පිළියන්දල කටුවාවලදී මනාලියකගේ රත්‍රන් චේන් පොටක් කඩා ගත් යතුරුපැදිකරුවකු කාරයට යට කළ රියදුරාගේ දක්ෂ කම නිසා රුපියල් තුන්ලක්ෂයක් පමණ වන මාලය සොයා ගත හැකි විය.
එහෙත් හමුදා සෙබළකු බව කියන කොල්ලකරු ත්‍රීරෝද රියදුරන් විසින් අල්ලා ගන්නට පෙර දෙදෙනකුට පිහියෙන් ඇන තුවාල සිදු කර ඇතැයි පොලිසිය කියයි.
මනාලිය මනාලයා සමග යද්දී මංගල රියේ වීදුරුවක් පහත් කළ අවස්ථාවේ මාලය කඩාගෙන ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපේ සම "හරක්" මිනිස්සු දාන අදහස් දුටු විට හිනා යනවා. එක සෙබළෙක් කරපු වරදකට මුලු ත්‍රිවිධ හමුදාවම වැරදියි... මේවට මොනවා කියන්නද කියලා මට නම් හිතා ගන්න බැහැ (නි)
අපේ ගෞරවාන්විත හමුදාවකට ගිය කලක්! (නි)
නිල ඇදුම කෙලසුනේ කෙලෙසද? මේකට හේතු ගණනක් තිබෙනවා. මමත් අවුරුදු 22ක් ගුවන් හමුදාවේ සේවය කර විශ්‍රාම ගත් කෙනෙක්. 1985 පෙර ත්‍රිවිද හමුදාවේ රැකියාවක් ලබාගන්න පහසු වුණේ නැහැ. ඒ කාලේ සම්මුඛ පරීක්ෂණ ගණනාවකට පෙනී සිට අවසානයේ පොලිස් වාර්තාවක් ඇතුව තමා හමුදාවට එක් වෙන්න පුළුවන්. නමුත් 85 පස්සේ තත්වය වෙනස් වුණා. ඉතින් අද අපි විදින්නේ මේවායේ ප්‍රතිපල තමා. (නි)
එක් කෙනෙක් දෙන්නෙක් කරන වැරදි වලට මුළු හමුදාවටම දොස් කීම වැරදියි. මිනිසුනේ, අතීතය අමතක කරන්න එපා. සතෙක් ගාව තිබෙන හොඳ ගතිගුණ අද මිනිස්සු ළඟ නැහැ. (නි)
මිනිස්සු හිතන පිළිවෙල අදහස් වලින් ලස්සනට පේනවා. හමුදාවෙ නෙමෙයි කොහේවත් සියයට සීයක් හොඳ මිනිස්සු නැහැ. ඒකට කරන්න දෙයක් නැහැ. හමුදාව මේ රටට කරපු සේවය අමතක කරන්න එපා මිනිසුනේ. රතුපස්වලදි හමුදාව කළේ ඉහළින් ආ නියෝග ක්‍රියාත්මක කළ එක. හමුදාවෙ කොල්ලො කෙල්ලො ජීවිත පූජා කරලා ආරක්ෂා කරල දුන් නිදහසින් පහත් දේශපාලුවොයි, හොරුයි, මංකොල්ලකාරයොයි අයුතු ප්‍රයෝජන අරන් ජනතාව පෙලුවට එයාලට දඬුවම් ළගඳිම ලැබේවි.ඒත් මේ දේවල් හැමදාම කරන්න බැහැ. කවුරු මොනවා කිව්වත් හමුදාවෙ ඉන්න සහ හිටපු උතුම් සෙබලු වෙනුවෙන් ඕනෑම වෙලාවක බෝධි පූජා තියන්න අපි සූදානම්. (නි)
මේ ශ්‍රී ලංකාවට වඩා තිබුන සිලෝන් එක හොදයි වගේ (නි)
දැන් හමුදාවේ ඉන්නේ මෙහෙම අයද එතකොට? (නි)
ඔය සෙබල දැන් හමුදාවේ ඉන්න කෙනෙක් නොවේ එයත් සාමාන්‍ය සිවිල් කෙනෙක් ඒ නිසා මිනිසුනේ අපේ හමුදාවට බනින්න එපා හැම දේම ටික කලෙකදී අමතක වෙන මිනිස්සු ඉන්න රටක් , එකෙක් හරි බෝම්බෙකට අහුවෙලා මරුන ගෙදරක නම් ඔහොම කියන්නේ නැ, හමුදාවේ ඉන්න නීති ගරුක කොල්ලෝ ඔය වගේ ජරා වැඩ කරන්නනේ නැ ඒ නිසා මේවා දානකොට හරියට හමුදාවේ ඉන්න එකෙක්ද නැත්නම් හමුදාවෙන් එලවපු එකෙක්ද කියලා හරියට හොයල දන්නා මේ පත්තර මහත්තුරු වග බලාගන්න හොදේ,(දී)
ආශ්චර්යවත් වැඩක් (ස)
ලෝකයෙන්නම හොදම විනීත හමුදාව. (ස)
මහජනතාව බෝධිපුජා තියල ආරක්ෂා කරන්න කියල දෙවියන්ගෙන් ඉල්ලපු මිනිස්සුන්ට අද හමුදාව සලකන විදිය හරිම හොදයි. (ස)
හොරා අල්ල ගත්ත වීරයෝ වගේ පොලිස් මාමල.
