මානව හිමිකම් පිළිබඳ එක්සත් ජාතීන්ගේ මහකොමසාරිස් සෙයිද් රාද් අල් හුසෙන් කුමරු සිව්දින නිල සංචාරයක් සඳහා සෙනසුරාදා (6) ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතය.

ඔහු ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන , අගමැති රනිල් වික‍්‍රමසිංහ යන මහත්වරුන් ද හමුවී උතුරු හා නැගෙනහිර චාරිකාවක නිරත වන අතර එහිදී උතුරු පළාත් මහ ඇමති සී.වී.විග්නේෂ්වරන් සහ එම ප‍්‍රදේශයේ සිවිල් සංවිධාන නියෝජිතයින් හා සාමාන්‍ය වැසියන් හමුවීමටද නියමිතය.

මානව හිමිකම් ප‍්‍රවර්ධනය සම්බන්ධයෙන් ගෙන ඇති ක‍්‍රියාමාර්ග පිළිබඳව සෙයිද් රාද් අල් හුසේන් කුමරු සිය ප‍්‍රසාදය පළ කර තිබිණි.  

මීට පෙර 2006 වසරේ දී එවකට මානව හිමකම් පිළිබඳ මහකොමසාරිස් ලෙස කටයුතු කළ ලූවිස් ආබර් මහත්මිය හා 2013 වසරේ අගෝස්තු මාසයේදී එවකට හිටපු මානව හිමිකම් පිළිබඳ එක්සත් ජාතීන්ගේ  මහකොමසාරිස් වන නවනීදන් පිල්්ලේ මහත්මිය  ශ්‍රී ලංකාවේ නිල සංචාරයක නිරත වූවාය. වත්මන් මානව හිමිකම් මහකොමසාරිස්වරයාගේ ප‍්‍රථම ශ්‍රී ලංකා සංචාරය මෙය වේ.