එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් ප්‍රධානියා ගේ ශ්‍රී ලංකා සංචාරය මහ විහිළුවකියි හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ සහෝදරයා හඳුන්වයි.
ගෝඨාභය රාජපක්ෂ හිටපු ආරක්ෂක ලේකම් එසේ ප්‍රකාශ කළේ ශ්‍රී ලංකාවේ සිදුවී යැයි කියන යුද අපරාධ සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ මෙහෙයවීමෙන් පැවැත්වෙන පරීක්ෂණයට එරෙහි උද්ඝෝෂණ වේගවත් කරමිනි.
ඔහුද ඔහුගේ හිටපු ජනපති සොයුරාද මෙම පරීක්ෂණයට එරෙහි අත්සන් දස ලක්ෂයේ පෙත්සමකට කොළඹ කොටුවේ පන්සලකදී අත්සන් කළහ.
ලබන මාර්තු මාසයේදී ජිනීවා නුවර මානව හිමිකම් කවුන්සිලයට තම තක්සේරුව ඉදිරිපත් කිරීමට පෙර ශ්‍රී ලංකාවේ ප්‍රගතිය පිරික්සීමේ සිව්දින නිල චාරිකාවක් සඳහා සෙයිද් රාද් අල් හුසේන් කුමාරයා පසුගිය සෙනසුරාදා පැමිණියේය.
උතුරු නැගෙනහිර දෙමළ ජනයා වෙනුවෙන් වෙනම නිජබිමක් පිහිටුවීම සඳහා තිස්හත් වසරක යුද්ධයක් ගෙන ගිය කොටි සංවිධානය 2009 දී රජය සහමුලින්ම මර්දනය කළේය.
ගෝඨාභය රාජපක්ෂ චෝදනා කරනුයේ දෙමළ කැරලිකරුවන්ගේ හිතවාදීන් පමණක් සෙයිද් කුමාරයාට මුණ ගැස්වීමට බලධරයන් කටයුතු කරන බවයි.
‘දවසකට මෙහේ ඇවිල්ලා ඔහුට ලංකාවේ තත්ත්වය තේරුම් ගන්න බෑ. ඔහු හමුවන්නේ එක් පාර්ශවයක් පමණයි. ඒක මහ විහිළුවක්.‘
සිය සොයුරු හිටපු ජනපති සමග එකට වාඩිවී සිටි ගෝඨාභය අවධාරණය කළේ අවසන් සටනේදී යුද අපරාධ සිදු නොවූ බවයි.
වසරක පෙර රාජපක්ෂ පරාජය කළ මෛත්‍රිපාල සිරිසේන ජනපති එක්සත් ජාතීන්ගේ සංවිධානය හා එකඟත්වය පළ කළේ සටනේ අවසන් මාස කිහිපයේදී 40,000ක් දක්වා උතුරේ වැසියන් මියගිය බවට නැගෙන චෝදනා පරීක්ෂා කිරීමට එකඟ විය.
සෙයිද් කුමරු ඉරිදා ත්‍රිකුණාමලයේ පැරණි යුද බිම නිරීක්ෂණයට ගියේය. ඔහු යාපනයේදී දෙමළ නායකයන් සමග පැවසූයේ අත්අඩංගුවේ සිටින හිටපු කැරලිකරුවන් සම්බන්ධ නීතිමය ක්‍රියාවලිය කඩිනම් කරනවා මිස ඔවුනට පොදු සමාවක් නොලැබිය යුතු බවයි.
යුද අපරාධ හෝ මානව සංහතියට එරෙහි අපරාධ හෝ ඉතා බරපතල අපරාධවලට වැරදිකරුවන් වන පුද්ගලයනට සමාව දීමේ පොදු පිළිවෙතක් පිළිගත නොහැකි යැයි මානව හිමිකම් කොමසාරිස්ගේ ප්‍රකාශකයෙක් ඒ.එෆ්.පී ප්‍රංශ පුවත් සේවය සමග පැවසීය.
එහෙත් ප්‍රමාණවත් සාක්කි නැති අය මුදා හැරීම එක්සත් ජාතීන්ගේ සංවිධානය අගය කරන බවත් දෙමළ බෙදුම්වාදී සැකකරුවෝ 200ක් පමණ දැනට සිරබත් කන බවත්ය.
එම පිරිස කොන්දේසි විරහිතව පොදු සමාවක්මුදා හරින්නැයි දෙමළ දේශපාලන හා සිවිල් සංවිධාන රජයෙන් ඉල්ලයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දැන්නම් හැරෙන්නේ රණවිරුවන්ට වින කටින්න බව පැහැදිලිය (අ)
ඔයාල ඉන්න කාලේ සෙයිඩ් කුමරූ ආවා නම් ඔහොම කියන්නේ නැහැ නේද?? ත්‍රස්තවාදය පරාද කරලා රටත් ජාතියත් බේරා ගන්න හමුදාව සමග ඔබලාගේ සහයෝගය අපිට අමතක නැහැ.. එක හින්ද තමයි ලක්ස 58 ක් ඡන්දෙ දීල මහින්ද ව ජනාදිපති කළේ .. එත් ඒ ජනවරම රජවෙන්න දුන් වරමක් කියල හිතා ගෙන මුළු පවුලම මහජන මුදල් කොල්ල කාපු එක ගැන අපි කාටත් අනුමත කරන්න බැහැ. (අ)
දකුනේ අය හම්බවෙන්නෙ කොහොමද? ඒ අය ඉන්නෙ වලියටනෙ..පාරෙ බෝඩ් එල්ලගෙන, කෑ ගහගෙන, පෙත්සම් අත්සන් කරගෙන ඉන්න විදිහට සිංහල අපි ගැන හොදට කුමාරයට තේරෙයි.. ඈයි ඔබ තුමාලට ට තිබ්බනෙ මෙයා එන්න කලින්, හම්බවෙන්න වෙලාවක් වෙන් කරගන්න..ඈයි මේ අනික් අය දම්මලා බොරු වැඩ කරන්නෙ....(බ)
එතකොට මහබැංකු අධිපති සිංගප්පූරුවලින් ගෙනල්ල ආපු ගමන් ගහපු ගැහිල්ල ඉන්ද්‍රජිත් දන්නේ නැද්ද ඒවගේම රවීගේ ප්‍රාඩෝ ගැහිල්ල දන්නෙත් නැද්ද මේ අවුරුද්දක් ඇතුලත කාටත් දැනුණු දෙයක් ජනාධිපතිගේ පුතාගේ ඩොලර් වලට මොකද වුනේ දැන් තියෙන වාහන කෝටිගණන් කොළඹ ගෙවල් ගන්න සල්ලි කොහෙන්ද කවුරු අාවත් හොරා කනවා එකෙක් නෙවෙයි හැම එකාම (බ)
ඉන්ද්‍රජිත් දැකල නැහැ වගේ හිටපු ජනපති ඩේවිඩ් කැමරන් ඇතුළු කට්ටියට උත්තර දුන්න හැටි. (අ)
අනුලා හරි.ඔක්කොමල හොරා කනවා.ඇත අපිට තියෙන ප්‍රශ්නය ඔගොලන් ඒ දවස් වල උණු දේවල් පිලිගන් නැති එක.අපි ඉල්ලන්නේ ඒ දවස් වල හොරා කැපුවට දඩුවම් ලැබෙන්න ඕනේ දැන් ඉන්න අය බය වෙන්න. (අ)