මෙයාටනේ රියල් ස්ටාර් ප්‍රථම ස්ථානය දෙන්න තිබුණේ (නි)
හමුදාවට පින් සිද්ධ වෙන්න පණකෙන්ද ගැට ගහගත් සම(හරක්) දොඩවන දේවල් දකිද්දී ලැජ්ජයි.හන්දියට ගිය කෙනා ගෙදර එන එක ගැන විශ්වාසයක් නොතිබුන කාලේ නම් රණවිරුවෝ.එක් කෙනෙක් දෙන්නෙක් නිසා මුළු හමුදාවටම බනින අයට කියන්න ඕනෑ වචනේ පත්තරේක දාන්න බැහැ. (නි)
ඔන්න අද හමුදාවේ තත්ත්වය. (අ)
බෝධි පූජා නම් කවුරුත් කළා.කෘත ගුණ සැළකීමත් රතුපස්වලදී ලස්සනට කළ බව රටම දන්නවා. (නි)
කොහේ හිටියත් මොනා කරත් හොරා හොරාමයි (අ)
මේකට වැරදිකරු හමුදා සොල්දාදුවා නොවේ.අද අපේ රටේ හමුදා සෙබළාගෙන් ගන්නේ ඔහුට ගැළපෙන වැඩ නොවේ. වසර 30 යුද්ධ කරපු සෙබළාට අද කාලේ වගේ සළකනකොට සෙබළා ගන්නා තීරණ මීට වඩා භයානක වෙන්න පුළුවන්.වරද කාගේද කියල හොඳට හිතලා බලන්න (නි)
අද හොරකම් ජඩකම් කරන්නේ වැඩියෙන්ම දේශපාලකයෝ, උසස් පොලිසියේ නිළධාරීන්, හමුදා සෙබළු වැනි නීතිය ආරක්ෂා කරන්නට සිටින අයයි. හරිම අපුරුයි අපේ ලංකාව (නි)
කණගාටුදායක තත්වයක්.මෙයට හේතුව ලෙස මට පෙනෙන්නේ අප රටේ අධ්‍යාපනයේ ඇති අසංවිදිත බවයි.දේශපාලකයාගේ සිට හිගන්නා දක්වා මානව ගුණාංග වලින් දුරස්ථ වී ඇත.අප මිනිස් සමාජයට ග්‍රීක ආචාර ධර්මයත් රෝම නීතියත් නොගැළපේ.ගැළපෙන්නේ ෂරිය නීතියයි (නි)
වැඩේ වැරදි..එත් අද රටේ ඇත්ත ඕක තම...මිනිස්සු හොරකන් කරන්නේ අයි කියල අපි හිතල බලන්ඩ ඕනේ..සෙබලෙක් නෙමේ වෙන කෙනෙක් කලත් ඒ අසරණ කම වන්ඩ පුළුවන් ....මේවා වෙනස් කරන්න පුළුවන් කොහොමද කියල හිතන්ඩවත් බැහැ.....අනික් දේ අපි අද ජිවත් වන්නේ සෙබළු නිසා.පාරකට බහින්ඩ බයේ හිටපු කලේ අමතක කරන්ඩ මට නම් බැ....ඒ ගෞරවේ මැරෙනකන් අපි තියන්ඩ ඕනේ... එක තමා හරි...එක මනුස්සයෙක් කරපු දෙකට රණ විරුවන්ට බනින එක හොද නෑ.(අ)
මේක දේශපාලනයට සම්බන්ධද කියලා අහවලාගෙන් අහලා බලන්න ඕනෑ. (නි)
සෙබළුන්ට සහ මනාල යුවලට පොලිසියෙන් සුබ මංගලම් .(අ)
හමුදාව යනු හොරු බිහිකරන තැනක් නොවේ. (නි)
මෙහෙම මෙහෙම නම් අපිට අනෙක් හරිය හිතාගන්න පුළුවන් (නි)
එක සෙබලෙක් කල වැරැද්දට මුළු හමුදාවටම බනින්න එපා මිනිසුනේ
මෙයාලා දැන් ලෝක හොරු වෙලානේ (නි)
මාලය කඩාගත් පුද්ගලයා වෘත්තියෙන් සෙබලෙකු උවත් එම සිද්දිය වෙන අවස්ථාවේ ඔහු රාජකාරියේ සිටියද? නැතිනම් නිල ඇඳුමෙන්වත් සිටියද? හෙඩිමේ " මනාලියගේ මාලය කැඩූ සෙබළා " ලෙස ලිවීමෙන් සෙබලෙකු මලය කැඩූ බව පෙනේ. (ස)
