මැල්සිරිපුර කිඹුල්වාන ජලාශයට මහත් තර්ජනයක් වෙමින් වසර ගණනක පටන් වැව් තාවුල්ල පුරා විශාල වශයෙන් වට්ටක්කා වගාව නතර කිරීමට රජය අපොහොසත් වූ නමුත් වල් අලි රංචුවක් සමත් වුහ.
කුරුණෑගල දිස්ත‍්‍රික්කයේ මහා වාරි කර්මාන්තයක් වන කිඹුල්වාන ජලාශය කුඹුරු අක්කර 4000 ක් පමණ යල මහ දෙකන්නය අස්වද්දන දැවැන්ත වාරි යෝජනා ක‍්‍රමයකි. නමුත් කිසියම් පිරිසක් විසින් වසර ගණනාවක් පුරා මෙම ජලාශ තාවුල්ලේ සිදුකරන අනවසර වට්ටක්කා වගාව ජලාශයේ අනාගතයට දැවැන්ත තර්ජනයක්ව පවතී. එයට හේතුව මෙසේ වගා කිරීමෙන් ජලාශය දිනෙන් දින ගොඩ වන බැවිනි.
මෙම අනවසර වට්ටක්කා වගාව නවතා දැමීමට ගොකරැල්ල පොලීසිය , ඉබ්බාගමුව වාරිමාර්ග කාර්යාලය හා ප‍්‍රාදේශීය ලේකම් කාර්යාලය ඇතුළු තවත් වගකිව යුතු රාජ්‍ය අංශ රැුසක් කොතරම් උත්සාහා දැරුවත් පසුගිය රජයේ ප‍්‍රබල දේශපාලන හස්තයකින් එම සියලු උත්සාහය ව්‍යර්ථ කළ බව ප‍්‍රදේශවාසීහු කියති.
සිව් දෙනෙකුගෙන් පමණ සමන්විත එම අලි රංචුව හීලෑ අලියන්ගේ ලක්‍ෂණ පෙන්නුම් කරන බවත් උන් මිනිසුන්ට පහරදීමට හෝ පැන්නීමට කිසි විටෙක උත්සාහා නොකරන බවත් පවසන ඔවුහු මෙම අලි රංචුව කිඹුල්වාන ජලාශයේ ඉදිරි පැවැත්මට නම් ආශිර්වාදයක් වී ඇති බව ද ගැමියෝ ප‍්‍රකාශ කරති.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මටනම් පෙනෙන්නේ තාරකට මොලේ නැහැ කියල. මේ ආණ්ඩුව ඇවිත් සුළු කාලයයි. මේ වාර්තාවේම තියෙනවා මේ වැඩේට පසුගිය රජයේ හස්තයක් තිබුන කියල. (අ)
කොටියට බැරි වැඩෙත් අලියා කරයි (බ)
අලින්ට අපගේ ප්‍රණාමය (බ)
දුප්පත් මිනිසුන්ට වෙන තැනකින් ඉඩම් දෙන්න වගාකරන්න. වට්ටක්ක නම් කන්නවත් පුළුවන්. වල් අලින්ගෙන් මොනවා කරන්නද (බ)
නියමයි (ම)
තාරක මොලේ නැත්තේ අැමතිලට නොවෙයි . උන් පාර්ලිමේන්තු යවන බත්කන හරක්ට (බ)
හොද වැඩක් කෙක්කෙන් බැයිනම් කොක්කෙන් මේ නොයෙක් දේශපාලන බලපෑම් යහපාලනයේ තියෙන්න බැහැ එහෙම වුනොත් ඊළඟ මැතිවරෙනේදී එගොල්ලන්ටත් පාඩම් ඉගෙන ගන්නවෙවී (බ)
අලියට තියෙන තරම් මොළයක්වත් මේ ආණ්ඩුවේ ඉන්න ඇමතිලාට නැහැ. (ම)
කියලා කරා වගේ වැඩක්.(හේ)
බුද්ධිමත් වැඩක් (හේ)