මවගේ බැංකු ගිණුමේ මුදල් ගැනිමට ප්‍රමාද වන නිසා මවගේ අවසන් කටයුතු වලට යන වියදම පොලිසිය මැදිහත් වී තම අනික් සොහොයුරියන්ගෙන් ද සම සමව ලබා දෙන ලෙස ඉල්ලා මියගිය මවගේ එක් දියණියක් පැමිණිලි කළ බව පේරාදෙණිය පොලිසිය පවසයි.
ඇය දියණියන් පස් දෙනකුගේ මවකි. එම දූවරුන් මව මාරුවෙන් මාරුවට රැකබලාගත් බවත් රෝගාතුරව වැඩිමහල් දියණියගේ නිවසේදී මව මිය ගිය බවත් කියති. මවගේ බැංකු පොත හා මවගේ රන් ආභරණද වැඩිමහල් සහෝදරිය සතුව ඇති බවත් තුන්වන සහෝදරිය පොලිසියට පවසා ඇත.
අවමගුල කටයුතු අවසන් කිරිම සදහා අනික් සහෝදරියන්ගෙන් මුදල් ඉල්ලු විට අවමගුල් කටයුතු සඳහා මුදල් දිම ප්‍රතික්ෂේප කර ඇත. මවගේ අවමගුල් කටයුතු සඳහා මව විසින්ම බැංකු ගිනුමේ මුදල් තැන්පත් කර ඇති අතර එම මුදල් ගැනිමට ප්‍රමාද වන නිසා දියණියන් අතර ගැටලු කාරි තත්වයක් මතු වි ඇති බවත් පොලිසිය පැවැසිය.
මව මියගිය මොහොතේ තුන්වැනි දියණියගේ නිවසේ සිට ඇති අතර මවගේ අවසන් කටයුතු සදහා දේහය සුසාන භුමියට ගෙන යාමට හා මරණයේ කටයුතු වලට හා මල්ශාලවට යන මුදල රුපියල් 40,000 ක් පමණද වෙනත් වියදම් සදහා රුපියල් 30,000 ක් වැය වන බවත් දූවරුන් කියා ඇත.
ඒ මුදල් පොලිසිය මැදිහත් වි අනික් සහෝදරියන්ගෙන්ද ලබා දෙන ලෙස ඉල්ලා දේහය තැන්පත් කර ඇති තුන්වැනි දියණිය විසින් පේරාදෙණිය පොලිසියේ පැමිණිල්ලක් දමා ඇති බවත් පොලිසිය පවසයි.
ඉන් පසු පොලිස් නිලධාරින් විසින් දියණියන් සියල්ලන්ටම කතා කර ඔබලාට මවගේ අවසන් කටයුතු කරන්නට නොහැකිනම් පේරාදෙණිය පොලිසිය මැදිහත් වි මවගේ අවමගුල් කටයුතු කරන බව පැවසු විට ‘එහෙම කරන්න එපා එහෙම වුනොත් අපට ලජ්ජාවන බවත්‘ දියණියක කියා ඇත. වියදම් සමව බෙදා ගැනීමට දූවරුන් අන්තිමේදී එකඟවූ බව කියති.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ කුමාරි, රුකී කොහේ උනත් මොකද ? කතාව ඇත්ත. මගේ නංගි බැඳලා ඉන්න මල්ලි නුවර කෙනෙක්. ඒ මල්ලිගේ ලොකු අක්කා තමයි මුළු පවුලේම සල්ලි ගනු දෙනු කරන විදිය තීරණය කරන්නේ. එයාගේ පවුලේ අයට ඇරෙන්න බැඳපු කෙනාගේ අම්මා තාත්තට සිංහල අවුරුද්දට ඇඳුමක් අරන් දෙනවට කැමති නැති ලෝභ බවලතියක් . (නදී)
