ඇඟළුම් සේවිකාවක වන සිය තරුණ බිරිය හා පිරිමියකු සූරියවැව මදුනාගල කැලයකට බලයෙන් රැගෙන ගිය සැමියකු සිය මිතුරන් සමග එක්වී දෙදෙනාටම දස වද දී කාන්තාව රංචු ගැසී කෙළෙසී යැයි හුන්ගම පොලිසියට පැමිණිල්ලක් ලැබී ඇත.
ඇය කෙළෙසූ අය අතර ඇගේ සැමියාද සිටින බවත් ඇය සමග කැලයට රැගෙන ගිය පුද්ගලයාගේ බිරිය විදේශ ගතවී සිටින බවත් පොලිසිය කියයි.
කැබ් රියකින් ඒ දෙදෙනා කැලයට රැගෙන ගොස් ඇතැයිද අසභ්‍ය වීඩියෝ පටයක් සමඟ තිදෙනකු අත් අඩංගුවට ගෙන ඇතැයිද පොලිසිය කියයි.
ජංගම දුරකථනයෙන් වීඩියෝගත කර ඇති බවද සැකකරුවන් වයස 22-25 අතර අය බවද පොලිසිය පවසයි.
තරුණිය රෝහල් ගත කර ඇති අතර ප්‍රධාන සැකකරුවන ඇගේ සැමියා අත් අඩංගුවට ගැනීමට සූරියවැව හා හුන්ගම පොලිසිය පරීක්ෂණ පවත්වයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
තම ස්වාමි පුරුෂයා මේ වගේ වැඩක් කරයි කියලා හීනෙකින්වත් මේ කාන්තාව හිතන්න නැතුව ඇති.ඇයි මේ තරම් සමාජය පිරිහිලා තියෙන්නේ.(හේ)
දකුණේ කොල්ලෙක්. මේයා ප්‍රාදේශීය සභාවකට එන්න සුදුසුකම් සපුරලා තියෙනවා .(හේ)
මේ අයට දඩුවම් දිය යුතුයි.(හේ)
පුදුම මිනිස්සු තමයි (දිල්)
මේ වගේ පහත් අය ඉන්න තාක් කල් කාන්තාවකට නිදහසක් නැහැ.මේ ලංකාවේද කියලා හිතෙනවා. එල්ලුම් ගහ නොපමාව ගේන්න.(හේ)
මේක මේ ගමේ වැරැද්ද?(හේ)
තිරිසන් පිරිමි.(හේ)
මේ කියමන නම් ඇත්ත.මෙවැනි මිනිසුන්ට දඩුවම් දිය යුතුයි (දිල්)
සමහරවිට අර අනිත් පුද්ගලයත් එක්ක සම්බන්ධයක් තිබුනද දන්නෙ නැහැනේ. කසාද සැමියට අහුවෙන්න ඇති. හරිද වැරදිද මම දන්නේ නැහැ.මට තේරුනේ ඒ විදියට (නි)
මෙහෙමත් මිනිස්සු (දිල්)
අපිට පෙනෙන්නේ නැති කතාවේ වෙන පැත්තකුත් තියෙනවා වගේ. ඇයි කාන්තාව පමණක් ගෙනියන්නේ නැතුව, තව පුද්ගලයෙකුත් කැලයට ගෙනගියේ? (නි)
කොහොමත් දඩුවම් දේවි. නමුත් පවතින දඩුවම් ක්‍රම මෙවැනි අපරාද වලට ප්‍රමාණවත් නැහැ. ඒවා සංශෝදනය කර අදට හොදින් ගැලපෙන දඩුවම් ගෙන ආ යුතුයි.(හේ)
පනින රිළවුන්ට ඉනිමං බඳින පිරිමිත් මෙතන ඉන්න බව අදහස් වලින්ම පෙනෙනවා (නි)
මේ අය ගැන මගේ යාළුවෙක් හොඳින් දන්නවා. මෙතන වැරැද්ද එම කාන්තාවගේ සැමියාගේ කියලයි මට හිතෙන්නේ (නි)
මේ වගේ වැඩ ගැන දුක් විය යුතුයි.සමාජය දැන් පිරිහි හමාරයි.(හේ)
මෙවැනි අය වෙනුවෙන් විශේෂ මානසික රෝහල් පිහිටවා එහිදී ප්‍රතිකාර කරන ගමන්ම, කරපු අපරාධ වලටත් දඬුවම් දීම තමා කලයුතු නියම දෙය ! ඒවගේම මෙවැනි අපරාධකාරයන් සමාජයෙන් දුරස් කර තැබිය යුතුය. දැඩි නීති නොමැතිව මෙවැනි අපරාධ සමාජයෙන් දුරුකිරීමට නොහැක. (හේ)
දැන් අපේ රටට එල්ලුම් ගහ ක්‍රියාත්මක කරන්න කාලය ඇවිත් .එහෙම උනොත් මේ අපරාධ අඩු වෙන්න පුළුවන් (දිල්)
රටේ යහපාලනය හරිහැටි ස්ථාපිත වෙනකොට මේවා මග හැරිලා යාවි. (බ)
නන්දලාල් මහත්තයෝ, මානසික ප්‍රතිකාරවලින් හොඳ කරන්න බැරි ලෙඩක් මේක. කළ යුත්තේ ශල්‍ය ප්‍රතිකාරයක්.(දිල්)
රජ කාලේ දඬුවම් දෙන්න ඕනෑ මේ වගේ තිරිසනුන්ට. මේ පුද්ගලයා නැවත තමන්ගේ දෙමවුපියන්ට, නෑදෑයින්ට, හිතමිතුරන්ට,ගමේ රටේ මිනිස්සුන්ට මුහුණ දෙන්නේ කොහොමද කියලා හිතාගන්නත් බැහැ. (නි)
දඩුවම් මදි. එල්ලුම් ගහ නැවත ක්‍රියාත්මක කල යුතුයි. (ර)
මේ අයට මරණීය දණ්ඩනය ලබා දිය යුතුයි.(හේ)
තිරිසන්නු හොඳයි තව. උන්ටත් අගෞරවයක් මේ මිනිස්සු (නි)
මට නම් කියන්න තියන්නේ මේක සැමියා බිරිදගෙන් පලිගැනීමට කරපු නරකම දෙයක් .මේ සැමියාට තිබුනේ තම බිරිය සමග කතා කර ඇය කරපු වරදක් තිබුනානම් .ඔහුට ඇය එපානම් .දික්කසාද වෙන්න .කැමතිනම් අර කියන අනිත් සැමියාගේ බිරිදටත් අගේ සැමියා කරපු වැරැද්ද කියන්න . (පනින්න පෙර හිතාබලන්න .) (හේ)
දැඩි දඩුවම් දිය යුතුයි.(හේ)
අහන්ටත් බය හිතෙන ඇග කිලිපොලයන කතාවක්. මේ අයට නම් දඩුවම් ලිහිල් කරන්නම එපා. කුඩු, එතනෝල් එකතුවත් ඇති. (හේ)
මානසික රෝගීන් (නදී)