IMG-LOGO

2025 දෙසැම්බර් මස 14 වන ඉරිදා


කෙහෙල් බද්දර පත්මේගේ පාසල් මිතුරාට වෙඩි

(බිමල් ශ්‍යාමන් ජයසිංහ, ළහිරු හර්ෂණ සහ තිලකරත්න දිසානායක)

මිනුවන්ගොඩ  පත්තඩුවන ත්‍රීරෝද රථ ගාලක් අසලදී ත්‍රීරෝද රථ රියදුරකට නාඳුනන පුද්ගලයකු අද (26) වෙඩි තබා ඇතැයි මිනුවන්ගොඩ  ‍පොලිසිය කියයි

වෙඩි ප්‍රහාරයෙන් තුවාල ලබා ඇත්තේ මිනුවන්ගොඩ ,පත්තඩුවන පදිංචි කොටගම මුදියන්සේලාගේ ලහිරු රන්දීර් කාංචන නමැති 38 හැවිරිදි  ත්‍රීරෝද රථ රියදුරෙකි 

වෙඩි වැදුණු පුද්ගලයා පාතාලයෙකු වූ ගනේමුල්ල සංජීව නැමැත්තාගේ ඝාතනය ඉතාලියේ සිට සැලසුම් කළ මන්දිනු පද්මසිරි පෙරේරා හෙවත් කෙහෙල් බද්දර පත්මේ නැමැත්තාගේ පාසල් මිතුරෙකු බවට තොරතුරු ලැබී ඇතැයි පොලිසිය සඳහන් කරයි

තුවාල ලද පුද්ගලයා අනෙකුත් ත්‍රීරෝද රථ රියදුරන් සමග කතාබස් කරමින් සිටියදී යතුරු පැදියකින් පැමිණි නාඳුනන පුද්ගලයන් දෙදෙනකුගෙන් පසු පැදිකරු කුඩා ගිනි අවියකින් මෙම වෙඩිතැබීම සිදුකර ඇතිි බවත් පොලිසිය සිදු කළ විමර්ශනවලදී අනාවරණය වී ඇත


(ඡායාරූපය: බිමල් ශ්‍යාමන් ජයසිංහ)



අදහස් (18)

කෙහෙල් බද්දර පත්මේගේ පාසල් මිතුරාට වෙඩි

fairoos Wednesday, 26 February 2025 02:09 PM

මේක දුරදිග යන්න කලින් ඉවරයක් කරන්න ඕන

:       8       114

karolisWednesday, 26 February 2025 04:02 PM

ඕන පචයක් ගිලින හරක් 68 ලක්ෂයක් රවට්ටනවා වගේ ලේසියෙන් පාතාලේ පෝය දෙකෙන් ඉවර කරන්න බෑ නේද?

:       59       127

SomindaThursday, 27 February 2025 07:04 AM

ඔයා හැබැයි හිතන් හිටියා නේද බන්දුගේ යුක්තියෙන් පාතාලේ ඉවර වුණා කියලා...

:       0       0

Kamal Koyrala Wednesday, 26 February 2025 02:48 PM

මධූෂ්ගේ බිල් පොත අවසන්, දැන් අලුත් පොත සංජිව සහ පත්මේ ගේ බිල් පොත

:       1       4

රම්බොඩ Wednesday, 26 February 2025 03:54 PM

පාතාල කණ්ඩායම් ඇන කොටාගන්න එක කවදත් සිද්ධ වුණා. එය ස්වාභාවික සංසිද්ධියක්. කර්මය ඵල දෙන්න ගියාම එහෙම වෙනවා. මෙවැනි අකුසල් කරන අයගෙ සසරම දුකක් ධර්මයට එනතුරු .

:       15       68

karolisWednesday, 26 February 2025 04:08 PM

එතකොට උන් හින්ද පැත්තක ඉන්න මිනිස්සුන්ට තියෙන වින්නැහිය? ඒකත් කර්ම ඵලද?

:       21       49

silindareThursday, 27 February 2025 02:02 PM

හත්වලාමේ ඔහේ මිද්දෙනියේදළ ? ගමේ ගියායි ඔහේ

:       1       0

MDWednesday, 26 February 2025 05:03 PM

ඔබ කර්මඵල විශ්වාස කරනවා නම් කියන්න තියෙන්නේ පැත්තක අද හිටියට ඵ් අය සසරේ ඵක් අවස්ථාවක පොඩි හරි සපෝට් ඵකක් ළඟ ඉඳලා දෙන්න ඇති. අර මිද්දෙණිය දරුවන් දෙන්නා උදාහරණයක්. අඩු වයසින්ම ගියානේ. වරදවා හිතන්න එපා. ඒ දරුවන් ගැන කණගාටුයි. ඔවුන් සෑම දෙනාටම සසරින් එතෙර වන්නට භාග්‍යවතුන් වහන්සේගේ සද්ධර්මය වහ වහා අවබෝධ වේවා...! කියා ප්‍රාර්ථනා කරනවා. තෙරුවන් සරණයි..!

:       8       52

ජයනාත් Wednesday, 26 February 2025 04:07 PM

මේක ෂුවර් එකටම දිගට ඇදෙනවා . දෙපැත්තම එක වගේ. ඉතාමත් සැලසුම් සහගතව ආරක්ෂක අංශවල අවධානය යොමු කරන්න.

:       5       37

Upul Attanayake Wednesday, 26 February 2025 04:08 PM

පිටිගල මිලාන්ගෙන් ඇහුවා නම් දන්නවා ඇති. ඌ නොදන්න බොහත් මල්ලක් නෑ.

:       4       82

Kumar Wednesday, 26 February 2025 04:33 PM

ඇයි භද්‍රානි.

