ලංකාවේ යුද්ධයේ අවසන් අදියරේදී සිදු වූවා යැයි කියන යුද අපරාධ හා මානව හිමිකම් කඩවීම් සම්බන්ධයෙන් වන ශ්‍රී ලංකාවේ දේශීය යාන්ත‍්‍රණයට සහාය දක්වමින් ඇමෙරිකාව ප‍්‍රමුඛත්වයෙන් ජිනීවා මානව හිමිකම් කවුන්සිලයේදී සම්මත කළ යෝජනාවට එරෙහිව ඉන්දීය මධ්‍යම රජය කිසිවක් නොකිරීම සම්බන්ධයෙන් තමන් දැඩි කණස්සල්ලට පත්ව ඇතැයි තමිල්නාඩුවේ මහ ඇමතිනී ජයලලිතා ජෙයරාම් හා එහි හිටපු ඇමැති එම්.කරුණනිධි ප‍්‍රකාශ කර ඇති බව ඉන්දීය පි.ටී.අයි පුවත්සේවය වාර්තා කරයි.
ජාත්‍යන්තරයේ සහයෝගයෙන් හෝ වේවා මොන යම් පරීක්ෂණ පැවැත්වුවත් දෙමළ ජනතාවට සිදුවුණ අවමානයන් හි අඩුවක් නැතැයිද,සම්මත කළ යෝජනාව වත්මන් ශ්‍රී ලංකා රජයේ උවමනාව මත සම්මත කළ එකක් මිස එරටේ දෙමළ ජනතාවගේ අයිතිය තහවුරු කිරීම වෙනුවෙන් ක‍්‍රියාත්මක නොවු එකක් බවද තමිල්නාඩුවේ මහ ඇමතිනිය සහ හිටපු මහ ඇමැතිවරයා පෙන්වා දේ.
එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් ශ්‍රී ලංකාවට එරෙහිව ජාත්‍යන්තර පරීක්ෂණයක් පැවැත්විය යුතුයි යන්න බල කරමින් ලංකාවේ දෙමළ වැසියන් බහුතරයක් ජීවත් වන උතුරු පළාත් සභාව විසින් හා තමිල්නාඩු ප‍්‍රාන්ත රජය ඉකුත්දා සම්මත කර ගනු ලැබු යෝජනාවන් බැහැර කරමින් ජිනීවා මානව හිමිකම් කවුන්සිලයෙන් සම්මත කර ගත් ශ්‍රී ලංකාව පිළිබඳ යෝජනාවෙන් හිරිහැර විඳි දෙමළ ජනයාට යුක්තිය ඉටුවී නැතැයි ද ඔවුන් පෙන්වා දේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ජයලලිතාට නම් අපේ දේවල් වලට ඇඟිලි ගහන්නේ නැතුව ඉන්නම බැහැ වගෙයි (නි)
මේ මිනිස්සුන්ගේ ආකල්ප කවදාවත් වෙනස් වෙන්නේ නැහැ කොහොම කළත් (බ)
ලලිතා අපිව රිදවනවා (නි)
දැන් ලංකාවත් කන්නද කොහෙද හදන්නේ (නි)
ජයලලිතාට විතරක්ය අපේ කට්ටියකටත් රිදිල තින්නේ.කරන්නම දෙයක් නැතුව බෝඩ් අල්ලන් කෑගහනවා නේද ? (ස)
අනේ මෙයාට කටවහගෙන ඉන්නම බැරි හැටි (නි)
ජයලලිතාත් අපේ ඇමති මණ්ඩලයට ඇතුලත් කරගත්තා නම් ඇයත් නිහඬ කරන්න තිබුනා. (ස)
කොහෙටද දන්නේ නැහැ රිදිලා තියෙන්නේ (බ)
ජයලලිතා නෝනගේ සමහර ක්‍රියා නිසා දෙමල ජනතාවට කෙතරම් ආර්ථික පාඩු සිදුවුණාද. ඒ බව අමතක වෙලා වගේ. (ර)