
(ගයාන් සූරිය ආරච්චි)
මිනුවන්ගොඩ ප්‍රදේශයේ පාසලක් අසලදී කරවල ව්‍යාපාරිකයෙකුට වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් ආධාර අනුබල දුන් සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගත් බව බස්නාහිර පළාත උතුර අපරාධ කොට්ඨාශය පවසයි.
මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ යාගොඩ මුල්ලසහ ගලපිටමඩ ප්‍රදේශවල පදිංචි 27 සහ 33 වියේ පසු වන පුද්ගලයන් දෙදෙනෙකි.
මෙම සැකකරුවන් වෙඩික්කරුවන්ට නවාතැන් පහසුකම් ලබා දී ඇති අතර වෙඩික්කරුවන් පැමිණි යතුරු පැදියේ චැසි අංක මකාදමා ව්‍යාජ අංක තහඩු සවිකර ඇති බවට තොරතුරු අනාවරණය වී ඇත.
අත්අඩංගුවට ගත් සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණි.
බස්නාහිර පළාත් උතුර අපරාධ කොට්ඨාශය වැඩි දුර විමර්ශන සිදුකරයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මොකද්ද මේ රටට කලේ? යුක්තිය මෙහෙයුමෙන් අල්ලපු, මිනීමරුවොයි, කුඩු කාරයොයි එලියට ඇවිත් දැන් නිස්කාසුවේ තමන්ගේ වැඩේ කරගෙන යනවා.