මිනුවන්ගොඩ හොරන්පැල්ලේ යකාටුවේ සිදුවූ වෙඩි තැබීමකින් 58 හැවිරිදි ව්‍යාපාරිකයකු මිය ගොස් ඇතැයි පොලිසිය කියයි.
අද (13) රාත්‍රී 7.40ට පමණ යතුරුපැදියකින් පැමිණි පුද්ගලයකු ඔහුට වෙඩි තබා ඇති බවත්, වෙඩි තැබූ පුද්ගලයා යතුරුපැදියෙන් මීටර 40ක් පමණ දුර ගොස් එම යතුරු පැදිය දමා පාරේ ගිය පුද්ගලයකුගේ වෙනත් යතුරු පැදියක් පැහැරගෙන පළා ගොස් ඇති බවත් පොලිසිය සදහන් කරයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලොකු සාක්ෂියක් ඉතුරු කරලනේ ගිහිල්ලා තියෙන්නේ. මොනවද ඔට්ටු? අපේ පොලිසිය දවස් දෙකෙන් මිනිහව අල්ලයි. (නි)
අනේ අපේ උතුම් පින් බිමට ගිය කල නේද ? අන්තිම එකාවත් මරනකම් වෙන්න ඇති බලා ඉන්නේ , දැන්වත් ගෙනෙල්ල එල්ලුම් ගහ (නදී)
මේවාට මැද පෙරදිග රට වල නීති තිබිය යුතුයි.ඒ රටේ මෙවැනි අපරාධ කර අසුවන තැනැත්තාට දෙන දඩුවම මරණිය දණ්ඩනයයි. එය දෙනෝ දහසක් එරට ජනයාට දැක බලා ගැනීමට පුළුවන්. (නි)
ලංකාවේ දිනෙන් දින ගුණධර්ම හා යහපාලනය දුර්ලභ වන වන අතර, කුඩු හා මත්පැන් උවදුරද, පාතාල ලෝකයද අසීමිතව ප්‍රසාරණය වෙනවා. මේ හැම දෙයක්ම මිනිස්කම අභිබවා ඉස්මතුවෙන මුදල් වෙනුවෙන් ඉටුවෙන කාර්යයන්. නීතිය වල් වැදීම ගැන රජයට හැගීමක් නැත්නම්, මහජනයාට ඒ ගැන හැගීමක් ඇතිවෙයිද? (නි)
රටට එන කුඩු වලට සමානුපාතිකව 'මිනී කොන්ත්‍රාත්තු' වල මිල ගණන් සීග්‍රයෙන් පහළ බසිනු ඇත. (නි)
සිංහලයා විසින් සිංහලයා විනාස කර දමන තවත් කොන්ත්‍රාත්තුවක්. අද සමාජයේ දුක් මහන්සියෙන් හරි හම්බ නොකර ,කොන්ත්‍රාත් ක්‍රමයට මිනි මරල මුදල් ලබා ගැනීම මොන ක්‍රමයකින් නැවත් විය යුතුයි. දරුවනට පියෙක් බිරිඳට ස්වාමියෙක් දෙමාපියන්ට පුතෙක් ඔහුනට අහිමි විය.(නදී)
මොනවට කියනවද අපේ ලංකාව ගැන නම්? (නි)