ලෝක මානසික සෞඛ්‍ය දින සැමරුම වෙනුවෙන් එහි සැමරුම් සංකේත සමනල රුව ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතාට පැළදවීම අද (10) පෙරවරුවේ කොළඹ ජනාධිපති නිල නිවසේදී සිදු කෙරිණි.
ලෝක මානසික සෞඛ්‍ය දිනයට සමගාමීව, ශ්‍රී ලංකාව " සමබර මනසින් නංවමු ලස්සන යාමයක් " තේමාව යටතේ මෙම සැමරුම් උළෙල සංවිධානය කර තිබූ අතර, සෞඛ්‍ය සේවාලාභී ක්‍රියාකාරී ජාලයේ අධ්‍යක්ෂ කේ. කේ. නානායක්කාර මහතා විසින් පළමු සැමරුම් සංකේතය ජනාධිපතිතුමාට පළඳවනු ලැබීය.
මානසික සෞඛ්‍ය පිරිහීිම නූතන ලෝකය තුළ සීඝ්‍රයෙන් පැතිර යන අතර එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් ලෝක ප්‍රජාව ඒ පිළිබදව දැනුම්වත් කිරීම සදහා ඔක්තෝබර් 10 වැනිදා ලෝක මානසික සෞඛ්‍ය දිනය ලෙසින් නම් කර ඇත.
අද පැවති උත්සවයේදී මානසික සෞඛ්‍ය වෙනුවෙන් කළ සමාජ මෙහෙවර අගයමින් එම සංවිධානයේ රොහාන් සමරජීව, අශෝක සංජීව යන මහත්වරුන් වෙත ජනපති අතින් සමරු තිළිණ පිරිනැමීම ද මෙහිදී සිදු විය.
මෙම අවස්ථාවට සෞඛ්‍ය සහ දේශීය වෛද්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා ඇතුළු මානසික සෞඛ්‍ය සේවාලාභී සේවා ජාතික ජාලයේ ක්‍රියාකාරීන් පිරිසක් ද එක්ව සිටියහ.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සෑම දෙයකම වැරදි දකින්නන්,මෙම මානසික සෞඛ්‍යය වැඩ සටහනට ගොස් ප්‍රතිකාර ගන්නේ නම් මැනවි. (ම)
මහජනතාවගේ මානසික සෞඛ්‍ය වෙනුවෙන් ක්‍රමවත් වැඩපිළිවෙළක් සකස්වෙනවා නම් බොහොම හොඳයි (නි)
බොහොම හොඳයි (නි)
ඔබ අපේ ශක්තියයි (නි)
රට වෙනුවෙන් යමක් කරන්නට ඔබට වාසනා! (නි)
දැන් සෑහෙන පිරිසක් ඉන්නේ මානසික පසුතැවීමෙන්.මොකද ගොඩක් දෙනෙකුට ජීවත්වෙන්න සරිලන ආදායම් මාර්ගයක් නැහැ. තිබුණු ඒවත් වැහිලා ගිහිල්ලා (නි)
මුන්ට පිස්සු (බ)
මානසික සෞඛ්‍යය නංවන්න සමනලයෝ පෙන්නලා නම් හරියන්නේ නැහැ. බඩුමිල අඩුකරන්න. (බ)
ඉතින් ධම්ම අපේ රටේ දැන් බඩු මිල මහින්දගේ කාලේ වගේ වැඩි නෑනෙ? රට දැන් ස්වයංපෝෂිත වෙලා තියන්නේ, ඔක්කොම ප්‍රශ්න විසඳිලා (බ)