කුමාරි. අපිටත් ඉන්නවා ඔය පැත්තේ දුර නෑයන්. ඒ පවුල් තනිකරම පාලනය කරන්න ගෙදර පිරිමි නෙවෙයි ගැහැණු. ඒ තරම් කටවල් සැරයි. ගෙදර අයියල මල්ලිලා ඔක්කොම යටකරගෙන ඉන්නේ. බැඳපු දාට සැමියාගේ කරේ නැගලා පවුල ගෙනියන්නේ. රණ්ඩු කෙකි! ඒ නිසා මට මේ පුවත ගැන පුදුම නැහැ. (නදී)
අනුෂ්ක., පුත්තු සේරටම හපන් ගෑනිගේ කීම අහල වැදූ අම්මට වෙනස් කම් කරපු නිවුස් කොතෙක් බලා තියෙනවද...?(නදී)
ලැජ්ජයි මේ සිද්ධිය දැක්කම තමන්ගේ අම්මගේ අවසන් කටයුතු කරන්න මේ තරම් යුද්ධයක්.(හේ)
දුවලා නෙමෙයි මාර දුවලා (නදී)
ගෑනු ඔහොම තමයි. එක පුතෙක් හිටියා නම් ඔය අම්මට ඔහොම වෙන්න දෙන්නේ නැහැ සත්තයි. (නදී)
රුකී ඔයා කොහේ කෙනෙක්ද? අපි නම් අත්විඳල තියෙන්නේ ගලෙන් පහල අය ඔය වගේ කියලයි (අ)
අනුෂ්ක මුළු ගැහැණු සංහතියටම බනින්නේ අම්මලා අයත් වෙන්නෙත් ගැහැණු වර්ගයට කියලා අමතක උනාද? පුතාලත් ඔයිට හපන්. මගේ නැන්දා කෙනෙක් දුවට කිසිම දේපලක් නොදී ඔක්කොම සන්තකේ වැඩියෙන් ආදරේ කල පුතාට ලිව්වා. අන්න දැන් නෝනාත් එක්ක එකතුවෙලා තමන්ගේ අම්මාව ගෙදරින් එලියට දාලා. දුවයි බෑනයි තමයි දැන් නැන්දාව බලාගන්නේ. ගෑනු ළමයි බැඳලා පිට යනවා කියලා ඒ නංගිට මොකවත් දුන්නේ නැහැ. දැන් එයාගෙම පිහිට විතරයි. (නදී)
පේරාදෙණිය පොලිසියට ස්තුතියි! (නි)
අම්මගේ අවසන් මොහොතේ සල්ලි ටිකක් වියදම්වෙන එකට අකමැති දරුවෝ ඉන්නවා කියන්නේ ඒ අම්මා මොනතරම් පවක් කරලා තියෙන්න ඇද්ද? (නි)
මව තමන්ගේ දරුවෝ ගැන හොඳ වැටහීමකින් ඉඳලා තියෙනවා. ඒකනේ තමන්ගේ මළගමට තමන්ම සල්ලිත් වෙන්කරලා සැරින් සැරේට දරුවෝ 5 දෙනා ළඟම ටික ටික ජීවත්වෙලා තියෙන්නේ.ලොකුමහත් කරලා කසාද බන්දලා දෙනකම්ම 5 දෙනාව අම්මා ළඟ තියාගෙන හැදුවට ඒ කෙළෙහිගුණවත් සළකන්න දන්නා පාටක් නැහැ. (නි)
ඇස්දෙක පියවූනාට පස්සේ වෙන්නේ මොකද කියල මැරුණු කෙනාට පෙන්නේ නෑ දෑනෙන්නෙත් නෑ දකින්නත් බෑ එත් ජීවත් වෙලා ඉන්න අයට ඒ හැමදේම පේනවා. එනිසා මරණයේ වේදනාව මැරුණු කෙනාට නම් නෙවෙයි දරුවනේ.... (අ)
