මිනුවන්ගොඩ, මිරිස්වත්ත ප්‍රදේශයේ අද (10) සිදු වු රිය අනතුරින් බරපතල තුවාල ලබා ගමිපහ දිස්ත්‍රික් මහ රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටි ජනාධිපති ආරක්ෂක අංශයේ පොලිස් කොස්තාපල් පී.ඒ.ජී.එස්.එන්.පොල්ගොල්ල මහතා අද සවස මිය බව රොහලේ වෛද්‍ය අධිකාරී එචි.පී.ඩබිලිවි.හේවාපතිරණ මහතා කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එක පුද්ගලයෙකුගේ නොසැලකිලිමත් කම නිසා ජීවිත 6 ක්ම අහිමි උනා . මොන හදිස්සියකටද ඔය විදියට රිංගල යන්න ගියේ? මේවා අනිත් රියදුරන්ට හොඳ පාඩම්. ඒත් ඉතින් කවුද මේවා දැකල ඉගෙන ගන්නේ? (නදී)
හුඟක් හමුදාවේ පොලිසියේ අයගේ වාහන එල්විල්ල කිසිම විනයක් ඇතුව නෙමයි කරන්නෙ. වාහන තදබදය තියන වෙලාවට ලයින් එක කපාගෙන ගිහින් පොඩ්ඩක් ඉඩ තියන තැනින් දාගන්නවා. විශේෂයෙන් උදේ පාසැල් වලට ළමයි අරගෙන යන හමුදා වාහන එලවන සමාන්‍ය හමුදා සෙබළු තමයි මේ වඩේ වැඩියෙන්ම කරන්නේ. (ම)
අපේ ජනපතිට දෙවි පිහිටයි. මොවුන් මුළු රටටම ආදර්ශ විය යුතු පිරිසක්. මින්පසුව හරි පාඩමක් ඉගෙන ගන්න ඕන (බ)
එම රථයේ වේගය වැඩිවෙන්න පුළුවන් මහතුනේ. හොඳට එම වීඩියෝව බලන්න.ඉස්සරහින් එන බස් රථයට එම අනතුර වළක්වන්න ඕනෑතරම් තිබුනා. ඔහු ඉස්සරහින් එන වාහනය දැක දැකත් තවත් දකුණු පැත්තට කපනවා.මමත් කුඩා කාර් එකක් පදවන කෙනෙක්. ලොකු බස් අපේ ඇඟටමයි කපන්නේ. මම කීප සැරයක් කැලේට කපලා අනතුර සහ මගේ ජීවිතය බේරාගෙන තිබෙනවා. (නි)
මේ අය පාරේ යනකොට කිසිම විනයක් නෑ. පාර මුන්ගේ වගේ අහිංසකයෝ යටකරගෙන යනවා. (නදී)
දෙවියනි ඔබ කොහිද ?(ම)
අනේ දෙවියනේ මෙහෙමත් විනාශයක්? පවුල් කීයක් අනාථද? ඇයි මෙහෙම නොසැළකිල්ලෙන් වාහන පදවන්නේ? (නි)
නමුත් මෙම අනතුර මම දැක්කේ ඉදිරියෙන් ආ බසය ජීප් රියට ඉඩනොදුන් බවයි. එසේ ඉඩ දුන්නා නම් මෙම අනතුර වලක්වගන්න තිබුනා. අනෙක් කරුණ නම් අනෙක් බසය නවතා තිබුණා එකයි. (අ)
ජනාධිපතිතුමනි ඔබගේ ආරක්ෂකයන් සහ අනෙකුත් අමාත්‍යවරුන් පාර්ලිමේන්තු මන්ත්‍රී වරුන්ගේ ආරක්ෂකයන්ට මාර්ග නීති හරි හැටි ක්‍රියාත්මක වන්නේ නැහැ. ඔබතුමන්ලාගේ බලය අරගෙන එයාලා බේරිලා යනවා. මේ වගේ අනතුරු වලට ප්‍රධාන හේතුව තමා නීතිය හරි හැටි ක්‍රියාත්මක නොවීම. මේ සම්බන්දව ඔබතුමා නිසි ක්‍රියා මාර්ගයක් ගන්නකම් මෙවැනි අනතුරු වලක්වන්න බැහැ. අහිංසක මිනිසුන්ගේ නාමයෙන් මේ සඳහා කටයුතු කරන ලෙස බැගෑපත්ව ඉල්ලා සිටිනවා. (නදී)
