(ඉන්දිකා රාමනායක)
මිනුවන්ගොඩ ගමන්ගෙදර ප්‍රදේශයේ නිවසක් තුළ දී වෙඩි තබා පියා සහ පුතුන් දෙදෙනා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රධාන සැකකරුගිරිඋල්ල ප්‍රදේශයේ දී ඊයේ (6) රාත්‍රියේ පොලිසිය හා විශේෂ කාර්ය බලකාය මගින් අත්අඩංගුවට ගෙන ඇති බව පොලිසිය කියයි.
ඔහු බිරිද සමග වෑන් රථයකින් ගමන් කරමින් සිටියදී රාත්‍රියේ 8.00 පමණ ඔවුන් දෙදෙනා අත්අඩංගුවට ගෙන ඇත.
මෙලෙස අත්ඩංගුවට ගෙන ඇත්තේ මෙම ඝාතන සිද්ධිය මෙහෙයවු ප්‍රධාන සැකකරු වන ටෂ්වින් නැමැත්තා බවත්, ටෂ්වින් නැමැත්තා ගේ පුතා සහ පෙරේදා ඝාතනය ලක් වු තිදෙනාගේ එක් සහෝදරයකු අතර මෙම සරුංගල් ආරවුල හටගෙන ඇති බවද පොලිස් ආරංචි මාර්ග පවසයි.
ටෂ්වින් නැමැති ප්‍රධාන සැකකරුගේ පුතා ඝාතනය වු පියපුතු කල්ලිය විසින් මීට පෙර ඝාතනය කර ඇති බවද පොලිස් ආරංචි මාර්ග පවසයි.
මෙම දෙදෙනාත් සමග මෙම සිද්ධිය සම්බන්ධයෙන් මේ දක්වා සැකකරුවන් හය දෙනකු අත්අඩංගුවට ගෙන ඇති බව පොලිසිය කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙහි පූර්ව සිද්ධිය පත්තරවල ගියා. මිනිසුන් අතර යම් සරල දෙයක් සිදුවුණාම තරහව අවුස්සා නොගෙන කතාකරගෙන එය විසඳාගත යුතුයි. දැන් මේ පවුල් දෙකම විනාශයි. නැවත හරිගස්සන්න බෑ. මේවා අනෙකුත් ජනතාව පාඩමක් කරගෙන මේ ඉන්නා ටික කාලය අකුසල් නොකර ඉන්න හිතාගත්ත නම් මියයන තුරු නිවී සැනසිල්ලේ ඉන්න පුළුවන්..!