IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


මානව හිමිකම් සැසිය ලබන සඳුදා

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 30 වැනි වාර්ෂික මහ සභා සැසිවාරය ලබන 14 වැනිදා ස්විට්සර්ලන්තයේ ජිනීවා නුවර දී ආරම්භ කෙරේ.

ශ්‍රී ලංකාවේදී සිදු වී ඇතැයි කියන මානව හිමිකම් කඩවීම් සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ විද්වත් කමිටුවේ අවසන් වාර්තාව ලබන මස 30 වැනදා ජිනීවා මානව හිමිකම් කවුන්සිලයට ඉදිරිපත් කිරීමට නියමිත වීම මෙම සැසිවාරයේ විශේෂත්වයකි.

මානව හිමිකම් පිළිබඳ එක්සත් ජාතීන්ගේ මහ කොමසාරිස් සෙයිද් අල් හුසේන් කුමරු විසින් මෙම ශ්‍රී ලංකාව පිළිබඳ වාර්තාව කවුන්සිලය හමුවේ සභාගත කිරීමට නියමිතය.ශ්‍රී ලංකාවේ ප‍්‍රතිසන්ධානය, වගවීම හා මානව අයිතීන් ප‍්‍රවර්ධනය කිරීමේ තේමාවෙන් යුතුව මානව හිමිකම් මහ කොමසාරිස්වරයා කවුන්සිලයේ සාමාජික රටවල් හමුවේ කරුණු දැක්වීමට නියමිතව ඇත.

මෙම වාර්තාව මෙවර සැසියේදී එළි දැක්වුණද ,ඉකුත් වසරේ මාර්තු මාසයේදී ජිනීවා මානව හිමකම් කවුන්සිලයේ 27 වැනි සැසිවාරයේ දී ලංකාවේ මෙරට පැවති යුද්ධයේදී සිදුවී ඇතැයි කියන මානව හිමිකම් කඩවීම් හා යුද අපරාධ සම්බන්ධයෙන් විනිවිද හා ස්වාධීන පරීක්ෂණයක් පැවැත්විය යුතු බවට ඇමෙරිකාව ප‍්‍රමුඛව එම කවුන්සිලයට ගෙන ආ යෝජනාව සම්බන්ධයෙන් ශ්‍රී ලංකා රජය දැරූ ස්ථාවරයට ඇමෙරිකාව සහාය දැක්වීමට ඉදිරිපත් වීම නිසා මානව හිමිකම් පිළිබඳ එක්සත් ජාතීන් මහකොමසාරිස්වරයා විසින් ශ්‍රී ලංකාවට එරෙහිව පරීක්ෂණ නොකැඳවනු ඇතැයි ජිනීවා ආරංචි මාර්ග වැඩිදුරටත් කියා සිටී.

ලංකාවට අමතරව මානව හිමිකම් මහ කොමසාරිස්වරයා මෙම සැසිවාරයේදී අයිවරි කෝස්ට්, ලිබියා, බුරුන්ඩි, සිරියාව ආදී රටවල මානව හිමිකම් තත්ත්වය පිළිබඳව විශේෂ සමාලෝචනයක නිරත වනු ඇත.



අදහස් (0)

මානව හිමිකම් සැසිය ලබන සඳුදා

දුමින්ද Monday, 07 September 2015 10:06 AM

අපි දැන් කීකරුවේ (අ)

:       0       0

නාමල් Monday, 07 September 2015 11:09 AM

ලංකාවේ යුද්ධය අවසාන කාලයේ හමුදාවේ සුළු පිරිසක් අතින් මානව හිමිකම් කඩවීම් සිදු වුණා.. ඒවාට සාක්කි තියෙනවානේ... මේ ගැන දේශීය අධිකරනයකින් සොයා බලා වගකිව යුත්තන්ට දඩුවම් දෙන්න (ම)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 303 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 201 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 999 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site