මගේ අම්ම මැරෙන්න කලින් මගෙන් ඉල්ලීමක් කළා, පුතේ මම මලහම උඹ අනිත් සහෝදරයන්ට කරදර නොකර මගේ මළගම කරපන් , අඩුම වියදමෙන් පෙට්ටියක් ගන්න. හත් දවසේ දානේ දෙන්න. සැරසිලි ගොක් අතු මුකුත් එපා කියල අම්ම එහෙම මගෙන් ඉල්ලීමක් කලේ මම හිතන්නේ මම ලොකු පුතා නිසා වෙන්න ඇති , ඔයාල විස්වාස කරාවිද මන්ද අවමංගල්‍ය උත්සවය ඇතුළුව හත් දොහේ පින්කමත් එක්ක සියලු කටයුතු මම කළා. හැබැයි මගේ සහෝදර සහෝදරියෝ එයාලට පුළුවන් විදියට මට උදවු කළා. අපි හොඳට අම්මගේ අවසන් කටයුතු චාමෙට කළා , මේක දැක්කම අපේ මනුස්ස කමට මොකද වෙලා තියෙන්නේ කියල හිතෙනවා. (ස)
හරිම කණගාටු වෙන දෙයක් අද දරුවෝ තම දෙමව්පියනන්ට සලකන්නේ නැහැ ඔව්න් හරි අසරණ තත්වයට දාලා (නදී) .
පුදුම දුවලා. එයාලටත් ඕකම වෙයි එයාලගේ දරුවන්ගෙන්. (ස)
තම තමන්ගේ යුතුකම් දෙමාපියන්ට ඉටුකරන්නට හිතට ගනිමු. අනෙකා ගැන බලාගෙන කටයුතු කරන්නේ අම්මා කිරි දෙනකොටත් එහෙම කළා කියලා හිතන නිසාද? (නි)
කෙනෙක් මියගියාට එයාගේ මනෝකාය මියයන්නේ නැහැ. එයාට මේ සිදුවෙන හැමදෙයක්ම පෙනෙනවා දැනෙනවා.නමුත් ඒ සිතිවිල්ලට ක්‍රියාත්මක වෙන්න විදියක් නැහැ. රූපකායක් නැති නිසා මනෝකාය සතුටින් නම් යහපත් තැනක උප්පත්තිය ලබනවා. අපේ මළගෙවල් වල ගුණ කතා පවත්වන්නේ ඔය මනෝකාය සතුටු කරන්න. දරුවනේ, මෙහෙම හැසිරුනාම ඒ අම්මාගේ මනෝකාය කොහෙද නතරවෙන්නේ? පව් නේද? (නි)
මේ වගේ ගැහැණු අද වසංගතයක් වගේ රටේ බෝවෙලා. හැමදේකටම පොලිසි සහ උසාවි. මොවුන්ට මඩු වලිගෙන් තලන්න ඕනෑ. අනේ මේ අම්මණ්ඩිලාටත් දරුවො ඇති නේද? ඒ දරුවන්ට දෙන ආදර්ශය මේකද? (නි)
කට වචනෙට හරි එහෙම දෙයක් කියුව එකට පේරාදෙණිය පොලිසියට ස්තුතියි !!! (ස)
අපේ මනුෂ්‍යත්වය පිරිහිලා.අපි ජීවත්වන සමාජ රටාව තුළ අපි අතරමංවෙලා. මම මගේ දෙමාපියන්ගේ කටයුතු මමම කරනවා කියලා එක එක්කෙනා ප්‍රතිඥා දෙන්න.මැරුණහම නෙමෙයි. අසනීප වුණත්.....ඒ සඳහා කීයක්හරි සල්ලි දැන්ම ඉඳලා එකතු කරලා තියන්න.මොකද සල්ලි නැතුව අද මොකුත් කරන්න බැහැනේ (නි)