:       4       69

මක්ස් Wednesday, 26 February 2025 05:28 PM

සෙනෙවිරත්න, අරවින්ද මොනරවිල, ගමේ එකාලා වැනි නම්වලින් පෙනී සිටිමින් ඩෝබි වැඩේ කරන උන්දැලාට නම් මෙවන් අකර තැබ්බයක් සසර පුරා නොවේවා..!

:       10       60

වත්සි Wednesday, 26 February 2025 05:32 PM

ජාතික ආරක්ෂාව තහවුරුයි වැනි කයිවාරුත්, එය උගෙන ගැනීමට බැංකු අරන් එන්න වැනි පුහු කතා කළ පුස්සනුත්, මෙවැනි සිදුවීම් හීන්සීරුවේ පරණ ආණ්ඩු පිට පැටවීමට යත්න දරන ජනපති ප්‍රමුඛ මාලිමා කාරයිනුත් නිරුත්තර කළ තවත් අපරාධයක්...!

:       18       56

sajabajeThursday, 27 February 2025 02:00 PM

මෙන් තවත් සැකකරුවෙක් වහාම අත්අඩංගුවට ගන්න

:       1       0

රුවන් Wednesday, 26 February 2025 06:35 PM

කාටද මතක සොත්ති උපාලි අහක යන වලස්සු කුලප්පුව කරා.. අමරසිංහ පරම්පරාවේ අයව දඩයම් කරන්න ගිහින්. මට මතකයි 70 දශකයේ ඉඳන්ම ආරම්භ වුණු පාතාලය තවම තියෙනවා. හැබැයි ඒ දවස්වල මේ වගේ හැංගි හොරා වෙඩි තිබ්බේ නෑ. මූණට මූණම තමයි සටන් කරේ. ඒ කාලේ පාතාලය කිව්වාම දැන් වගේ චූටි ළාමකයෝ නෙමෙයි හිටියේ...!

:       35       15

බද්රානි Wednesday, 26 February 2025 08:25 PM

ඉතාලියේ ඉන්න ලංකාවේ මී ගවයින් ගැන නෙමේ, ලෝකේ තව ගොඩක් රටවල ඉන්න ලංකාවේ අම්බරුවන් ගැනත් මම හොඳට දන්නවා. අතීතයේ යමක් හරි හම්බකරගෙන එන්න පිටරටකට ගිය වැදගත් මිනිස්සු වෙනුවට, පසු කාලයේ ලංකාවේ දේශපාලකයින් ඔවුන්ගේ හෙන්චයියන්ව පිටරටවලට පැටෙව්වා. පාතාලයින් මෙන්ම පූජකයිනුත් ඒ හෙන්චයියන්ගේම කොටසක්.. තානාපති කාර්යාලත් එසේමයි. පිටරට වෙසෙන ශ්‍රී ලාංකිකයින්ව කොටවා දේශපාලකයින්ට ආවඩන ලාංකික රැලක් ඔවුන් නිර්මාණය කළා. ඉතාලිය, කොරියාව වැනි ලාංකික නූගතුන්ගෙන් පිරුණු රටවල් ගැන මම ආයේ අමුතුවෙන් ලියන්න ඕනෑ නැහැනේ. දැන් ඔය ඉතාලියේ සිට මේ මිනීමැරුම මෙහෙය වූ පුද්ගලයා එරට වෙසෙන පිටිගල මිලානෝ වැනි ලාංකිකයින්ට වීරයෙක් වෙන්න ඇති... ඩුබායි කියන සුන්දර රටත් ලංකාවේ පාදඩයින් විනාශ කරමින් සිටිනවා. ඒ පාදඩයින් කාගේ වහල් හෙන්චයියන්ද කියලා හැමෝම දන්නවා ඇතිනේ... මොවුන් ගිය තැන විනාශයි..!!!

:       54       25

Nishan Thursday, 27 February 2025 05:26 AM

පාතාලය සහ මත්ද්‍රව්‍යවලට එරෙහිව පසුගිය රජය විසින් ක්‍රියාත්මක කරන ලද යුක්තිය මෙහෙයුම අද ආණ්ඩුවේ ඉන්න අය විසින් කඩාකප්පල් කරන්න හැදුවා. ඒකට විරුද්දව උසාවි ගිය අයත් හිටියා. එක්සත් ජාතීන් ළඟට ගිය අයත් හිටියා. මත්ද්‍රව්‍ය තියෙනවා ද බලන්න පාසල් සිසුන්ගේ පොත් බෑග් පරීක්ෂා කරන්න ගිය වෙලාවේ එදා මාලිමාවේ නායකයෝ ඒකට තදබල ලෙස විරුද්ධ වුණා. අද ඉන්නවා ඇටි කෙහෙල් ගිලපු උගුඩුවෝ වගේ ඉස්සෙල්ලා ආන්ඩුවලට ඇඟිලි දික්කර කර.

:       0       0

Malika Thursday, 27 February 2025 08:12 AM

අවිගත්තෝ අවියෙන්ම නසී. මේ අවි ගත්ත උන්ට පිට ඉඳලා ඕඩර් දීපු අයත් පිටුපස සිට ලොකු කතා කීවත් බයේ ගැහෙනවා ඇති. හොරකම් කරපු සල්ලි තියන නිසා පුද්ගලික ආරක්ශකයෝ තියාගෙන මද්දුම බන්ඩාර චරිතය රඟපාන්න හැදුවට මේ කට්ටිය ගැන දන්නෝ දනිති. තමන්ගේ හදවත කතා කරන දවස නම් වැඩි ඈත නැත. එදාට කර්මය නඩු විසඳාවි හරියටම. එතකම් ඉවසමු.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 677 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 551 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 446 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site