IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


මිනිසාමයි ලොව තිරිසන් වන්නේ

ඇඟළුම් සේවිකාවක වන සිය තරුණ බිරිය හා පිරිමියකු සූරියවැව මදුනාගල කැලයකට බලයෙන් රැගෙන ගිය සැමියකු සිය මිතුරන් සමග එක්වී දෙදෙනාටම දස වද දී කාන්තාව රංචු ගැසී කෙළෙසී යැයි හුන්ගම පොලිසියට පැමිණිල්ලක් ලැබී ඇත.

ඇය කෙළෙසූ අය අතර ඇගේ සැමියාද සිටින බවත් ඇය සමග කැලයට රැගෙන ගිය පුද්ගලයාගේ බිරිය විදේශ ගතවී සිටින බවත් පොලිසිය කියයි.

කැබ් රියකින් ඒ දෙදෙනා කැලයට රැගෙන ගොස් ඇතැයිද අසභ්‍ය වීඩියෝ පටයක් සමඟ තිදෙනකු අත් අඩංගුවට ගෙන ඇතැයිද පොලිසිය කියයි.

ජංගම දුරකථනයෙන් වීඩියෝගත කර ඇති බවද සැකකරුවන් වයස 22-25 අතර අය බවද පොලිසිය පවසයි.

තරුණිය රෝහල් ගත කර ඇති අතර ප්‍රධාන සැකකරුවන ඇගේ සැමියා අත් අඩංගුවට ගැනීමට සූරියවැව හා හුන්ගම පොලිසිය පරීක්ෂණ පවත්වයි.

 

 



අදහස් (0)

මිනිසාමයි ලොව තිරිසන් වන්නේ

කුමාර් Tuesday, 10 February 2015 01:45 PM

තම ස්වාමි පුරුෂයා මේ වගේ වැඩක් කරයි කියලා හීනෙකින්වත් මේ කාන්තාව හිතන්න නැතුව ඇති.ඇයි මේ තරම් සමාජය පිරිහිලා තියෙන්නේ.(හේ)

:       0       0

අසෝක Tuesday, 10 February 2015 07:32 AM

දකුණේ කොල්ලෙක්. මේයා ප්‍රාදේශීය සභාවකට එන්න සුදුසුකම් සපුරලා තියෙනවා .(හේ)

:       0       0

කුමාර Tuesday, 10 February 2015 07:35 AM

මේ අයට දඩුවම් දිය යුතුයි.(හේ)

:       0       0

රෝයි Tuesday, 10 February 2015 07:50 AM

පුදුම මිනිස්සු තමයි (දිල්)

:       0       0

අවන්ති Tuesday, 10 February 2015 02:58 PM

මේ වගේ පහත් අය ඉන්න තාක් කල් කාන්තාවකට නිදහසක් නැහැ.මේ ලංකාවේද කියලා හිතෙනවා. එල්ලුම් ගහ නොපමාව ගේන්න.(හේ)

:       0       0

සහන් Tuesday, 10 February 2015 03:27 PM

මේක මේ ගමේ වැරැද්ද?(හේ)

:       0       0

දිනේෂ් Tuesday, 10 February 2015 08:21 AM

තිරිසන් පිරිමි.(හේ)

:       0       0

සමන් Tuesday, 10 February 2015 08:32 AM

මේ කියමන නම් ඇත්ත.මෙවැනි මිනිසුන්ට දඩුවම් දිය යුතුයි (දිල්)

:       0       0

අරුණ Tuesday, 10 February 2015 05:51 PM

සමහරවිට අර අනිත් පුද්ගලයත් එක්ක සම්බන්ධයක් තිබුනද දන්නෙ නැහැනේ. කසාද සැමියට අහුවෙන්න ඇති. හරිද වැරදිද මම දන්නේ නැහැ.මට තේරුනේ ඒ විදියට (නි)

:       0       0

ෂාන් Tuesday, 10 February 2015 08:53 AM

මෙහෙමත් මිනිස්සු (දිල්)

:       0       0

චතුරංග Tuesday, 10 February 2015 06:37 PM

අපිට පෙනෙන්නේ නැති කතාවේ වෙන පැත්තකුත් තියෙනවා වගේ. ඇයි කාන්තාව පමණක් ගෙනියන්නේ නැතුව, තව පුද්ගලයෙකුත් කැලයට ගෙනගියේ? (නි)

:       0       0

හේමන්ත Tuesday, 10 February 2015 09:18 AM

කොහොමත් දඩුවම් දේවි. නමුත් පවතින දඩුවම් ක්‍රම මෙවැනි අපරාද වලට ප්‍රමාණවත් නැහැ. ඒවා සංශෝදනය කර අදට හොදින් ගැලපෙන දඩුවම් ගෙන ආ යුතුයි.(හේ)

