එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 30 වැනි වාර්ෂික මහ සභා සැසිවාරය ලබන 14 වැනිදා ස්විට්සර්ලන්තයේ ජිනීවා නුවර දී ආරම්භ කෙරේ.
ශ්‍රී ලංකාවේදී සිදු වී ඇතැයි කියන මානව හිමිකම් කඩවීම් සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ විද්වත් කමිටුවේ අවසන් වාර්තාව ලබන මස 30 වැනදා ජිනීවා මානව හිමිකම් කවුන්සිලයට ඉදිරිපත් කිරීමට නියමිත වීම මෙම සැසිවාරයේ විශේෂත්වයකි.
මානව හිමිකම් පිළිබඳ එක්සත් ජාතීන්ගේ මහ කොමසාරිස් සෙයිද් අල් හුසේන් කුමරු විසින් මෙම ශ්‍රී ලංකාව පිළිබඳ වාර්තාව කවුන්සිලය හමුවේ සභාගත කිරීමට නියමිතය.ශ්‍රී ලංකාවේ ප‍්‍රතිසන්ධානය, වගවීම හා මානව අයිතීන් ප‍්‍රවර්ධනය කිරීමේ තේමාවෙන් යුතුව මානව හිමිකම් මහ කොමසාරිස්වරයා කවුන්සිලයේ සාමාජික රටවල් හමුවේ කරුණු දැක්වීමට නියමිතව ඇත.
මෙම වාර්තාව මෙවර සැසියේදී එළි දැක්වුණද ,ඉකුත් වසරේ මාර්තු මාසයේදී ජිනීවා මානව හිමකම් කවුන්සිලයේ 27 වැනි සැසිවාරයේ දී ලංකාවේ මෙරට පැවති යුද්ධයේදී සිදුවී ඇතැයි කියන මානව හිමිකම් කඩවීම් හා යුද අපරාධ සම්බන්ධයෙන් විනිවිද හා ස්වාධීන පරීක්ෂණයක් පැවැත්විය යුතු බවට ඇමෙරිකාව ප‍්‍රමුඛව එම කවුන්සිලයට ගෙන ආ යෝජනාව සම්බන්ධයෙන් ශ්‍රී ලංකා රජය දැරූ ස්ථාවරයට ඇමෙරිකාව සහාය දැක්වීමට ඉදිරිපත් වීම නිසා මානව හිමිකම් පිළිබඳ එක්සත් ජාතීන් මහකොමසාරිස්වරයා විසින් ශ්‍රී ලංකාවට එරෙහිව පරීක්ෂණ නොකැඳවනු ඇතැයි ජිනීවා ආරංචි මාර්ග වැඩිදුරටත් කියා සිටී.
ලංකාවට අමතරව මානව හිමිකම් මහ කොමසාරිස්වරයා මෙම සැසිවාරයේදී අයිවරි කෝස්ට්, ලිබියා, බුරුන්ඩි, සිරියාව ආදී රටවල මානව හිමිකම් තත්ත්වය පිළිබඳව විශේෂ සමාලෝචනයක නිරත වනු ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපි දැන් කීකරුවේ (අ)
ලංකාවේ යුද්ධය අවසාන කාලයේ හමුදාවේ සුළු පිරිසක් අතින් මානව හිමිකම් කඩවීම් සිදු වුණා.. ඒවාට සාක්කි තියෙනවානේ... මේ ගැන දේශීය අධිකරනයකින් සොයා බලා වගකිව යුත්තන්ට දඩුවම් දෙන්න (ම)