ඒ අහිංසක අම්මා මරණයට සල්ලිත් එකතු කරලයි මිය පරලොව ගිහින් තියෙන්නේ.නල්ලමලේ දූවරුන්ට ඒක බෙදාගන්න සිහියක් නැහැ. මම දන්නා වැදගත් වයසක අම්මා කෙනෙක්ගෙන් එයාගෙ දුව අම්මාට අවුරුදු 80 වෙනතුරුම වැඩගත්තා. අන්තිමට ඇවිදින්න බැරිවුණාම මහළු මඩමකට දැම්මා අම්මගේ පැන්ෂන් එකෙන් කොටසක් ඒකට හරවලා. (නි)
පිරිස්,මැරුණට පස්සේ තව උපතක් ලබනතුරු සැරිසරන විඥාන හෝ මනෝකායවල් බුදු දහමට පටහැනියි. මනෝමය ශරීර මැවීම එකක්, එහෙත් මේ මැරුණට පස්සේ මනෝකාය සතුටු කරලා හොඳ උපතක් ලබාදීම බොරුවක්. කෙනෙක් මැරෙනකොට අන්තිම සිත නැත්නම් චුති සිත නැතිවෙනකොටම නව උපතක් ලබන ඊළඟ භවයේ පළමු සිත පහළ වෙනවා. ඒ කියන්නේ වෙන තැනක උපදිනවා. පෙරේතයෙක් වෙලා ඉපදිලා ඒ ගෙදර ඉඳලා තමන් වෙනුවෙන් කරන පින්කමකින් සතුටුවෙලා ඉන්න තත්වය දියුණුවීම්ක වුණත් වෙන්න පුළුවන්. (නි)
ජයලාල් හරියටම හරි. අපේ පැත්තේ ඉන්නවා මැදිවියේ බවලතියක්. අම්මා, තාත්තා සහෝදරියෝ සියල්ලටම පොලිසියේ පැමිණිලි දානවා. සමථ මණ්ඩල වලට ගෙන්වනවා. ඉවරයක් නැහැ. පාරටයි, වැටටයි, දේපොල බෙදාගන්නයි සේරටම නීතිය. ඒත් මේ වගේම දූ සිඟිත්තක් තමයි. (නි)
මේ වගේ ගැහැණු තමයි රටේ හැදියාව කන්නේ. තණ්හාවෙන් මත්වෙලා ඉන්නේ. මේවා බලලා මේ අයගේ දරුවොත් කරන්නේ මේකම තමයි. රට ඉවරයි. (නි)
දරුවො නෙමෙයි යමපල්ලෝ. මිනිස් වෙසින් මෙලොවට ඇවිල්ලා විතරයි. ඒ අම්මො මේ අයගේ වග දන්න නිසාම මරණෙට සල්ලිත් එකතු කරලයි තිබිලා තියෙන්නේ. ඒත් සැනසීමක් නැහැ (නි)
චික් විතරක් මේ වගේ ගැහැණු! මේ අය තමන්ගේ දරුවන්ට විරුද්ධවත් යයි පොලිසි තව ටික දවසකින්. හිතාගෙන ඇති පොලිසි ගියාම හරි ලොකු වැඩක් කියලා. " ‘එහෙම කරන්න එපා එහෙම වුණොත් අපිට ලැජ්ජාවන බවත්‘ දියණියක කියා ඇත." ලැජ්ජා ඇත්නම් කරයිද මෙහෙම වැඩක්. (නි)
රට කන්නේ මේ වගේ ගැහැණු. අර එක්කෙනෙක් පොලිසියෙන් ලයිසන් එක ගත්තා කියලා නටපු නැටුමත් අපි දැක්කනේ. (නි)
මගේ අත්දැකීම අනුව ඔය ප්‍රදේශයේ බහුතරයක් බවලතුන් හරිම පංගු පේරුයි. කාගෙන් හරි කඩා වඩා ගන්න මිසක් අනෙක් අයට දෙන්න කැමැත්තක් නැහැ. (ස)