
(බිමල් ශ්‍යාමන් ජයසිංහ, ළහිරු හර්ෂණ සහ තිලකරත්න දිසානායක)
මිනුවන්ගොඩ පත්තඩුවන ත්‍රීරෝද රථ ගාලක් අසලදී ත්‍රීරෝද රථ රියදුරකට නාඳුනන පුද්ගලයකු අද (26) වෙඩි තබා ඇතැයි මිනුවන්ගොඩ පොලිසිය කියයි
වෙඩි ප්‍රහාරයෙන් තුවාල ලබා ඇත්තේ මිනුවන්ගොඩ ,පත්තඩුවන පදිංචි කොටගම මුදියන්සේලාගේ ලහිරු රන්දීර් කාංචන නමැති 38 හැවිරිදි ත්‍රීරෝද රථ රියදුරෙකි
වෙඩි වැදුණු පුද්ගලයා පාතාලයෙකු වූ ගනේමුල්ල සංජීව නැමැත්තාගේ ඝාතනය ඉතාලියේ සිට සැලසුම් කළ මන්දිනු පද්මසිරි පෙරේරා හෙවත් කෙහෙල් බද්දර පත්මේ නැමැත්තාගේ පාසල් මිතුරෙකු බවට තොරතුරු ලැබී ඇතැයි පොලිසිය සඳහන් කරයි
තුවාල ලද පුද්ගලයා අනෙකුත් ත්‍රීරෝද රථ රියදුරන් සමග කතාබස් කරමින් සිටියදී යතුරු පැදියකින් පැමිණි නාඳුනන පුද්ගලයන් දෙදෙනකුගෙන් පසු පැදිකරු කුඩා ගිනි අවියකින් මෙම වෙඩිතැබීම සිදුකර ඇතිි බවත් පොලිසිය සිදු කළ විමර්ශනවලදී අනාවරණය වී ඇත

(ඡායාරූපය: බිමල් ශ්‍යාමන් ජයසිංහ)


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේක දුරදිග යන්න කලින් ඉවරයක් කරන්න ඕන
මධූෂ්ගේ බිල් පොත අවසන්, දැන් අලුත් පොත සංජිව සහ පත්මේ ගේ බිල් පොත
පාතාල කණ්ඩායම් ඇන කොටාගන්න එක කවදත් සිද්ධ වුණා. එය ස්වාභාවික සංසිද්ධියක්. කර්මය ඵල දෙන්න ගියාම එහෙම වෙනවා. මෙවැනි අකුසල් කරන අයගෙ සසරම දුකක් ධර්මයට එනතුරු .
මේක ෂුවර් එකටම දිගට ඇදෙනවා . දෙපැත්තම එක වගේ. ඉතාමත් සැලසුම් සහගතව ආරක්ෂක අංශවල අවධානය යොමු කරන්න.
පිටිගල මිලාන්ගෙන් ඇහුවා නම් දන්නවා ඇති. ඌ නොදන්න බොහත් මල්ලක් නෑ.
ඇයි භද්‍රානි.
සෙනෙවිරත්න, අරවින්ද මොනරවිල, ගමේ එකාලා වැනි නම්වලින් පෙනී සිටිමින් ඩෝබි වැඩේ කරන උන්දැලාට නම් මෙවන් අකර තැබ්බයක් සසර පුරා නොවේවා..!
ජාතික ආරක්ෂාව තහවුරුයි වැනි කයිවාරුත්, එය උගෙන ගැනීමට බැංකු අරන් එන්න වැනි පුහු කතා කළ පුස්සනුත්, මෙවැනි සිදුවීම් හීන්සීරුවේ පරණ ආණ්ඩු පිට පැටවීමට යත්න දරන ජනපති ප්‍රමුඛ මාලිමා කාරයිනුත් නිරුත්තර කළ තවත් අපරාධයක්...!