ඔව් ඔව් ඔයාල හරි ප්‍රභූ ආරක්ෂකයන්ට ප්‍රභූ උණ නේ තියෙන්නේ , එයාල යන්නේ බිමින් නොවේ උඩින් (බ)
බලවතුන් සමීපයේ සිටින හා සේවය කරන පිරිස් රටේ සෙසු ජනයා ඉදිරියේ හැසිරෙන්නේ කෙසේද කියා දැකීමට බලවතුන්ගේ ඇස් අරවන නිදර්ශනයක්. මියගිය අයගේ පවුල්වලට ලංකාදීප පාඨකයෙකු ලෙස කණගාටුව ප්‍රකාශ කරමි. (අ)
මෙතන බස් රියදුරුට මුකුත් කරගන්න බෑ මොකද මෙතන වංගුවක් තියෙන්නේ. වංගුව ගැනවත් එක්කම ජීප් එක හැප්පෙන්නේ. මන් හොදට දන්න තැනක් ඔය මාවත් හැප්පිලා තියෙනවා ඔතනම (අ)
තනි ඉර කපාගෙන ඉස්සර කිරීම වරදක් (බ)
මේක හරිම අපරාදයක් මමත් රියදුරෙක්. එත් මම දන්නවා අත්දැකීමෙන්ම ප්‍රබු ආරක්ෂකයන් පාරේ යන්නේ අමුතුම ජවයක් හිතට අරගෙන අනික මෙයාල පොලිසිය ගණන් ගන්නේ නැහැ. පොලිසියත් මෙයාලට බය වෙලා ..අපි වැරදියට ගියොත් සමාවක් නැහැ..ලංකාවේ අනිත් යට මේකෙන් පාඩමක් ඒගෙන ගෙන අපිටත් පාරේ පොඩි එදක් දෙන්න කියල මම කියනවා..සෝචනීය සිදුවීමක් ...නිවන් සැප ලැබේවා,(අ)
බලවතුන්ගේ ප්‍රභූ උණ අගට ගත්තට අන්තිමට තමන්ගේ දරුවෝ තමා දුක් විදින්නේ.අර අසරණ බස් රියදුරෝ දෙන්න සි,,සි ,කැමරාව නිසා බේරුනා නැත්තම් නැති වැරදි කියල හරි එයාලව ගොරක දඩමස් කරලා හරි හිරේ දානවා...නිවන් සැප ලැබේවා..(බ)
මේ අයට කිසි විනයක් නැහැ (නදී)
ඩිෆෙන්ඩර්කාරයෝ හා බස් කාරයොත් පාරේ යන්නේ වෙනත් අයට පාරේ යන්න අයිතියක් නැතුව වගෙයි (නදී)
දෙවියනේ, නොසැළකිළිමත්කම නිසා සිදුවූ විපතක මහත! (නි)
ප්‍රභූ ආරක්ෂක කියන්නේ උඩින් යන කට්ටියනේ. සීසීටීවී එකේ සටහන් වෙලා තියෙන හින්දා හොඳයි. නැත්නම් අහිංසක බස් රියදුරෝ තමයි වැරදිකාරයෝ වෙන්නේ. (නි)
ඔව්. සීසීටීවී එක තිබුණ නිසා බස් රියදුරෝ බේරුනා. පාරේ යනකොට තමන්ගේ ආරක්ෂාව ගැන හා පාරේ යන මිනිසුන්ගේ ආරක්ෂාව ගැනත් සැළකිලිමත් වෙන්න ඕනෑ. ප්‍රභූ ආරක්ෂකයන දැන්වත් තමන්ගේ ලොකුකම පෙන්වන්නේ නැතුව පාරේ යන්න පුරුදු වෙන්න (නි)