මානව හිමිකම් පිළිබඳ එක්සත් ජාතීන්ගේ මහකොමසාරිස් සෙයිද් රාද් අල් හුසෙන් කුමරු සිව්දින නිල සංචාරයක් සඳහා සෙනසුරාදා (6) ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතය.
ඔහු ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන , අගමැති රනිල් වික‍්‍රමසිංහ යන මහත්වරුන් ද හමුවී උතුරු හා නැගෙනහිර චාරිකාවක නිරත වන අතර එහිදී උතුරු පළාත් මහ ඇමති සී.වී.විග්නේෂ්වරන් සහ එම ප‍්‍රදේශයේ සිවිල් සංවිධාන නියෝජිතයින් හා සාමාන්‍ය වැසියන් හමුවීමටද නියමිතය.
මානව හිමිකම් ප‍්‍රවර්ධනය සම්බන්ධයෙන් ගෙන ඇති ක‍්‍රියාමාර්ග පිළිබඳව සෙයිද් රාද් අල් හුසේන් කුමරු සිය ප‍්‍රසාදය පළ කර තිබිණි.
මීට පෙර 2006 වසරේ දී එවකට මානව හිමකම් පිළිබඳ මහකොමසාරිස් ලෙස කටයුතු කළ ලූවිස් ආබර් මහත්මිය හා 2013 වසරේ අගෝස්තු මාසයේදී එවකට හිටපු මානව හිමිකම් පිළිබඳ එක්සත් ජාතීන්ගේ මහකොමසාරිස් වන නවනීදන් පිල්්ලේ මහත්මිය ශ්‍රී ලංකාවේ නිල සංචාරයක නිරත වූවාය. වත්මන් මානව හිමිකම් මහකොමසාරිස්වරයාගේ ප‍්‍රථම ශ්‍රී ලංකා සංචාරය මෙය වේ.
2025 දෙසැම්බර් මස 18
598
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
293
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1094
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
මානව හිමිකම් කමිසුරු ශනිදා ලංකාවේ
දුමින්ද Friday, 05 February 2016 08:21 AM
රණවිරුවන් දඩයමට අලුතින් උපදෙස් (අ)
දිලුම් Friday, 05 February 2016 05:50 AM
මුලික මිනිස් අයිතියක් වන සමබර ආහාර වේලක් මිලදී ගැනීමට රටේ බහුතර ජනතාවට ශක්තියක් නැහැ. ඒ නිසා අහාර මිල අඩු කිරීමට ලොකු මුදලක් ආධාර වශයෙන් මහ කොමසාරිස්තුමා අපේ රටට ලබා දෙනවනම් එක ලොකු පිනක්. (ම)
අමා Friday, 05 February 2016 05:54 AM
ඇයි උතුරු නැගෙනහිර පමණද ලංකාවේ තියෙන්නේ (කෞ)
නුවන් Friday, 05 February 2016 06:44 AM
සෞදියේ බෙලි කපන එක මානව හිමිකම් කඩ කිරීමක් නෙවේ ද ?? ඔබගේ රටේ මානව හිමිකම් පළමුව ආරක්ෂා කරන්න. (කෞ)
මහින්ද ආර් කිතුල්ගොඩ Friday, 05 February 2016 11:35 AM
මෙහාට එන හැම කෙනාගෙම මුලික පරමාර්ථය උතුරු නැගෙනහිර සංචාරය...ඊට පස්සේ එහෙන් කරන යෝජනා ක්‍රියාත්මක කරන්න කියලා එයාල නැවත පිට වෙනවා......එහෙට විතරද ප්‍රශ්න තියෙන්නේ අනිත් පැතිවල ප්‍රශ්න ගැන කියන්න කට්ටිය උනන්දු වෙන්නේ නැති උනාම ...කාට කියන්නද???(හේ)