කාටද මතක සොත්ති උපාලි අහක යන වලස්සු කුලප්පුව කරා.. අමරසිංහ පරම්පරාවේ අයව දඩයම් කරන්න ගිහින්. මට මතකයි 70 දශකයේ ඉඳන්ම ආරම්භ වුණු පාතාලය තවම තියෙනවා. හැබැයි ඒ දවස්වල මේ වගේ හැංගි හොරා වෙඩි තිබ්බේ නෑ. මූණට මූණම තමයි සටන් කරේ. ඒ කාලේ පාතාලය කිව්වාම දැන් වගේ චූටි ළාමකයෝ නෙමෙයි හිටියේ...!
ඉතාලියේ ඉන්න ලංකාවේ මී ගවයින් ගැන නෙමේ, ලෝකේ තව ගොඩක් රටවල ඉන්න ලංකාවේ අම්බරුවන් ගැනත් මම හොඳට දන්නවා. අතීතයේ යමක් හරි හම්බකරගෙන එන්න පිටරටකට ගිය වැදගත් මිනිස්සු වෙනුවට, පසු කාලයේ ලංකාවේ දේශපාලකයින් ඔවුන්ගේ හෙන්චයියන්ව පිටරටවලට පැටෙව්වා. පාතාලයින් මෙන්ම පූජකයිනුත් ඒ හෙන්චයියන්ගේම කොටසක්.. තානාපති කාර්යාලත් එසේමයි. පිටරට වෙසෙන ශ්‍රී ලාංකිකයින්ව කොටවා දේශපාලකයින්ට ආවඩන ලාංකික රැලක් ඔවුන් නිර්මාණය කළා. ඉතාලිය, කොරියාව වැනි ලාංකික නූගතුන්ගෙන් පිරුණු රටවල් ගැන මම ආයේ අමුතුවෙන් ලියන්න ඕනෑ නැහැනේ. දැන් ඔය ඉතාලියේ සිට මේ මිනීමැරුම මෙහෙය වූ පුද්ගලයා එරට වෙසෙන පිටිගල මිලානෝ වැනි ලාංකිකයින්ට වීරයෙක් වෙන්න ඇති... ඩුබායි කියන සුන්දර රටත් ලංකාවේ පාදඩයින් විනාශ කරමින් සිටිනවා. ඒ පාදඩයින් කාගේ වහල් හෙන්චයියන්ද කියලා හැමෝම දන්නවා ඇතිනේ... මොවුන් ගිය තැන විනාශයි..!!!
පාතාලය සහ මත්ද්‍රව්‍යවලට එරෙහිව පසුගිය රජය විසින් ක්‍රියාත්මක කරන ලද යුක්තිය මෙහෙයුම අද ආණ්ඩුවේ ඉන්න අය විසින් කඩාකප්පල් කරන්න හැදුවා. ඒකට විරුද්දව උසාවි ගිය අයත් හිටියා. එක්සත් ජාතීන් ළඟට ගිය අයත් හිටියා. මත්ද්‍රව්‍ය තියෙනවා ද බලන්න පාසල් සිසුන්ගේ පොත් බෑග් පරීක්ෂා කරන්න ගිය වෙලාවේ එදා මාලිමාවේ නායකයෝ ඒකට තදබල ලෙස විරුද්ධ වුණා. අද ඉන්නවා ඇටි කෙහෙල් ගිලපු උගුඩුවෝ වගේ ඉස්සෙල්ලා ආන්ඩුවලට ඇඟිලි දික්කර කර.
අවිගත්තෝ අවියෙන්ම නසී. මේ අවි ගත්ත උන්ට පිට ඉඳලා ඕඩර් දීපු අයත් පිටුපස සිට ලොකු කතා කීවත් බයේ ගැහෙනවා ඇති. හොරකම් කරපු සල්ලි තියන නිසා පුද්ගලික ආරක්ශකයෝ තියාගෙන මද්දුම බන්ඩාර චරිතය රඟපාන්න හැදුවට මේ කට්ටිය ගැන දන්නෝ දනිති. තමන්ගේ හදවත කතා කරන දවස නම් වැඩි ඈත නැත. එදාට කර්මය නඩු විසඳාවි හරියටම. එතකම් ඉවසමු.