(කොළඹ ආසිරි රෝහලේ මානසික රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය - ආර්.ඒ. රංජිත් පෙරේරා)
සමහර පපුවේ රුදා ආතතිය, තරහායාම, භයවීම වැනි තත්ත්ව වලදී ඇතිවිය හැකි අතර, මෙය බොහෝ දෙනා දරුණු හෘද ආබාධයක් නිසා ඇතිවන්නක් ලෙස වැරදියට තේරුම් ගන්නා අවස්ථා ද ඇත.
මෙවැනි රෝගීන් පවසන්නේ පපුවේ කැක්කුම ඇතිවීම, හුස්ම ගැනීමට අපහසුවීම, පපුවේ ගැස්මක් සමඟ අධික මහන්සි ගතියක් දැනීම මෙන්ම ක්ලාන්තය වීමද ඇතිවන බවයි. සාමාන්‍යයෙන් 10.15% අතර හෘදරෝග චිකිස්සාගාරවලට පැමිණෙන රෝගීන් මෙම (හෘද නියුරෝසියාව) නමැති රෝගයෙන් පෙළෙන්නන් වේ.
ස්ත්‍රී පුරුෂ දෙපක්ෂය ගත් කළ මෙය ස්ත්‍රී පාර්ශවයට වඩා පිරිමි පාර්ශවයට සෑදෙන ප්‍රවණතාව වැඩිය. මෙවැනි තත්ත්ව වලින් පෙළෙන සමහරුන්ට, මෙය පපුවේ අමාරුවක් ලෙස පෙන්නුම් කරන අතර තවත් සමහරුන්ට මෙය තරහායාම, බයවී වැනි දේවලින් පෙන්නුම් කරයි.
බොහෝ අවස්ථාවලදී කුඩා කළ සිටම, මෙම නියුරෝසියා තත්ත්වය පවතියි. මෙවැනි පුද්ගලයන් අඳුරට බොහෝ භය වීම, නොයෙකුත් සත්තුන්ට (හූනන්, කැරපොත්තන්, හැකරැල්ලන්) භයවීම හඳුන්වා දිය හැක. සාමාන්‍යයෙන් පොදුවේ ගත් කළ හැම පුද්ගලයකුම මෙවැනි සතුන්ට බියක් මෙන්ම පිළිකුල් තත්ත්වයක් පෙන්නුම් කරයි. එහෙත් මෙම නියුරෝසියා රෝගයෙන් පෙළෙන පුද්ගලයන් අස්වාභාවික ලෙස බියක් දැක්වීම විශේෂත්වයකි. ඒ වගේම මෙම නියුරෝසියා රෝග තත්ත්වයේ සිටින පුද්ගලයන් උස් ස්ථානයකට යාමට බිය වේ. මෙවැනි අය නියපොතු සැපීම, කථා කරනවිට ගොත ගැසීම. සම්මුඛ පරීක්ෂණවලට යාමට බිය වීම, අඳුරේ සිටීමට බිය වීම මෙන්ම හීනෙන් භය වීම සහ හීනෙන් ඇවිදීම වැනි ක්‍රියා මගින් පීඩා විඳියි.
සාමාන්‍යයෙන් සෑම පුද්ගලයකුම භය වූ විට පපුවේ ගැස්මක් ඇති වීම, ලේ දුටුවිට බයක් දැනීම, අමිහිරි සිදුවීමක් ඇසූ දුටු විට තැතිගැන්මක් ඇති වීම වැනි කාරණා රෝගයක් නිසා යැයි අනුමත කර නොහැකි සාමාන්‍ය තත්ත්වයකි. එහෙත් නියුරෝසියා රෝගයෙන් පෙළෙන අය ලේ නොව රතුපාට දුටුවත් හිත ගැස්සී ක්ලාන්ත වීම, පුංචිම දේකටත් පපුවේ හෘද ස්පන්දනය වේගවත් වීම, වෙව්ලීම මෙම නියුරෝසියා රෝගයේ ලක්ෂණයි.
