IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


මිනිසාට බැරි දේ අලියා කරයි

මැල්සිරිපුර කිඹුල්වාන ජලාශයට මහත් තර්ජනයක් වෙමින්  වසර ගණනක පටන් වැව් තාවුල්ල පුරා විශාල වශයෙන් වට්ටක්කා වගාව නතර කිරීමට රජය අපොහොසත් වූ නමුත් වල් අලි රංචුවක් සමත් වුහ.

කුරුණෑගල දිස්ත‍්‍රික්කයේ මහා වාරි කර්මාන්තයක් වන කිඹුල්වාන ජලාශය කුඹුරු අක්කර 4000 ක් පමණ යල මහ දෙකන්නය අස්වද්දන දැවැන්ත වාරි යෝජනා ක‍්‍රමයකි. නමුත් කිසියම් පිරිසක් විසින් වසර ගණනාවක් පුරා මෙම ජලාශ තාවුල්ලේ සිදුකරන අනවසර වට්ටක්කා වගාව ජලාශයේ අනාගතයට දැවැන්ත තර්ජනයක්ව පවතී. එයට හේතුව මෙසේ වගා කිරීමෙන් ජලාශය දිනෙන් දින ගොඩ වන බැවිනි.

මෙම අනවසර වට්ටක්කා වගාව නවතා දැමීමට ගොකරැල්ල පොලීසිය , ඉබ්බාගමුව වාරිමාර්ග කාර්යාලය හා ප‍්‍රාදේශීය ලේකම් කාර්යාලය ඇතුළු තවත් වගකිව යුතු රාජ්‍ය අංශ රැුසක් කොතරම් උත්සාහා දැරුවත් පසුගිය රජයේ ප‍්‍රබල දේශපාලන හස්තයකින් එම සියලු උත්සාහය  ව්‍යර්ථ කළ බව ප‍්‍රදේශවාසීහු කියති.

සිව් දෙනෙකුගෙන් පමණ සමන්විත එම අලි රංචුව හීලෑ අලියන්ගේ ලක්‍ෂණ පෙන්නුම් කරන බවත් උන් මිනිසුන්ට පහරදීමට හෝ පැන්නීමට කිසි විටෙක උත්සාහා නොකරන බවත් පවසන ඔවුහු මෙම අලි රංචුව කිඹුල්වාන ජලාශයේ ඉදිරි පැවැත්මට නම් ආශිර්වාදයක් වී ඇති බව ද ගැමියෝ ප‍්‍රකාශ කරති.

 

 

 



අදහස් (0)

මිනිසාට බැරි දේ අලියා කරයි

සුසන්ත Friday, 18 September 2015 12:32 PM

මටනම් පෙනෙන්නේ තාරකට මොලේ නැහැ කියල. මේ ආණ්ඩුව ඇවිත් සුළු කාලයයි. මේ වාර්තාවේම තියෙනවා මේ වැඩේට පසුගිය රජයේ හස්තයක් තිබුන කියල. (අ)

:       0       0

රත්න Friday, 18 September 2015 08:50 AM

කොටියට බැරි වැඩෙත් අලියා කරයි (බ)

:       0       0

රසික Friday, 18 September 2015 09:13 AM

අලින්ට අපගේ ප්‍රණාමය (බ)

:       0       0

රාමා Friday, 18 September 2015 09:19 AM

දුප්පත් මිනිසුන්ට වෙන තැනකින් ඉඩම් දෙන්න වගාකරන්න. වට්ටක්ක නම් කන්නවත් පුළුවන්. වල් අලින්ගෙන් මොනවා කරන්නද (බ)

:       0       0

කාංචන Saturday, 19 September 2015 07:12 AM

නියමයි (ම)

:       0       0

සරත් හෙට්ටිආරච්චි පැරිස් Friday, 18 September 2015 10:49 AM

තාරක මොලේ නැත්තේ අැමතිලට නොවෙයි . උන් පාර්ලිමේන්තු යවන බත්කන හරක්ට (බ)

:       0       0

වරුණ Friday, 18 September 2015 07:10 AM

හොද වැඩක් කෙක්කෙන් බැයිනම් කොක්කෙන් මේ නොයෙක් දේශපාලන බලපෑම් යහපාලනයේ තියෙන්න බැහැ එහෙම වුනොත් ඊළඟ මැතිවරෙනේදී එගොල්ලන්ටත් පාඩම් ඉගෙන ගන්නවෙවී (බ)

:       0       0

තාරක Friday, 18 September 2015 07:12 AM

අලියට තියෙන තරම් මොළයක්වත් මේ ආණ්ඩුවේ ඉන්න ඇමතිලාට නැහැ. (ම)

:       0       0

අමරදාස Friday, 18 September 2015 07:38 AM

කියලා කරා වගේ වැඩක්.(හේ)

:       0       0

දුමින්ද Friday, 18 September 2015 07:46 AM

බුද්ධිමත් වැඩක් (හේ)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 343 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 213 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1004 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site