සරත් ෆොන්සේකා ඉන්න කාලේ ඔහොම වුණේ නැහැනේ? (නි)
මම හිතන්නේ ලෝකයේ විනීතම හමුදාව ඉන්න ඇත්තේ මෑත කාලයකදී නෙමෙයි වෙන්න ඇති (නි)
මොනවා වුණත් නියම රියදුරු මහත්තයෙක් හා අවංක නිර්භීත ත්‍රී රෝද රියදුරෝ දෙදෙනෙක්. ඉතා හොඳයි. (නි)
මේ සෙබලා අයිති ලංකාවේම අම්මෙකුට තාත්තෙකුට... බනින්න ඕනෑ ඒ අයට කියලයි මම නම් කියන්නේ. නැතුව හමුදාවට,රජයට,පොලීසියට නොවේ. (නි)
එක් කෙනෙක් දෙන්නෙක් කරන වැඩ නිසා මුළු හමුදාවටම චෝදනා කරන්න එපා (නි)
කරන්න තව බෝධිපුජා,
ලංකාව දිලිදු වෙලා
ලංකාවේ නීතිය ගැන හොරු දන්නවා. ඕනෑම වැරදි වැඩක් කරලා ඇප රැගෙන නිදහස් වෙන්න පුළුවන්. ලංකාවේ නීති තද කරන්න. ලංකාවේ මිනිස්සු එන්නේ කලකිරීමෙන්. ජීවත් වෙන්න අමාරුයි, ඒ මදිවට අපරාධ. කවදාද මේ ලංකාව ශ්‍රී ලංකාවක් වෙන්නේ? (නි)
දැන් හමුදාවේ අත පය හිරිවැටිලා වගේනේ වැඩ නැතුව... (නි)
කොහොමද මගුල් දවසේ මෙහෙම දෙයක් උනාම
හමුදාවේ හැමෝම වැරදි කරන්නේ නැහැ. ගොඩක් වැරදි කරන්නේ යුද්දේ අවසාන කාලේ සම්පුර්ණ පුහුණුව නැතුව හදිසියේ බඳවා ගත්ත අය. (නි)
ලලිත් අයි රිදෙනවද? එතකොට අර ප්‍රසිද්ධ පාසලක ගුරුවරියක් සවස 6.30 වෙනකන් වහලයක් උද හිටය කියල ලියපු එකත් දැන් වරදියිද එතකොට. එහෙනම් එකත් ලියන්න ඕන ගුරුවරි 1.30 වහලෙන් බස්සය ඊට පස්සේ තව කාන්තාවක් 6.30 වෙනකන් වහලේ උද හිටිය කියාලා එයාගේ නම දන්නා ඕන. ඒ වගේග මතක තියාගන්න පහුවදා උදේට අර ගුරුවරියට විරුද්දව නඩු කියන්නත් ඕන. මානුෂීය මෙහෙවර කරපු හමුදාවක් නේද මේ. අගේට කොරන්න ඇති. ආශ්චරයක මහාත නේ. (දී)
මගුල් මාලේත් කඩා ගන්න හොරු ගැන ඇහුවමයි (දී)
නීතිය තද නැති නිසා තමයි මෙහෙම වෙන්නේ. ඔහොම යමු. (නි)
අද රණ විරුවන්ට මොකද වෙලා තිබෙන්නේ? (නි)
වැලිවේරියේ පැත්තේ ගිහිල්ලා එනගමන්ද දන්නෙ නැහැ (නි)
රතු පස්වල පැත්තට ගියා නම් හරිනේ... (නි)
හමුදාවේ සේවය කරන කෙනෙක් මෙහෙම දෙයක් කර කියල මුළු හමුදාවටම දොස්කිම වැරදි .විනය ගරුක හමුදා සේවකයන් කොචර ඉන්නවද ආරියරත්නගේ කතාව හරි
ලලිත් මොන වගේ කෙනෙක්ද? (නි)
එක මකුණෙක් කෑවට ඉන්න ඔක්කොම මකුණො පළිද? (නි)
බලාගෙන යනකොට බහුතරය ඉන්නේ මේ රටේ හොරුනේ. (නි)
නිල ඇදුමින් ඉන්න සෙබළුන්ට පහර දෙන මිනිසුන් මම අනුමත කරන්නේ නැහැ. මොකද ඔවුන් රාජකාරිය කරන්නේ (නි)
හොද සෙල්ලම් ඉදිරියට බලාගමු .
හමුදාවේ විනය දැන් හොදටම පිරිහිලා (නි)