:       0       0

රූපවතී Tuesday, 10 February 2015 07:58 PM

පනින රිළවුන්ට ඉනිමං බඳින පිරිමිත් මෙතන ඉන්න බව අදහස් වලින්ම පෙනෙනවා (නි)

:       0       0

තිළිණ Tuesday, 10 February 2015 08:54 PM

මේ අය ගැන මගේ යාළුවෙක් හොඳින් දන්නවා. මෙතන වැරැද්ද එම කාන්තාවගේ සැමියාගේ කියලයි මට හිතෙන්නේ (නි)

:       0       0

චානුක Tuesday, 10 February 2015 09:27 AM

මේ වගේ වැඩ ගැන දුක් විය යුතුයි.සමාජය දැන් පිරිහි හමාරයි.(හේ)

:       0       0

නන්දලාල් Tuesday, 10 February 2015 09:31 AM

මෙවැනි අය වෙනුවෙන් විශේෂ මානසික රෝහල් පිහිටවා එහිදී ප්‍රතිකාර කරන ගමන්ම, කරපු අපරාධ වලටත් දඬුවම් දීම තමා කලයුතු නියම දෙය ! ඒවගේම මෙවැනි අපරාධකාරයන් සමාජයෙන් දුරස් කර තැබිය යුතුය. දැඩි නීති නොමැතිව මෙවැනි අපරාධ සමාජයෙන් දුරුකිරීමට නොහැක. (හේ)

:       0       0

තරිදු Tuesday, 10 February 2015 09:50 AM

දැන් අපේ රටට එල්ලුම් ගහ ක්‍රියාත්මක කරන්න කාලය ඇවිත් .එහෙම උනොත් මේ අපරාධ අඩු වෙන්න පුළුවන් (දිල්)

:       0       0

ධම්ම Tuesday, 10 February 2015 09:56 AM

රටේ යහපාලනය හරිහැටි ස්ථාපිත වෙනකොට මේවා මග හැරිලා යාවි. (බ)

:       0       0

කිරි ගමරාල Tuesday, 10 February 2015 10:04 AM

නන්දලාල් මහත්තයෝ, මානසික ප්‍රතිකාරවලින් හොඳ කරන්න බැරි ලෙඩක් මේක. කළ යුත්තේ ශල්‍ය ප්‍රතිකාරයක්.(දිල්)

:       0       0

අජිත් කරුණාරත්න Wednesday, 11 February 2015 01:41 AM

රජ කාලේ දඬුවම් දෙන්න ඕනෑ මේ වගේ තිරිසනුන්ට. මේ පුද්ගලයා නැවත තමන්ගේ දෙමවුපියන්ට, නෑදෑයින්ට, හිතමිතුරන්ට,ගමේ රටේ මිනිස්සුන්ට මුහුණ දෙන්නේ කොහොමද කියලා හිතාගන්නත් බැහැ. (නි)

:       0       0

ගාල්ලේ අපි Tuesday, 10 February 2015 10:22 AM

දඩුවම් මදි. එල්ලුම් ගහ නැවත ක්‍රියාත්මක කල යුතුයි. (ර)

:       0       0

අබේරත්න Tuesday, 10 February 2015 10:40 AM

මේ අයට මරණීය දණ්ඩනය ලබා දිය යුතුයි.(හේ)

:       0       0

නිලන්ත Wednesday, 11 February 2015 02:33 AM

තිරිසන්නු හොඳයි තව. උන්ටත් අගෞරවයක් මේ මිනිස්සු (නි)

:       0       0

චන්ද්‍රලතා යුරෝපයේ සිට Tuesday, 10 February 2015 10:54 AM

මට නම් කියන්න තියන්නේ මේක සැමියා බිරිදගෙන් පලිගැනීමට කරපු නරකම දෙයක් .මේ සැමියාට තිබුනේ තම බිරිය සමග කතා කර ඇය කරපු වරදක් තිබුනානම් .ඔහුට ඇය එපානම් .දික්කසාද වෙන්න .කැමතිනම් අර කියන අනිත් සැමියාගේ බිරිදටත් අගේ සැමියා කරපු වැරැද්ද කියන්න . (පනින්න පෙර හිතාබලන්න .) (හේ)

:       0       0

ජගත් Tuesday, 10 February 2015 10:55 AM

දැඩි දඩුවම් දිය යුතුයි.(හේ)

:       0       0

පද්මිණි Tuesday, 10 February 2015 12:21 PM

අහන්ටත් බය හිතෙන ඇග කිලිපොලයන කතාවක්. මේ අයට නම් දඩුවම් ලිහිල් කරන්නම එපා. කුඩු, එතනෝල් එකතුවත් ඇති. (හේ)

:       0       0

දුමින්ද Tuesday, 10 February 2015 07:08 AM

මානසික රෝගීන් (නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 145 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 147 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 951 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site