එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 30 වැනි වාර්ෂික මහ සභා සැසිවාරය ස්විට්සර්ලන්තයේ ජිනීවා නුවර පිහිටි මානව හිමිකම් කවුන්සිල මූලස්ථානයේදී සඳුදා(14) ආරම්භ කිරීමට නියමිතය.
සමුළුවේ ආරම්භක දිනයේදී ලෝකයේ සියලූ රටවල්හි මානව හිමිකම් තත්ත්වය අළලා මානව හිමිකම් පිළිබඳ එක්සත් ජාතීන්ගේ මහ කොමසාරිස් සෙයිද් අල් හුසේන් විසින් විශේෂ ප‍්‍රකාශයක් කිරීමට නියමිත අතර විදේශ අමාත්‍ය මංගල සමරවීර මහතාද ශ්‍රී ලංකාවේ මානව හිමිකම් පිළිබඳ දේශීය යාන්ත‍්‍රණය පිළිබඳව සාමාජික රටවල් වලට කරුණු දක්වනු ඇතැයි ජිනීවා ආරංචි මාර්ග පවසයි.
මෙවර සැසිය සඳහා ශ්‍රී ලංකා රජය නියෝජනය කරමින් විදේශ අමාත්‍ය මංගල සමරවීර මහතාගේ ප‍්‍රධානත්වයෙන් යුතු පිරිසක් සහභාගී වන බැව් අමාත්‍යාංශ ආරංචි මාර්ග පවසයි. අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ , ජීනීවා හි එක්සත් ජාතීන්ගේ ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිත රවිනාථ ආර්යසිංහ යන මහත්වරු ඇතූළු විදේශ කටයුතු අමාත්‍යාංශ නිලධාරීහුද ඒ සඳහා සහභාගී වෙති.
ඔක්තෝබර් 2 වැනිදා තෙක් පැවැත්වෙන මෙම සැසිවාරයේ දී ශ්‍රී ලංකාවේදී සිදු වී ඇතැයි කියන මානව හිමිකම් කඩවීම් සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ විදවත් කමිටුවේ අවසන් වාර්තාව 30 වැනිදා ජිනීවා මානව හිමිකම් කවුන්සිලයට ඉදිරිපත් කිරීමටද නියමිතය.
මානව හිමිකම් පිළිබඳ එක්සත් ජාතීන්ගේ මහ කොමසාරිස් සෙයිද් අල් හුසේන් කුමරු විසින් මෙම ශ්‍රී ලංකාව පිළිබඳ වාර්තාව කවුන්සිලය හමුවේ සභාගත කිරීමට නියමිත අතර එදිනට එම වාර්තාව ඉදිරිපත් කරමින් ශ්‍රී ලංකාවේ ප‍්‍රතිසන්ධානය, වගවීම හා මානව අයිතීන් ප‍්‍රවර්ධනය කිරීමේ තේමාවෙන් යුතුව මානව හිමිකම් මහ කොමසාරිස්වරයා කවුන්සිලයේ සාමාජික රටවල් හමුවේ කරුණු දැක්වීම සිදු කෙරේ.
එම වාර්තාව එළි දැක්වීමෙන් අනතුරුව ශ්‍රී ලංකාවට එල්ල කෙරෙන චෝදනා සම්බන්ධයෙන් දේශීය පරීක්ෂණයක් පැවැත්වීමට ශ්‍රී ලංකා රජය ගෙන තිබූ පියවරට සහයා දැක්වන යෝජනාවක් ජිනීවා මානව හිමිකම් සැසිවාරයට ඉදිරිපත් කීරීමට ඇමෙරිකා රජය තීරණය කර ඇතැයි වාර්තාවේ.
2025 දෙසැම්බර් මස 18
328
1
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
205
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1001
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
මානව හිමිකම් සමුළුව හෙට සිට
විතාන Sunday, 13 September 2015 09:34 PM
අපි බලමු මොකක්ද සිද්ධවෙන්නේ කියලා (නි)