ජාතික මානව හිමිකම් සැළැස්ම යටතේ පළාත් සභා,නගර සභා සහ ප්‍රාදේශිය සභාවන් හි පක්ෂ විපක්ෂ ජනතා නියෝජිතයින්ට මානව හිමිකම් පිළිබඳව අධ්‍යාපන වැඩසටහන් ලබා දීමට තීරණය කළ බව ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසමේ කොමසාරිස් ආචාර්ය ප්‍රතිභා මහානාමහේවා කියයි.
ශ්‍රී ලංකාවේ සංචාරයක නිරත වු එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මානවහිමිකම් කොමසාරිස් නවනීදන් පිල්ලේ මහත්මිය කළ යෝජනාවක් අනුව මෙම වැඩසටහන ක්‍රියාත්මක බවද ඔහු පැවසීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පහළ කට්ටියගෙන්ම වැඩේ පටන් ගන්න එක බොහොම හොදයි. (නි)
ඔය වැඩේදි දේශන වලට පැයක් වෙන්කරනවා නම් ප්‍රශ්න ඇසීමේ වාරයට පැය තුනක්වත් දෙන්න. ඒ මොකද කට්ටිය උදාහරණ දිදී ප්‍රශ්න අහයි, මෙහෙම කළොත් වැරදි නැහැ නේද, අරහෙම කලොත් නඩු යන්න පුලුවන්ද ආදී වශයෙන් කෙළවරක් නැතුව ප්‍රශ්න තියෙයි. (නි)
හොඳ දෙයක් හොඳට කරනවා නම් හොදයි. මේක හමුදා පොලිස් වලටත් ලබා දිය යුතුයි. (නි)
එක හොඳයි. වැඩි අධ්‍යාපනයක් නැති අයනේ ජනතා නියෝජිතයෝ වෙලා ඉන්නේ. ඒක නිසා අධ්‍යාපනයක් දිය යුතුමයි. (නි)
අධ්‍යාපන වැඩසටහන් කළාට වැඩක් වෙයිද දන්නේ නැහැ. (නි)
පිල්ලේ නෝනටත් මානව හිමිකම් ගැන පාඩමක් කියලා දෙන්න වෙයි වගේ, එයාටත් මේකට එන්න කියමුද ඇවිත් පාඩමක් ඉගෙන ගන්න? (ස)
ඔන්න ඒ පාර අද මට තව එකක් මතක් වුනා. මටත් මාර ඒවා මතක් වෙන්නේ සමහර වෙලාවට.දැන් බලන්න මේ ළමයි ටික ඉන්නවා නේ.මෙතන ඉන්න සමහර ළමයි වැස්සකටවත් ඉස්කෝලෙකට ගොඩ වෙලා නැ කියලා අපි හැමෝම දන්නවනේ.ඉතින් මේ ළමයි තමන්ගේ මුල්ම පාසල් ජීවිතය මේ විශේෂ ඉස්කෝලයෙන්ම පටන් ගන්න එක කොච්චර හොඳඳ? එහෙම නේද? හැබැයි ප්‍රශ්නය තියෙන්නේ, සමහර දඩබ්බර නරක දරුවෝ මේ විශේෂ ඉස්කෝලෙට ඇරලත් අපිට හදා ගන්න පුළුවන් වේවිද කියන එකයි.මම එහෙම කිව්වට සමහරවිට මේ ඉස්කෝලයේ විදුහල්පතිනිය හැටියට සැර පිල්ලේ නෝනව පත් කලොත් නම්, අවසාන වාර පරීක්ෂණයෙන් බොහෝ විට අපිට ඉතා උසස් ප්‍රතිපලත් දැක බලා ගන්නට පුලුවන් වේවි කියලත් එක වෙලාවකට මට හිතෙනවා. කොහොම හරි කමක් නැහැ අපි බලාගෙන ඉමුකො මේ ළමයි අලුත් ඉස්කෝලෙට ගියාට පස්සෙවත්, ළමයි ගේ හැසිරීම වෙනස් කර ගනීද කියලා.මොකද මේ දවස් වල නම් හැසිරීම අන්තිමයි. (ස)