ශ්‍රී ලංකා බාල දක්ෂිකා සංගමයේ සියයක් පමණ බාලදක්ෂ මානවිකාවෝ හා වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා යුද හමුදා ඉංජිනේරු රෙජිමේන්තුවත් සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවෙත් සහායෙන් සිරිපා අඩවියේ ආගන්තුක ද්‍රව්‍ය එකතු කැර පරිසරය පිරිසිදු කළහ.සිරිපා වන්දනා සමය අවසන් වීමත් සමග කොළඹ,කුරුණෑගල ,කෑගල්ල ,රත්නපුර ,මහනුවර,ගාල්ල බාල දක්ෂ මානවිකාවෝ150 ක් පමණ මේ වැඩපිළිවෙළ යටතේ ප්ලාස්ටික්,සිලි සිලි බෑග්, හිස් වතුර බෝතල ඇතුලු අපද්‍රව්‍ය ගෝනි ගණනක් එකතු කළහ.
.jpg)
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේවා තමයි පිං අතේ වැඩ කියන්නේ (නි)
සැමට සමන් දෙවි ආශිර්වාදය ලැබේවා ..! (නි)
කුණු දාලා පරිසරය වනසපු අයත් ගෙන්නලා ඔය වගේ ගෝනි වල දාලා ගැට ගහලා ඡායාරූපයක් ගන්න ඇත්නම්... (නි)
රහසිගත කැමරා සවිකර මෙවන් ආකාරයට පරිසර දුෂණයේ යෙදෙන අයට විරුද්ධව දඩ ගසා නිවාස අඩස්සියේ තැබිය යුතුයි. (නි)
මේ වගේ දෙයක් කළ අපේ දූවරුන්ට නිදුක් නිරෝගී බව ලැබේවා! (නි)
එවරස්ට් කඳු නඟින සෑම අයෙකුම යම් අපද්‍රව්‍ය ප්‍රමාණයක් (තමන් ගෙන ගිය ප්‍රමාණය සහ අමතර ) රැගෙන ආපසු ආ යුතු බව පසුගිය දිනක කියවීමට ලැබුණා. එය සමනල කන්දටත් යොදා ගත හැකි වැඩපිළිවෙලක් බව පෙනේ (නි)
කියලා වැඩක් නැහැ අපේ මිනිස්සු ගැන නම් (නි)
බොහොම අගේ ඇති පින්වන්ත වැඩක්.ලේක්කෝ ගලබඩගේ අදහස ක්‍රියාත්මක කළ හැකිනම් ඉතා හොඳයි (නි)
ඉතා හොඳ කටයුත්තක් (නි)
ඔන්න කරනවා නම් වැඩ. මෙයට දායක වූ හැමදෙනාටම දීර්ඝායුෂ ලැබෙන්න ඕනෑ. (නි)
ඉතා හොඳ වැඩක් (නි)
හොද වැඩක් (අ)
යහපත් සිතුවිලි පහල වුණු ලක් දු දරුවන්ට යහපත් අනාගතයක්ම වේවා. (අ)
පින්වන්ත වැඩක්..!! මට ඇත්තටම හිතාගන්න බැහැ සිරිපා කරුණා කරන්න එන මිනිස්සුන්ගේ ශ්‍රද්ධාවයි... නුගත්කමයි... කියන දෙකේ ගැලපීම කොයිවගේද කියන්න. අනන්ත අප්‍රමාන වාරයක් පාසා කිව්වත් කව්රුවත් අහන්නේ නැහැ. ඇත්තටම මේක මේ ජානවලින් එන දෙයක්ද? (අ)
ලස්සන වැඩක්