IMG-LOGO

2025 දෙසැම්බර් මස 23 වන අඟහරුවාදා


මානසික සෞඛ්‍ය දින සැමරුමට ජනපති එක්වෙයි

ලෝක මානසික සෞඛ්‍ය දින සැමරුම වෙනුවෙන් එහි සැමරුම් සංකේත සමනල රුව ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතාට පැළදවීම අද (10) පෙරවරුවේ කොළඹ ජනාධිපති නිල නිවසේදී සිදු කෙරිණි.
 
ලෝක මානසික සෞඛ්‍ය දිනයට සමගාමීව, ශ්‍රී ලංකාව " සමබර මනසින් නංවමු ලස්සන යාමයක් " තේමාව යටතේ මෙම සැමරුම් උළෙල සංවිධානය කර තිබූ අතර, සෞඛ්‍ය සේවාලාභී ක්‍රියාකාරී ජාලයේ අධ්‍යක්ෂ කේ. කේ. නානායක්කාර මහතා විසින් පළමු සැමරුම් සංකේතය ජනාධිපතිතුමාට පළඳවනු ලැබීය.
 
මානසික සෞඛ්‍ය පිරිහීිම නූතන ලෝකය තුළ සීඝ්‍රයෙන් පැතිර යන අතර  එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් ලෝක ප්‍රජාව ඒ පිළිබදව  දැනුම්වත් කිරීම සදහා ඔක්තෝබර් 10  වැනිදා ලෝක මානසික සෞඛ්‍ය  දිනය  ලෙසින් නම්  කර ඇත.
 
අද පැවති උත්සවයේදී මානසික සෞඛ්‍ය වෙනුවෙන් කළ සමාජ මෙහෙවර අගයමින් එම සංවිධානයේ රොහාන් සමරජීව, අශෝක සංජීව යන මහත්වරුන් වෙත ජනපති අතින් සමරු තිළිණ පිරිනැමීම ද මෙහිදී සිදු විය.
 
මෙම අවස්ථාවට සෞඛ්‍ය සහ දේශීය වෛද්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා ඇතුළු මානසික සෞඛ්‍ය සේවාලාභී සේවා ජාතික ජාලයේ ක්‍රියාකාරීන් පිරිසක් ද එක්ව සිටියහ.
manasika_2015101001 manasika_2015101002



අදහස් (0)

මානසික සෞඛ්‍ය දින සැමරුමට ජනපති එක්වෙයි

ධර්ම ජයවික්‍රම Monday, 12 October 2015 04:20 AM

සෑම දෙයකම වැරදි දකින්නන්,මෙම මානසික සෞඛ්‍යය වැඩ සටහනට ගොස් ප්‍රතිකාර ගන්නේ නම් මැනවි. (ම)

:       0       0

නාලනී Saturday, 10 October 2015 04:02 PM

මහජනතාවගේ මානසික සෞඛ්‍ය වෙනුවෙන් ක්‍රමවත් වැඩපිළිවෙළක් සකස්වෙනවා නම් බොහොම හොඳයි (නි)

:       0       0

කමල් Saturday, 10 October 2015 04:10 PM

බොහොම හොඳයි (නි)

:       0       0

කිත්සිරි Saturday, 10 October 2015 07:48 PM

ඔබ අපේ ශක්තියයි (නි)

:       0       0

කමල් Saturday, 10 October 2015 07:48 PM

රට වෙනුවෙන් යමක් කරන්නට ඔබට වාසනා! (නි)

:       0       0

ඇසළ Saturday, 10 October 2015 11:53 PM

දැන් සෑහෙන පිරිසක් ඉන්නේ මානසික පසුතැවීමෙන්.මොකද ගොඩක් දෙනෙකුට ජීවත්වෙන්න සරිලන ආදායම් මාර්ගයක් නැහැ. තිබුණු ඒවත් වැහිලා ගිහිල්ලා (නි)

:       0       0

පිරිස් Sunday, 11 October 2015 04:49 AM

මුන්ට පිස්සු (බ)

:       0       0

ධම්ම Sunday, 11 October 2015 06:02 AM

මානසික සෞඛ්‍යය නංවන්න සමනලයෝ පෙන්නලා නම් හරියන්නේ නැහැ. බඩුමිල අඩුකරන්න. (බ)

:       0       0

ධනංජය Sunday, 11 October 2015 06:27 AM

ඉතින් ධම්ම අපේ රටේ දැන් බඩු මිල මහින්දගේ කාලේ වගේ වැඩි නෑනෙ? රට දැන් ස්වයංපෝෂිත වෙලා තියන්නේ, ඔක්කොම ප්‍රශ්න විසඳිලා (බ)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 386 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 226 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1019 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site