ඒ වගේම මෙවැනි අය නිතරම තැතිගත් ස්වරූපයෙන් සිටින අතර මොවුන්ගේ ඇසේ කලූ ඉංගිරියාව සාමාන්‍ය කෙනකුට වඩා විශාලව පිහිටයි. මොවුන්ගේ පෙනුමද සුදුමැලි ගතියකින් යුක්ත වන අතර මොවුන් පුටුවක වාඩිවූවත් අඩමානයට වාඩිවන අතර පුටුවේ අගින්ම වාඩිවී බියවෙන දෙයක් දුටුවහොත් දුවන්නට සැරසී හිඳින මෙන් හිඳියි. තවද පුටුවේ ඇඳි දෙක තදින් අල්ලා ගෙන හිඳියි. මොවුන්ට සන්සුන්ව හිඳීමට අපහසු අතර, අතේ තිබෙන කුමන දෙයක් හෝ සොලවමින්, අඹරමින් (ලේන්සුවක්, පෑනක්, පත්තරයක්) සිටියි.
මොවුන්ගේ කට හඬද වෙව්ලන ගතියකින් යුතු වන අතර, නිතරම උගුර පාදයි. මොවුන්ගේ අත පය සීතල ගතියකින් යුතු වන අතර සුදු මැලිවී හීන් වෙව්ලන ස්වභාවයක් පෙන්නුම් කරයි.
විශේෂයෙන්ම මෙවැනි අයට රාත්‍රී නින්ද සුවදායක නොවන බැවින් (බයවෙන හීන පෙනීම) උදයට අවදිවූ විට ප්‍රබෝධමත් බවක් පල නොකරයි.
මොවුන්ට පොඩි කාර්යයක නිරත වූවත් අධික ලෙස මහන්සි දැනෙයි. ඒ වගේම කරන කුමන කාර්යයක් වූවද නොසන්සුන්තාවකින් නිරත වන බැවින්, කලබලවී ශරීරයට හානිකර ගනියි (උදා - පිහියකින් යමක් කැපීමේදී අතද තුවාලකර ගනියි)
මෙම නියුරෝසියා රෝගයෙන් පෙළෙන අය නිතරම හිස පිපිරෙන්නට එනවා මෙන් හිසේ ඉදිරිපස කැක්කුම බව පැවසීම, හිසේ ලේ නහර ක්‍රියා කරන ආකාරය තමාට දැනෙනවා යැයි පැවසීම සුලභ කරුණකි.
මෙවැනි ඇන්සයිටි අවස්ථාවේදී වෛද්‍යවරයකු වෙත යොමු කර පරීක්ෂා කිරීමේදී ඔහුගේ රුධිර පීඩනය වැඩි වන අතර හෘද ස්පන්දනය වේගවත්ම මෙන්ම වැඩි ශබ්දයකින් ක්‍රියාකරයි. මොවුන්ගේ පපුවට අත තැබූ විට පපුවේ ගැස්ම අතට දැනෙයි.
මෙම නියුරෝසියා රෝගීන්ගේ තවත් ලක්ෂණයක් ලෙස පපුවේ මැද්දේ වම් පැත්ත රිදෙනවා යැයි පැවසීමය. මෙය වම් අත දිගේ පපුව ප්‍රදේශයට යනවා යැයි පැවසීම, මොවුන්ගේ අතෙහි අල්ල ප්‍රදේශයට දහඩිය දැමීම මෙන්ම, ක්ලාන්තයවීම ද සිදුවෙයි. මෙය සාමාන්‍යයෙන් හෘද රෝග ලක්ෂණ පෙන්නුම් කරයි. රුධිර පරීක්ෂාවක් මගින් හෘද රෝගයක්ද වෙනයම් රෝගයක්ද යන්න සොයා ගත හැකි වන අතර, විශේෂයෙන්ම වයස 40, 50, 60, යන වයස්වල පසුවන්නන්ගෙන් මෙය හඳුනා ගැනීමට බොහෝ අපහසුය. මෙහිදී රුධිර පරීක්ෂණ සිදු කළ යුතුමය.
2025 දෙසැම්බර් මස 18
236
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
174
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
979
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
‘මානසික අසහනය හෘදයාබාධයට අත වනයි‘