වෙන රටවල මිනිස්සු ඒ රටේ සුන්දර තැන් රැකගන්න මොනතරම් වෙහෙසෙනවද? එ්කට අපේ රටේ පාලකයොයි, මිනිස්සුයි.? තමන්ගේ සාක්කුවට කීයක්හරි වැටෙනවා නම් ඕනෑම වැඩක් කරයි. පුදුම මිනිස්සු ඉන්න රටක්. (නි)
සාමාන්‍යයෙන් බඹරකන්ද වැස්ස නැති කාලේට ඔහොම කමයි. (හේ)
වර්තමාන පරම්පරාව රටට ආදරේ කරන්නේ නැහැ ආදරේ නම් මෙහෙම් විනාශ වෙන්නේ නැහැ දැන් පරපුරට පරිසරය රැකගන්න උවමනාවක් නැහැ අපිට දුක රටේ ලස්සන දවසින් දවස නැතිවෙන එක. (ර)
අපේ රටේ ඇමතිවරු කියන උන් ඉන්නේ සල්ලි හම්බකරන්න විතරනේ එයාලට තේරෙනවද මේවයේ වටිනාකම(රේ)
අනේ අපේ රටේ සුන්දරත්වය රැකගන්න. මේ ලස්සන විනාශ කරන්න එපා. (ර)
බඹරකන්ද දිය ඇල්ලට අත්වි ඇති ඉරණම ගැන ඉතා කනගාටුයි. (බ)
අපේ රටේ ඇමතිවරු කියන අය ඉන්නේ සල්ලි හම්බකරන්න විතරනේ ඔවුන්ට තේරෙනවද මේවයේ වටිනාකම (බ)
රොහාන්, ජනතාව විතරක් නොවේ මේ රටේ ඉහළ පාලකයින්ද මේ විනාශයට වගකිව යුතුයි. මේ ගැන සොයාබැලිය යුතුයි (නි)
සල්ලි කන්න බැරි බව තේරුම්ගත් දවසට මිනිස්සු පරිසර විනාශය නවත්වාවි. ඒත් එදාට රකින්න පරිසරයක් නැතිවේවි (නි)
මේ රටේ මිනිස්සු කවදාවත් හදන්නත් බැහැ. හැදෙන්නෙත් නැහැ (නි)
මේවායේ අගය දැනෙන්නේ මේවා අහිමි වූ දාටයි (නි)
ඉදිරියේදී මේ සියල්ල දැකගත හැක්කේ පින්තූර සහ විඩ්යෝ වලින් පමණි. එනිසා ඒවා සංරක්‍ෂණය කර තබන්න (නි)
ලංකාවේ ඉන්නේ ගෝත්‍රික මෝඩයින් රැසක්. කවමදාවත් දියුණුවෙන්නේ නැති පිරිසක්. ඕක තමයි ඇත්ත. මේ රට ඉස්සර ඉංග්‍රීසින්ට යටත්ව තිබුන යුගයේදී සුද්දා පරිසරය ආරක්ෂා කළා.ඒ වගේම රටත් දියුණු කළා. සුද්දා ලංකාවට නොඑන්න අපි තවමත් ගස් උඩ තමයි. සමහර දේශප්‍රේමී අයට මේ සටහනට තරහා යාවි. නමුත් ඇත්ත එය බව ඒ අයත් හොඳින්ම දන්නවා. (නි)
සල්ලි ලැබෙනවා නම් මිනිස්සු ඕනෑදෙයක් කරනවා. (නි)
ලස්සන පරිසරයක්, සුන්දර දසුන් අප වෙතින් නැතිකරන්න එපා. සොබා දහම පනමෙන් රකිමු (නි)
මෙතරම් ලස්සන දිය ඇල්ලක් වෙනුවට, තව පරම්පරා 4 - 5 කින් උපදින දරුවන්ට දැක ගැනීමට හැකිවන්නේ අතිවිශාල, උස කළුගල් කන්දක් වෙන්න පුළුවන්. එ්කත් ඉතින් ගල් බෝරකාරයන්ගේ අනුකම්පාව උඩ තමා. පරිසර හිතවාදීන් හෝ ඇමතිවරයා තවමත් පසුවන්නේ සැප නින්දක වෙන්න පුළුවන්. ඒ අය අවදි වෙනකොට "යෝධයා නාලා" ඉවරවෙයි. ඇල්ල බැලීමට එන සංචාරකයන්ගෙන් අයකරන රුපියල් 50 න් මොකද්ද කරන්නේ? කාගේ සාක්කුවටද ඒවා වැටෙන්නේ කියා හොයා බලන්න කවුරුත් නැද්ද? (නි)
බඹරකන්ද හිදෙන්න හේතුව ෆයිනස් වැවීමයි. මේක කරන්න තමයි එදා දැඟලුවේ. ජාතියේ අවාසනාව! දුකයි. දැන්වත් ෆයිනස් සම්පුර්ණයෙන්ම ඉවත්කරමු. (නි)
අන්තිමට අපිට මේ හැමදේම දවසක අහිමිවෙලා යයි (නි)
ජලයෙන් පිරී ඇති දියඇලි අපිට තව කොපමණ කාලයක් දකින්න ලැබෙයිද දන්නෙ නැහැ (නි)
එරංග කියනදේ හරියටම හරි දිය උල්පත් සිදියමට ප්‍රදානම හේතුව තමයි ෆයිනස් සහ සර්පන්ටයින් වගාව. වහාම මෙම ගස් ඉවත් කර කොස්, අඹ වගේ ශාක වගා කළ යුතුව තියෙනවා (හේ)
අනේ රොහාන්, ඔබලා මොනවද මේ රටේ බාල පරම්පරාවට ඉතිරි කළේ? බාල පරම්පරාවට දුන් ආදර්ශය මොකක්ද? ජඩකම් කම් වීරකම් ලෙසත්, අමනකම් ගුණවන්තකම් ලෙසත්, නොහික්මුණු, නොසන්ඩාලකම් ධර්මිෂ්ඨකම් ලෙසත්, අධර්මය ධර්මය ලෙසත් අර්ථ දක්වා මෙතන බාල පරපුරට දොස් නඟන්න එපා. එතකොට රටේ තියන ගස් කැපුවේ බාල පරම්පරාවද? ගංගාවල තියන වැලිටික හූරාගෙන කෑවෙ බාල පරම්පරාවද? පරිසරය සුරැකීමට බාල පරම්පරාවට දුන් ආදර්ශය මොකක්ද? කටේ කයිවාරුව තිබුනට වැඩක් නැහැ. බාල පරම්පරාවට ආදර්ශයක් වෙන ලෙස හැසිරෙන්න මොළෙත් හොඳට වැඩ කරන්න ඕනෑ. අන්න ඒක මතක තියාගන්න. (නි)
අයියෝ බලධාරිනි, මේ වෙනුවෙන් වහාම පියවර ගන්න. මේවා රැකගන්න. (නි)
වර්තමාන පරපුර මේ නෙළාගන්නේ පහුගිය පරපුර කළ කී දේ තමයි...... (නි)
පරිසර ලොකු ලොක්කෝ කොහේද? ලොකු වාහන, පහසුකම්, ගමන් වියදම්, බටා සියල්ල අපේ සල්ලි. අපි විතරක් නොවෙයි රටම අවාසනාවන්තයෝ වෙලා (නි)
කවදාහරි මේවා ඡයාරූප වලට පමණක් සීමාවේවි (නි)
විකුම් රංගන, ඔබ හරි. ඇත්තටම බාල පරම්පරාව රටට ආදරෙයි වැඩිහිටි පරම්පරාවට වැඩිය (නි)
පරිසරය විනාශ කරන හැටි ඊයේ පෙරේදා නකල්ස් ගින්නෙන් හොඳට දැකගන්න ලැබුනා. අපේ රටේ වන අපරාධ වලට දඬුවම් ප්‍රමාණවත් නොමැතිකම නිසා මෙවැනි අපරාධ වළක්වා ගැනීම අපහසුවෙලා තිබෙනවා. (නි)
දැන් කාලේ අයට මේවායින් ඇති වැඩක් නැහැ (නි)
කවදාහරි මේවායේ විපාක විඳින්න වෙන කාලෙට තේරෙයි (නි)
ඔය ඇල්ල බලන්න එන අයගෙන් රුපියල් පනහක් අය කලත් ඒ අය කරන කට්ටිය ඔය ඇල්ලේ ඉදිරි අනාගතය වෙනුවෙන් එක සත පහක් වියදම් කරලා නැහැ .. රටේ අනිත් ස්ථාන වලටත් ඔය දේම තමයි වෙලා තියෙන්නේ . (ර)
තව ඉදිරියට අනෙක් දියඇළි වලටත් මේ ආනිසංසයම තමයි ඉතින් (නි)
අපේ මතු පරපුර අනිවාර්යයෙන්ම අපිට ශාප කරනවා නියතයි, අද වෙන සියලු දෙයට. සොබා දහමට කරන අකටයුතුත් සමඟම. (නි)
අපේ අයට අපේ දේවල් වල අගයක් නැහැ (නි)
නිකන් කඩාහැලෙන එක බලන්න සල්ලි ගන්නේ හරියට මේක නඩත්තු කරන්න මහා සල්ලියක් යනවා වගේනේ (නි)
කොතරම් සුන්දර ස්ථානයක්ද මේ.(හේ)
ජාතික සම්පත් විනාශ කිරීමට,විනාශ වීමට ඉඩදී බලාසිටින ,වගකිව යුතු බලධාරින්ට සාප වේවා.(හේ)
මට නම් මේවා දකිනකොට මතක් වෙන්නේම, බොරු ජාත්‍යාලය පෙන්නාගෙන ඉන්න කට්ටිය, තමන්ගේ බලයට ආගම, රට, ජාතිය පෙරට දාලා කටමැත දොඩවන අය, ඇත්තටම රටට කළේ මොනවාද කියලා හොඳම නිදර්ශනයක් මේක. දැන්වත් බොරු ජාත්‍යාලයට මුලානොවී, සැබෑ ලාංකිකයන් විදිහට හිතන්න කාලය හරි (නි)
පරිසරය ගැන වගකියන්න ඕනෑ බලධාරින් ඇස් කන් පියාගෙනද ඉන්නේ? (නි)
කෝ මේ පරිසර ඇමතිවරයා ඇතුළු නිසි බලධාරින්? ඔවුන්ට මේවා පෙනෙන්නේ නැද්ද? (නි)
ඔය පැත්තේ සමහර මිනිස්සු කැළෑ ගිනි තියනවා සත්තුන්ට කන්න අලුත් තණකොළ වවා ගන්න. වතුර පාරවල් හරවලා තියෙන්නෙත් ඔය මිනිස්සුම තමයි. මේකට නිලධාරීන්ට බැනලා වැඩක් නෑ. නීතිය ක්‍රියාත්මක කරන්න දෙන්න ආවම පිකට් කරන්නේ, නිලධාරීන්ට බලපෑම් කරන්නේ ඔය ජනතාවම තමයි. (බ)
ලක්‍ෂපාන ඇල්ලත් මේ වගේ (බ)
ලක්‍ෂපාන ඇල්ලත් මේ වගේ නෙවෙයි. අන්තිම ඡායාරූප දෙකම ලක්‍ෂපාන ඇල්ලේ තමයි. (ර)